ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සමන්තභද්‍ර හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට කටයුතු කිරීමට වඩා, 1848 නිදහස් සටනේදී කුඩාපොළ හිමියන්ට සිදුකළාක් මෙන් උන්වහන්සේට ද සිවුර පිටින්ම වෙඩි තබා ඝාතනය කිරීම වඩාත් උචිත බව පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සමන්තභද්‍ර හිමියෝ ප්‍රකාශ කරති.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ, ඥානසාර හිමියන් නැවත බන්ධනාගාරගත වීම යනු අලුත් දඬුවමක් නොව මීට පෙර අධිකරණය ලබාදුන් තීන්දුවක ඉතිරි කොටස බලාත්මක කිරීමක් පමණක් බවයි.
මීට පෙර අවස්ථාවලදී ද උන්වහන්සේ බන්ධනාගාරයේ රැඳී සිටියේ චීවරය පිටින්ම බව මතක් කරදුන් සමන්තභද්‍ර හිමියෝ, මෙම කරුණ මුල් කරගෙන රට තුළ අනවශ්‍ය අර්බුද නිර්මාණය නොකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
රටක් පාලනය කිරීමේදී පාලකයන් 'දස රාජ ධර්මය' අනුගමනය කළ යුතු බව අවධාරණය කළ උන්වහන්සේ, එහි එන 'ඛන්තී' (ඉවසීම) සහ 'අවිරෝධතා' (මහජන මතයට සහ ධර්මයට එරෙහි නොවීම) යන අවසන් ගුණාංග දෙක පිළිබඳව විශේෂයෙන් සිහිපත් කළහ.
පාලකයකු නිරතුරුවම ඉවසීමෙන් යුක්ත විය යුතු බවත්, ජනතාව සමග ගැටුම් ඇති කර නොගත යුතු බවත් පෙන්වා දුන් උන්වහන්සේ, එම මූලධර්ම නිසි පරිදි ක්‍රියාත්මක කරන්නේ නම් මෙවැනි අර්බුද පහසුවෙන් පාලනය කරගත හැකි බව ද සඳහන් කළහ.
එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේදී මෙම ප්‍රශ්නය හැසිරවූ ආකාරය ද උන්වහන්සේගේ දැඩි විවේචනයට ලක්විය. අදාළ ලියකියවිලි පරීක්ෂා කර බලා එවකට ජනාධිපතිවරයාට මෙම ගැටලුව නිරාකරණය කිරීමට හැකියාව තිබූ බව පෙන්වා දුන් උන්වහන්සේ, ඥානසාර හිමියන් කිසිවෙකු ඝාතනය කර හෝ සොරකම් කර නැති අපරාධකාරයෙකු නොවන බව ප්‍රකාශ කළහ. අධිකරණ තීන්දුව තමන් පිළිගන්නා නමුත්, අදාළ චෝදනාවල ලිපි ලේඛන නැවත පරීක්ෂා කර අඩුපාඩු හඳුනාගෙන ජනාධිපතිවරයාට සුදුසු සමාවක් ලබාදීමේ අවස්ථාව තවමත් පවතින බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති