අපේ වචනයකට කෙළින්නනේ බලාගෙන ඉන්නේ.. විද්‍යාත්මක ඇත්තක් කිව්වම ‘මූ මහා පුදුම කෘෂිකර්ම ඇමැතියෙක්’ කියලා මට බනිනවා.. – ඇමති ලාල්කාන්ත
ආණ්ඩුවේ නිලධාරීන් සහ ප්‍රකාශකයන් දක්වන අදහස් අතුරින් ඇතැම් කොටස් පමණක් තෝරා ගනිමින් ඇතැම් මාධ්‍ය නාලිකා රජය විවේචනය කිරීමට උත්සාහ කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
ජනතාවට මාධ්‍ය නාලිකාවල පවතින විශ්වසනීයත්වය පිළිබඳ මනා අවබෝධයක් ඇති බවත්, ඔවුන් ප්‍රවෘත්තිවල සත්‍ය අසත්‍යතාව හඳුනාගන්නේ ඒ අනුව බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“අපේ වචනයකට කෙළින්නනේ බලාගෙන ඉන්නේ… ඇති තරම් කෙළහල්ලා, අපිට මොකෝ! මිනිස්සු මාධ්‍ය දිහා බලද්දී ඒ ඒ නාලිකාවේ ලේබල් එක මොකක්ද කියලා හොඳට බලාගෙනයි නිව්ස් අහන්නේ.
මේක සියත, මේක ITN මේක හිරු… ආ හිරු නම් පචම තමයි. මේක දෙරණ… නයි දෙරණ, දෙරණ නම් නයා තමයි. නයා දානවා කියන්නේ… ඉතින් ඒ වගේ ඒවත් තියෙනවා.
අලුතින් වී වගාවට ඉඩම් යට කළ යුතු නැහැ කියන එක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවත්, අපේ ලේකම්තුමාත් සාක්ෂි දරන විද්‍යාත්මක ඇත්තක්. හැබැයි ඒ ඇත්ත කිව්වාම මුන් කියනවා ‘මූ මහා පුදුම කෘෂිකර්ම ඇමැතියෙක්’ කියලා.
අපේ ලේකම්තුමාට බනිනවා, මට බනිනවා, ආණ්ඩුවට බනිනවා. ඒගොල්ලන්ට ජාතික වශයෙන් රට තියෙන තැන තේරෙන්නෙත් නෑ, තේරුම් ගන්න උවමනාවකුත් නෑ.”
උත්සවයක් අමතමින් ඇමති කේ.ඩී. ලාල්කාන්ත මේ බව සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"මාලිමා ආණ්ඩුව ‘රාජ්‍ය බලය’ අත්පත් කරගැනීමට උත්සාහ කරන්නේ වැරදි ක්‍රමයට.. රාජ්‍ය බලයකට වඩා ආණ්ඩුවකට වැදගත් ‘සදාචාර බලය’යි.." – වෛද්‍ය වසන්ත බණ්ඩාර
බ්‍රසීලය 2026: බහුද්‍රැවීය ලෝකයක ද්‍රැවීකරණය වූ මැතිවරණයක්..
බාල ගල්අඟුරු නිසා මාස 3ට රුපියල් බිලියන 32ක පාඩුවක්.. සමාගමට දඩ බිලියන 7යි.. ජනතාවට බිලියන 25යි..
පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගන්නා අයට ඇප දෙන්න බැහැ.. ඒ බව දැනගෙනම අත්අඩංගුව ගැනීම් කරනවා.. නාමල් සමීක්ෂණයකින් ජනප්‍රියම පුද්ගලයා වෙලා හිටියේ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් හෙළිදරව්වක්
මෙරට ආර්ථික වර්ධනය 3.5%ක් වනු ඇතැයි IMF කියයි...
ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගත්තේ ඇයි?.. නාමල්ට කෝටි 07ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුව විස්තරය..
දිවුලපතාන ගොවීන්ට අන්තවාදීන්ගෙන් දැඩි තර්ජන එල්ලවෙලා.. – හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ගෙන් චෝදනා..
ඥානසාර හිමියන් අත්අඩංගුවට..
flydubai ගුවන් යානයේ අනතුර සිදුවුවා නම් සහ සිරිල් ගාමිණී පියතුමා ඊශ්‍රායලයේ සිටියා නම්..
ජනපති අනුරට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
ආර්ථිකය වර්ධනය වුවත් ව්‍යාපාර බිඳවැටීමේ අවදානමක්..
කෘත්‍රිම බුද්ධි පෙම්වතුන් සහ පෙම්වතියන්ට චීනයෙන් දැඩි සීමා..
නාමල්ට කෝටි 07ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුවේ 2012 සිට 2026 දක්වා දින වකවානු සහිත සම්පූර්ණ විස්තරය..
පෙට්‍රල් 292ට ගෙනත් විකුණන්නේ 414ට.. ඉන්ධනවලින් පාඩු කතාව බොරුවක්.. මිල සූත්‍රය වහා හෙළි කරන්න.. - පාඨලී
ඉරාන නෞකා 19කට සැපයුම් දුන්නොත් සම්බාධක.. අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට දන්වයි..
ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය තවමත් සුදුසු මට්ටමක නැහැ.. නායකයන්ගේ පරස්පර කතා නිසා ආයෝජකයන් දෙගිඩියාවෙන්.. – අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්