2025 ශිෂ්‍ය කණ්ඩායම තව මාස ගාණකට විශ්වවිද්‍යාලයට බඳවා ගැනීමේ හැකියාවක් නෑ.. - FUTA හෙළිකරයි..
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු විසඳීමට ආණ්ඩුව පියවර නොගැනීම හේතුවෙන් 2025 උසස් පෙළ ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීමට හෝ ඔවුන්ට ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට හැකියාවක් නොමැති බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි.
එහි ලේකම්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය මෙම අර්බුදය ඇති වීමට ප්‍රධාන හේතුව වී ඇති බවය.
ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ එක් පීඨයක 2024 උසස් පෙළ සිසුන්ගේ පළමු සතියේ අධ්‍යයන කටයුතු ආරම්භ වූයේ ද පසුගිය සතියේ වන බවය.
මෙවැනි තත්ත්වයක් හමුවේ 2025 කණ්ඩායම ලබන සැප්තැම්බර් මාසයේදී බඳවා ගැනීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බවත්, ශිෂ්‍ය කණ්ඩායම් 04ක් සිටිය යුතු විශ්වවිද්‍යාල තුළ දැනටමත් කණ්ඩායම් 05ක් හෝ 06ක් රැඳී සිටින බවත් ඔහු පැවසීය.
උසස් පෙළ අවසන් කිරීමෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන්ට වසර 02ක් හෝ 03ක් නිවසට වී බලා සිටීමට සිදුවී ඇති අතර, පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී එය වසර 04ක් දක්වා දීර්ඝ වීමේ බරපතළ අවදානමක් නිර්මාණය වී ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
පසුගිය කාලය පුරා මෙම ශිෂ්‍ය කණ්ඩායම් කළමනාකරණය කරගැනීමට ආචාර්යවරුන් කටයුතු කළ ද, තවදුරටත් මෙවැනි තත්ත්වයක් යටතේ කටයුතු කිරීමට ආචාර්යවරුන් සූදානම් නොමැති බව ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුරට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
ආර්ථිකය වර්ධනය වුවත් ව්‍යාපාර බිඳවැටීමේ අවදානමක්..
කෘත්‍රිම බුද්ධි පෙම්වතුන් සහ පෙම්වතියන්ට චීනයෙන් දැඩි සීමා..
නාමල්ට කෝටි 07ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුවේ 2012 සිට 2026 දක්වා දින වකවානු සහිත සම්පූර්ණ විස්තරය..
පෙට්‍රල් 292ට ගෙනත් විකුණන්නේ 414ට.. ඉන්ධනවලින් පාඩු කතාව බොරුවක්.. මිල සූත්‍රය වහා හෙළි කරන්න.. - පාඨලී
ඉරාන නෞකා 19කට සැපයුම් දුන්නොත් සම්බාධක.. අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට දන්වයි..
ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය තවමත් සුදුසු මට්ටමක නැහැ.. නායකයන්ගේ පරස්පර කතා නිසා ආයෝජකයන් දෙගිඩියාවෙන්.. – අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්
ෆ්ලයි ඩුබායි ගුවන් යානයේ සිදුවීම වැරදුණ කුරුමානමක්ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
SDIG රන්මල් ඇතුළු පොලිස් නිලධාරින් පිරිසකගේ ස්ථාන මාරුවීම් මහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසමෙන් අවලංගු කරයි..
ගෝලීය AI තරගයේ බලතුලනය වෙනස් කිරීමට චීනයෙන් දැවැන්ත පියවරක්.. ජාත්‍යන්තර සහයෝගීතාව සහ ජාතික ආරක්ෂාව එකට ගෙන තීරණාත්මක උපායමාර්ගය එළිදක්වයි..
බ්‍රිතාන්‍යය නැවතත් යුරෝපා සංගමයට එක්වීමේ ඉඩක්.. – අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම්ගෙන් පැහැදිලි සංඥාවක්..
"ආණ්ඩුවට 159ක බලයක් තියෙද්දී රාජ්‍ය බලය නෑ කියන්නේ විහිළුවක්" – වෛද්‍ය වසන්ත බණ්ඩාර
සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..
ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!
සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ
සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ