බාල ගල් අඟුරු පාඩුව පියවන්න සෑම නිවසකින්ම රු. 8,500ක් වැඩිපුර අය කරන්න වෙලා.. - ඩී.වී. චානක
වත්මන් පාලනය යටතේ සිදු වන වංචා, දූෂණ සහ අසාර්ථකත්වයන් යටපත් කරමින් ජනතා අවධානය වෙනතකට යොමු කිරීම සඳහා රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ ප්‍රධාන උපක්‍රමයක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා චෝදනා කරයි.
පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, ආණ්ඩුව සිදු කරන බරපතළ මගඩි එළිවන සෑම අවස්ථාවකදීම රාජපක්ෂවරුන් අත්අඩංගුවට ගනිමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම මොවුන්ගේ සිරිත වී ඇති බවයි.
වත්මන් ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළ මන්ත්‍රීවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රට භාර ගන්නා විට රුපියල් 283 ක්ව පැවති ඩීසල් ලීටරයක මිල අද වන විට රුපියල් 392 දක්වා ඉහළ ගොස් ඇති බවත්, එය රුපියල් 400 ඉක්මවා 500 සීමාවට ගමන් කරමින් පවතින බවත් සඳහන් කළේය.
අතීතයේදී උගන්ඩාවට ගුවන් යානාවලින් ඩොලර් බිලියන ගණන් පැටවූ බවට සහ මහජන මුදල් කෝටි ගණනින් වංචා කළ බවට මහා මුසාවන් පවසමින් ජනතාව නොමඟ යවා බලයට පැමිණි පාලකයන් අද වන විට ජනතාව දැඩි පීඩාවකට ඇද දමා ඇති බවද ඔහු පැවසීය. නීතිය ක්‍රියාත්මක වීම විපක්ෂයට පමණක් සීමා නොවී, ආණ්ඩුව වැරදි කරන විට ආණ්ඩුවට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වීම සැබෑ යුක්තිය බව හෙතෙම අවධාරණය කළේය.
එසේම, රටට ආනයනය කළ ගල් අඟුරු නැව් 19 ම අසමත් වීමෙන් රුපියල් බිලියන 50 ක (රුපියල් මිලියන 50,000 ක) මහා පරිමාණ පාඩුවක් සිදුවී ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා, විදුලිය පාවිච්චි කරන ලංකාවේ ලක්ෂ 60 ක් වන පාරිභෝගිකයන්ගෙන් සෑම නිවසකින්ම රුපියල් 8,500 බැගින් වැඩිපුර අය කරගනිමින් මෙම පාඩුව පියවා ගැනීමට පියවර ගෙන ඇති බවට චෝදනා කළේය.
මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි 13 ක් සහ CID යට පැමිණිලි 10 කට වඩා ඉදිරිපත් කර තිබුණද, සිද්ධියට වගකිව යුතු අනුර කුමාර දිසානායක මහතා හෝ කුමාර ජයකොඩි යන අයගෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවත්, ඔවුන් නීතියට උඩින් සිටින බවත් ඔහු කියා සිටියේය.
තවද, අතීතයේදී නිදහස් කරගත් ආන්දෝලනාත්මක කන්ටේනර් 323 නිදහස් කරන සමයේ ඊට අදාළ විෂයභාර අමාත්‍යවරයා වූයේ අනුර කුමාර දිසානායක මහතා බවත්, ඒ තුළ තිබුණේ මොනවාදැයි අදටත් කිසිවෙකු නොදන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෑතකදී හසු වූ රුපියල් කෝටි 800 ක හෙරොයින් අඩංගු කන්ටේනරය වැටලූ නියෝජ්‍ය පොලිස්පතිවරයා (DIG) ඇතුළු කණ්ඩායම වහා මාරු කිරීමට කටයුතු කළේ, පෙර කී කන්ටේනර් 323 තුළද තිබුණේ මත්ද්‍රව්‍ය දැයි ජනතාව තුළ සාධාරණ සැකයක් මතුවීම වැළැක්වීමට බව හෙතෙම පෙන්වා දුන්නේය. ඊට අමතරව ඩොලර් මිලියන 2.5 ක (රුපියල් කෝටි 80 ක) මුදලක් පිටතට පැන්නීමේ ගනුදෙනුව සම්බන්ධයෙන්ද මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව ඔහු පැවසීය.
අවසාන වශයෙන්, නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින රගර් තරගාවලි නඩුව පිළිබඳව අදහස් දැක්වූ ඩී.වී. චානක මහතා, තරගාවලියේ සංවිධායකයන්ගෙන් වසර 12 ක් තිස්සේ කටඋත්තරයක් පවා ලබා නොගෙන, අදාළ මුදල් නිසි ක්‍රමවේදයට මණ්ඩල අනුමැතිය සහිතව ලබා දුන් බවට ඉන්දියානු පාර්ශ්වය සාක්ෂි දී තිබියදීත්, සාක්ෂිකරුවන් වැරදිකරුවන් කරමින් නාමල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බව ප්‍රකාශ කළේය.
මෙලෙස ගල් අඟුරු වංචාව, කන්ටේනර් මගඩිය සහ ඩොලර් මිලියන 2.5 ගනුදෙනුව වැනි ආණ්ඩුවේ හොරකම් එළිවන සෑම අවස්ථාවකදීම ජනමාධ්‍ය තුළ වෙනත් මාතෘකා මවමින් ඒවා වසාගැනීමට රාජපක්ෂවරුන් අත්අඩංගුවට ගන්නා බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"මාලිමා ආණ්ඩුව ‘රාජ්‍ය බලය’ අත්පත් කරගැනීමට උත්සාහ කරන්නේ වැරදි ක්‍රමයට.. රාජ්‍ය බලයකට වඩා ආණ්ඩුවකට වැදගත් ‘සදාචාර බලය’යි.." – වෛද්‍ය වසන්ත බණ්ඩාර
බ්‍රසීලය 2026: බහුද්‍රැවීය ලෝකයක ද්‍රැවීකරණය වූ මැතිවරණයක්..
බාල ගල්අඟුරු නිසා මාස 3ට රුපියල් බිලියන 32ක පාඩුවක්.. සමාගමට දඩ බිලියන 7යි.. ජනතාවට බිලියන 25යි..
පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගන්නා අයට ඇප දෙන්න බැහැ.. ඒ බව දැනගෙනම අත්අඩංගුව ගැනීම් කරනවා.. නාමල් සමීක්ෂණයකින් ජනප්‍රියම පුද්ගලයා වෙලා හිටියේ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් හෙළිදරව්වක්
මෙරට ආර්ථික වර්ධනය 3.5%ක් වනු ඇතැයි IMF කියයි...
ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගත්තේ ඇයි?.. නාමල්ට කෝටි 07ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුව විස්තරය..
දිවුලපතාන ගොවීන්ට අන්තවාදීන්ගෙන් දැඩි තර්ජන එල්ලවෙලා.. – හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ගෙන් චෝදනා..
ඥානසාර හිමියන් අත්අඩංගුවට..
flydubai ගුවන් යානයේ අනතුර සිදුවුවා නම් සහ සිරිල් ගාමිණී පියතුමා ඊශ්‍රායලයේ සිටියා නම්..
ජනපති අනුරට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
ආර්ථිකය වර්ධනය වුවත් ව්‍යාපාර බිඳවැටීමේ අවදානමක්..
කෘත්‍රිම බුද්ධි පෙම්වතුන් සහ පෙම්වතියන්ට චීනයෙන් දැඩි සීමා..
නාමල්ට කෝටි 07ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුවේ 2012 සිට 2026 දක්වා දින වකවානු සහිත සම්පූර්ණ විස්තරය..
පෙට්‍රල් 292ට ගෙනත් විකුණන්නේ 414ට.. ඉන්ධනවලින් පාඩු කතාව බොරුවක්.. මිල සූත්‍රය වහා හෙළි කරන්න.. - පාඨලී
ඉරාන නෞකා 19කට සැපයුම් දුන්නොත් සම්බාධක.. අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට දන්වයි..
ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය තවමත් සුදුසු මට්ටමක නැහැ.. නායකයන්ගේ පරස්පර කතා නිසා ආයෝජකයන් දෙගිඩියාවෙන්.. – අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්