ඥානසාර හිමි රිමාන්ඩ්..
වරෙන්තු නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගන්නා ලද බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෙට (4) දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
මෙම වරෙන්තුවලට අදාළ මෝසමක් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් වරයගේ නිල මැදිරියේ කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගන්නා ලද ඥානසාර හිමියන්ව අද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් දැනුම් දී ඇත්තේ, සැකකාර ඥානසාර හිමියන් අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ වරෙන්තුවලට අනුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන බවය.
උන්වහන්සේට අභියාචනාධිකරණයෙන්, කොළඹ මහාධිකරණයෙන් සහ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙන බවත් පොලිසිය සඳහන් කර සිටියේය.
එම අවස්ථාවේ විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ පසන් කරුණාරත්න මහතා සමග පෙනී සිටි නීතීඥ ඉරේෂ් සෙනෙවිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායක හිමියන් මානසික වශයෙන් කඩාවැටීමකට ලක්ව සිටි නිසා උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයකට ගොස් එහි රැඳී සිටි බව සඳහන් කළේය.
උන්වහන්සේට විශේෂ ආරක්ෂාවක් සලසා දෙන ලෙස පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වාර්තාව තුළින් ද සඳහන් කර තිබූ බව පෙන්වා දුන් නීතිඥ සෙනෙවිරත්න මහතා, ඒ අනුව බන්ධනාගාරය තුළදී උන්වහන්සේට විශේෂ ආරක්ෂාවක් සලසා දීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විත්තිකාර ඥානසාර හිමියන්ව රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියම කළේය.
ඒ අනුව ඥානසාර හිමියන්ව අභියාචනාධිකරණය හමුවේ පවතින වරෙන්තුව සඳහා හෙට දින එම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ අතර, කොළඹ මහාධිකරණය හමුවේ පවතින වරෙන්තුව සඳහා අනිද්දා කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.
ඊට අමතරව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින වරෙන්තුව සඳහා ලබන බදාදා උන්වහන්සේව එම අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී බන්ධනාගාර නිලධාරීන්ට නියම කර ඇත.
එමෙන්ම රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද ඥානසාර හිමියන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මහෙස්ත්‍රාත්වරයා මෙහිදී බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේය.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"මාලිමා ආණ්ඩුව ‘රාජ්‍ය බලය’ අත්පත් කරගැනීමට උත්සාහ කරන්නේ වැරදි ක්‍රමයට.. රාජ්‍ය බලයකට වඩා ආණ්ඩුවකට වැදගත් ‘සදාචාර බලය’යි.." – වෛද්‍ය වසන්ත බණ්ඩාර
බ්‍රසීලය 2026: බහුද්‍රැවීය ලෝකයක ද්‍රැවීකරණය වූ මැතිවරණයක්..
බාල ගල්අඟුරු නිසා මාස 3ට රුපියල් බිලියන 32ක පාඩුවක්.. සමාගමට දඩ බිලියන 7යි.. ජනතාවට බිලියන 25යි..
පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගන්නා අයට ඇප දෙන්න බැහැ.. ඒ බව දැනගෙනම අත්අඩංගුව ගැනීම් කරනවා.. නාමල් සමීක්ෂණයකින් ජනප්‍රියම පුද්ගලයා වෙලා හිටියේ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් හෙළිදරව්වක්
මෙරට ආර්ථික වර්ධනය 3.5%ක් වනු ඇතැයි IMF කියයි...
ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගත්තේ ඇයි?.. නාමල්ට කෝටි 07ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුව විස්තරය..
දිවුලපතාන ගොවීන්ට අන්තවාදීන්ගෙන් දැඩි තර්ජන එල්ලවෙලා.. – හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ගෙන් චෝදනා..
ඥානසාර හිමියන් අත්අඩංගුවට..
flydubai ගුවන් යානයේ අනතුර සිදුවුවා නම් සහ සිරිල් ගාමිණී පියතුමා ඊශ්‍රායලයේ සිටියා නම්..
ජනපති අනුරට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
ආර්ථිකය වර්ධනය වුවත් ව්‍යාපාර බිඳවැටීමේ අවදානමක්..
කෘත්‍රිම බුද්ධි පෙම්වතුන් සහ පෙම්වතියන්ට චීනයෙන් දැඩි සීමා..
නාමල්ට කෝටි 07ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුවේ 2012 සිට 2026 දක්වා දින වකවානු සහිත සම්පූර්ණ විස්තරය..
පෙට්‍රල් 292ට ගෙනත් විකුණන්නේ 414ට.. ඉන්ධනවලින් පාඩු කතාව බොරුවක්.. මිල සූත්‍රය වහා හෙළි කරන්න.. - පාඨලී
ඉරාන නෞකා 19කට සැපයුම් දුන්නොත් සම්බාධක.. අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට දන්වයි..
ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය තවමත් සුදුසු මට්ටමක නැහැ.. නායකයන්ගේ පරස්පර කතා නිසා ආයෝජකයන් දෙගිඩියාවෙන්.. – අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්