ඉරාන නැව් සම්බන්ධයෙන් පැතිරෙන කතා අසත්‍යයි.. – ඇමති විජිත කියයි
මෙරට මුහුදු සීමාව ආසන්නයේ රැඳී සිටින ඉරාන නෞකා සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයකින් බලපෑමක් එල්ල වී නොමැති බවත්, ශ්‍රී ලංකා රජය තීන්දු තීරණ ගනු ලබන්නේ රටේ ස්වෛරීභාවය සහ අනන්‍යතාව සුරකිමින් බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ඊයේ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින උද්‍රික්ත තත්ත්වය හේතුවෙන් නාවික ගමනාගමනය සංකීර්ණ වී ඇති බවයි.
මේ නිසා ශ්‍රී ලංකාවට අමතරව මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් ආසන්නයේ ඇති ජාත්‍යන්තර මුහුදු සීමාවන්හිද නෞකා රැසක් නවතා ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ නෞකා 47ක් පමණ නවතා ඇති අතර, ඒවා මෑතකදී පැමිණි ඒවා නොව දීර්ඝ කාලයක සිට අදාළ ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවතින නෞකා වේ. එම නෞකා අතුරින් 19ක් ඉරාන නෞකා වන නමුත්, ඒ කිසිවක් ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය මුහුදු සීමාව ඇතුළත පිහිටා නොමැත.
අදාළ නෞකාවලට ආහාර හෝ ජලය සැපයීම වළක්වන ලෙස අමෙරිකාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, රජයට එවැනි කිසිදු බලපෑමක් හෝ දැනුම්දීමක් සිදුකර නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
එසේම දැනට ත්‍රිකුණාමල වරායේ නවතා ඇති 'IRIS Bushehr' නෞකාවේ සිටින නාවිකයන් 13 දෙනාට අවශ්‍ය ආහාර, නවාතැන් සහ ආරක්ෂාව ලබාදෙමින් එම නෞකාව සුරක්ෂිතව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටී. අමෙරිකාව විසින් සම්බාධක පනවා ඇති නෞකාවලට භාණ්ඩ ප්‍රවාහනය කිරීම හෝ සැපයුම් ලබාදීම ශ්‍රී ලංකා රජය විසින් සිදුකර නොමැති අතර, ශ්‍රී ලංකාව සෑම විටම ජාත්‍යන්තර සාගර නීතියට අනුකූලව කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික පිහිටීම නිසා දිනපතා ලෝකයේ විවිධ රටවලට අයත් නෞකා විශාල සංඛ්‍යාවක් දිවයින ආසන්නයෙන් ගමන් කරන බැවින්, ජාත්‍යන්තර නීතියට අනුව අවශ්‍ය ඕනෑම අවස්ථාවක එම නෞකාවලට සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකාව බැඳී සිටින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..
මේ හදන්නේ පන්සලට ඇති බලය ඉවත් කරන්න.. රට ඇතුළේ වෙන දේවල් ගැන හුඟක් අය දන්නේ නෑ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් විශේෂ අනාවරණයක්
මහින්දට කිලෝමීටර් 120ක් හදන්න රු. බිලියන 115යි.. අනුරට කිලෝමීටර් 19ක් හදන්න බිලියන 112යි.. - මහින්ද පතිරණ හෙළිකරන කතාව