Kandy Breeze Night Fest - මහනුවර රාත්‍රී වෙළදපළ අරඹයි..
"මහනුවර නගරය ආලෝකමත් කරමු" තේමාවෙන්, දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය සහිත රාත්‍රී වෙළඳපොළ (Kandy Breeze Night Fest) මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් නව මුහුණුවරකින්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් (03) දින ආරම්භ කර තිබේ.
මෙම රාත්‍රී වෙළඳපොළ සඳහා දේශීය හා විදේශීය සංචාරකයන්ගේ සහභාගීත්වයක් දක්නට ලැබීම මෙවරද විශේෂත්වයකි. දේශීය ආහාරපාන, හස්ත කර්මාන්ත සහ සුළු පරිමාණ ව්‍යාපාරික නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශන හා අලෙවි කුටි රැසක් මේ සඳහා එක් කර තිබූ බව වාර්තා වේ.
මෙම වෙළඳ ප්‍රදර්ශනය මහනුවර යටිනුවර වීදිය ආවරණය වන පරිදි පස්වරු 06.00 සිට රාත්‍රී 12.00 දක්වා පවත්වා ඇත.
මෙම වැඩසටහන වර්ණවත් කිරීම සඳහා මධ්‍යම පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් උඩරට, පහතරට සහ උතුරු පළාතේ ශිල්පීන්ගේ දායකත්වයෙන් සංස්කෘතික සංදර්ශනයක් ද, මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය යටතේ අංගම්පොර සංදර්ශනයක් ද සංවිධානය කර ඇත.
තවද, සර්පයන් පිළිබඳ ලොව ප්‍රථම ජාත්‍යන්තර සමුළුව වන “1st World Congress on Snakes – 2026” සඳහා මහනුවරට එක්ව සිටින විදේශීය සංචාරකයෝ පිරිසක් ද මීට එක්ව සිටි බව වාර්තා වේ.
මෙහි සමාරම්භක අවස්ථාව සඳහා මහනුවර මහ නගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, නියෝජ්‍ය නගරාධිපති රුවන් කුමාර ගලපිටිය, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ලේකම් මධුපානි පියසේන, මධ්‍යම පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ ඉනෝදනී තඹවිට, පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත, මධ්‍යම පළාත් සංචාරක අධ්‍යක්ෂ සඳමාලී හේවගේ, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ යන මහත්ම මහත්මීහු සහ මහනුවර වෙළඳ සංගම් නියෝජිතයෝ, ව්‍යවසායකයෝ ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.
මූලාශ්‍රය - lankacnews
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..
මේ හදන්නේ පන්සලට ඇති බලය ඉවත් කරන්න.. රට ඇතුළේ වෙන දේවල් ගැන හුඟක් අය දන්නේ නෑ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් විශේෂ අනාවරණයක්
මහින්දට කිලෝමීටර් 120ක් හදන්න රු. බිලියන 115යි.. අනුරට කිලෝමීටර් 19ක් හදන්න බිලියන 112යි.. - මහින්ද පතිරණ හෙළිකරන කතාව