මඩකලපුව දිවුලපතාන සිංහල ගොවීන්ගේ වගාබිම්වලට ගවයින් මුදාහැරීමෙන් හානි.. – වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක්..
ම
ඩකලපුව දිස්ත්‍රික්කයේ දිවුලපතාන ප්‍රදේශයේ සිංහල ගොවීන් විසින් බිම් සකස් කර බීජ වපුරා ඇති වගාබිම් වෙත විශාල වශයෙන් ගවයින් මුදාහැරීම හේතුවෙන් තමන්ගේ වගාවන්ට දැඩි ලෙස හානි සිදුවෙමින් පවතින බව ප්‍රදේශයේ ගොවි ජනතාව චෝදනා කරති.
මීට පෙර මහවැලි නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී, සිංහල ගොවීන් මෙම භූමියෙන් ඉවත් නොවන්නේ නම් දැනට වගා කර ඇති භූමි වෙත විශාල වශයෙන් ගවයින් මුදාහරින බවට තර්ජනයක් සිදු වූ බව ගොවීන් පෙන්වා දෙයි. එම සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපතාන ගොවි සමිතිය විසින් ඊයේ දිනයේදී පොලිසිය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත්, එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබියදීත් අද දිනයේදී මෙලෙස විශාල වශයෙන් ගවයින් වගාබිම් වෙත මුදාහැර ඇති අතර, මෙම ක්‍රියාව රාසමානික්කම් මහතාට සම්බන්ධ පිරිසක් විසින් සිදුකර ඇති බවට ගොවීන්ගෙන් චෝදනා එල්ල වේ. මෙම චෝදනාව සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකළ යුතු බවද ඔවුහු පවසති.
ජාති හෝ ආගම් භේදයකින් තොරව මඩකලපුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුහුණ දෙන මෙම ගැටලුව පිළිබඳව කඩිනම් හා සාධාරණ විමර්ශනයක් සිදු කරන ලෙස ප්‍රදේශවාසීන් සහ ගොවි සංවිධාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. මෙම සිද්ධිය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්නත්, පෙර සිදු වූ තර්ජන සම්බන්ධයෙන් ගත් නීතිමය ක්‍රියාමාර්ග මොනවාද යන්නත් පරීක්ෂා කර බලා, හිතාමතා වගාබිම් විනාශ කිරීමට කටයුතු කළ පාර්ශ්වයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතියට අනුව කටයුතු කිරීම රාජ්‍යයේ වගකීමක් බව ඔවුහු පෙන්වා දෙති.
මඩකලපුවේ සිංහල ගොවීන්ටද නීතියේ සමාන ආරක්ෂාව ලබාදෙමින්, පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පසුව බලධාරීන් නිසි පියවර ගෙන ඔවුන්ගේ වගාවන් සහ ජීවනෝපාය ආරක්ෂා කරදීමට වහාම මැදිහත් වන ලෙස ප්‍රදේශයේ ගොවි ජනතාව බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..
මේ හදන්නේ පන්සලට ඇති බලය ඉවත් කරන්න.. රට ඇතුළේ වෙන දේවල් ගැන හුඟක් අය දන්නේ නෑ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් විශේෂ අනාවරණයක්
මහින්දට කිලෝමීටර් 120ක් හදන්න රු. බිලියන 115යි.. අනුරට කිලෝමීටර් 19ක් හදන්න බිලියන 112යි.. - මහින්ද පතිරණ හෙළිකරන කතාව
"අද මේ පාලනය පිටුපසින් සිට මෙහෙයවන්නේ අබෞද්ධ කල්ලියක්.. පිරිතත් කෙටියෙන් කියන්න කිව්වලු.." – විමල් වීරවංශ
"මාලිමා ආණ්ඩුව ‘රාජ්‍ය බලය’ අත්පත් කරගැනීමට උත්සාහ කරන්නේ වැරදි ක්‍රමයට.. රාජ්‍ය බලයකට වඩා ආණ්ඩුවකට වැදගත් ‘සදාචාර බලය’යි.." – වෛද්‍ය වසන්ත බණ්ඩාර
බ්‍රසීලය 2026: බහුද්‍රැවීය ලෝකයක ද්‍රැවීකරණය වූ මැතිවරණයක්..
බාල ගල්අඟුරු නිසා මාස 3ට රුපියල් බිලියන 32ක පාඩුවක්.. සමාගමට දඩ බිලියන 7යි.. ජනතාවට බිලියන 25යි..
පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගන්නා අයට ඇප දෙන්න බැහැ.. ඒ බව දැනගෙනම අත්අඩංගුව ගැනීම් කරනවා.. නාමල් සමීක්ෂණයකින් ජනප්‍රියම පුද්ගලයා වෙලා හිටියේ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් හෙළිදරව්වක්
මෙරට ආර්ථික වර්ධනය 3.5%ක් වනු ඇතැයි IMF කියයි...
ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගත්තේ ඇයි?.. නාමල්ට කෝටි 07ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුව විස්තරය..
දිවුලපතාන ගොවීන්ට අන්තවාදීන්ගෙන් දැඩි තර්ජන එල්ලවෙලා.. – හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ගෙන් චෝදනා..
ඥානසාර හිමියන් අත්අඩංගුවට..