උඩරට දුම්රිය ධාවනය ආරම්භ කරල තියෙන්නේ NBRO අනුමැතියක් නැතිව.. - දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් චෝදනා..
නායයාම් සහ ගල් කඩා වැටීමේ අවදානම් සහිත උඩරට දුම්රිය මාර්ගයේ නැවත දුම්රිය ධාවනය ආරම්භ කර ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) නිසි අනුමැතියකින් තොරව බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේ, කඩිගමුව සහ ගංගොඩ අතරදී දුම්රිය මාර්ගයට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් පේරාදෙණිය සිට කොළඹ-කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් පීලි පැනීමට ලක්වූ පසුබිමකය.
පස් කන්ද කඩා වැටෙනු දැක හදිසි තිරිංග ක්‍රියාත්මක කළද දුම්රිය නවත්වා ගැනීමට නොහැකි වූ බව එහි රියැදුරු සඳහන් කළ අතර, අනතුරෙන් පසුව මගීන් බස් රථ යොදා රඹුක්කන දක්වා ප්‍රවාහනය කිරීමට පියවර ගෙන තිබුණි.
දිට්වා සුළි කුණාටුවෙන් පසු රඹුක්කනට සීමා වී තිබූ උඩරට දුම්රිය ගමනාගමනය, පේරාදෙණිය දක්වා ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව යළි ආරම්භ කෙරිණි. කෙසේ වෙතත්, පීලි පැනීමට ලක්වූ දුම්රිය යථා තත්ත්වයට පත්කිරීමෙන් පසු පස්වරුවේ සිට කොළඹ කොටුවේ සිට ගම්පොළ සහ පේරාදෙණිය බලා ධාවනය වන දුම්රිය ගමන් වාර නැවත ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..
මේ හදන්නේ පන්සලට ඇති බලය ඉවත් කරන්න.. රට ඇතුළේ වෙන දේවල් ගැන හුඟක් අය දන්නේ නෑ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් විශේෂ අනාවරණයක්
මහින්දට කිලෝමීටර් 120ක් හදන්න රු. බිලියන 115යි.. අනුරට කිලෝමීටර් 19ක් හදන්න බිලියන 112යි.. - මහින්ද පතිරණ හෙළිකරන කතාව