බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන විට සිරගත කෙරුණු භික්ෂූන්ට සිවුර අඳින්න ඉඩ දෙන්න.. - යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය ඉල්ලති..
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා යම් කටයුත්තක් සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී ගිහි ඇඳුම් වෙනුවට උන්වහන්සේලාගේ ශාසනික නිල ඇඳුම වන සිවුර පොරවාගෙන යාමට නීතිමය ඉඩක් සලසා දෙන ලෙස ඉල්ලමින් යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ලිපියක් යොමුකර ඇත.
එහි සභාපති ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය රත්මලේ පුඤ්ඤරතන හිමි සහ මහා ලේඛකාධිකාරී සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මොරවක සෝරත හිමි යන ස්වාමීන් වහන්සේලාගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම ලිපිය මගින් පෙන්වා දෙන්නේ, අධිකරණ තීන්දුවලට අවනත වෙමින් වැරදිකරුවන් වන හිමිවරුන්ට බන්ධනාගාර නීතිරීති ක්‍රියාත්මක වීම සාමාන්‍ය දෙයක් බවයි.
එහෙත්, පිටතට රැගෙන යන අවස්ථාවලදී උන්වහන්සේලා ගිහි ඇඳුමින් සිටින අයුරු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම බෞද්ධ මෙන්ම අබෞද්ධ ජනතාවගේද දැඩි කම්පනයට හේතුවන බව එහි සඳහන් වේ.
දඬුවම් කාලය නිමවීමෙන් පසු මෙම හිමිවරුන් නැවතත් සමාජයේ ආගමික හා අධ්‍යාත්මික සේවාවන්හි නිරත විය යුතු බැවින්, එම දඬුවම පුද්ගල පෞරුෂයට හානි නොවන පුනරුත්තාපන ලක්ෂණවලින් යුක්ත විය යුතු බව භික්ෂු සංගමය පෙන්වා දෙයි.
එබැවින් බන්ධනාගාරයෙන් පිටතදී සිවුර දැරීමට අවස්ථාව දීම මහජනතාවගේ සිතුවිලිවලට ගරු කිරීමක් මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයට ද යහපත් බලපෑමක් ඇති කරන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම ලිපියේ පිටපත් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්, ජනාධිපතිවරයා සහ විෂයභාර අමාත්‍යවරයා වෙත ද යොමුකර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..