News Category
From Date
To Date
Maximum Number of Result

දුදස්සනගේ මොළේ පැතැළියි..

Oct 1, 2026 at 01:41 PM
|

දුදස්සනගේ මොළේ පැතැළියි

පහුගිය දවස්වල දුදස්සන මෙහෙම කතාවක් කියනවා ඇහුණා.

=== === === === ===

“අටුවාවට අනුව ඔබතුමන්ලට කියන්න ‘පොළොව තැටියක්’ කියලා කියන්නේ. බෞද්ධ අටුවාවේ. බෞද්ධ අටුවාවේ කියන්නේ පොළොව තැටියක් කියලා. දැන් එතකොට මම ‘පොළොව තැටියක්’ කියලා පිළිගන්න ඕනෙ ද? දැන් මම පොළොව තැටියක් කියලා පිළිගත්තේ නැති වුණොත්, මම ධර්ම විකෘතිකයෙක් වෙනවා. මෙයාලා කියන්නේ මම පොළොව තැටියක් කියලා මට පිළිගන්නයි කියලා.”

=== === === === ===

මේ කතාව දුදස්සනගේ තවත් ටොම් පචයක් විතරයි. කිසිම අටුවා ග්‍රන්ථයක “පොළොව තැටියක්” කියලා සඳහන් කරලා නෑ.

අපි සාමාන්‍ය ව්‍යවහාරයේ දී, පෘථිවියට “ලෝකය” කියලා කියනවා. ඒ විදිහට ම, අපි පෘථිවියේ සිතියමට “ලෝක සිතියම” කියලත් කියනවා. හැබැයි, බෞද්ධ ලෝක විග්‍රහය ඒ ව්‍යවහාරයට සීමාවෙච්ච එකක් නෙවෙයි.

බෞද්ධ විග්‍රහය තුළ විවිධාකාරයෙන් වර්ග කරපු සමස්තයන් හඳුන්වන පදයක් විදිහට “ලෝක” වචනය යොදාගෙන තියෙනවා.

බඹයක් පමණ වන මේ ශරීරය තුළ ම ලෝකය, එහි හටගැනීම, නිරෝධය හා නිරෝධ මාර්ගය පනවන බව සංයුක්ත නිකායේ රෝහිතස්ස සූත්‍රයේ සඳහන්. අංගුත්තර නිකායේ ලෝක සූත්‍රය කියන නමින් ම දේශනාවක් තියෙනවා. ඒ දේශනාවෙනුත් ලෝකාවබෝධය ගැන, ලෝකය හටගැනීම ගැන, සහ ලෝක නිරෝධය ගැන කියනවා. ලෝකය තේරුම්ගන්න ඕන කොහොම ද කියන කාරණය සංයුක්ත නිකායේ ලෝකායතික සූත්‍රයේ දේශනා කරලා තියෙනවා.

අපි හැමෝම වගේ කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය ගැනත් අහලා තියෙනවා. මේවා භූමි විදිහට 31 කට වෙන් කරලා දක්වන බවත් අපි දන්නවා. මේ භූමි අතරින් කාම ලෝකයට අයිති භූමි 11 සකස්වෙන්නේ  මනුෂ්‍ය ලෝකය, චාතුර්මහාරාජික, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරතිය සහ පරනිම්මිත වසවත්තිය කියන සුගති ලෝකවලින් සහ නිරය, තිරිසන්, ප්‍රේත සහ අසුර කියන දුගති ලෝකවලින්. ස්ථානිය විදිහට දක්වන්න පුළුවන් ලෝක “ඕකාස ලෝක” කියලා හඳුන්වනවා. “භෞතික විශ්වය”, “සක්වල” වගේ ඒවා ඕකාස ලෝක විදිහට හඳුන්වන්න පුළුවන්.

ඉතින් අටුවා ග්‍රන්ථවල මේ ඕකාස ලෝක ගැන විස්තර සඳහන් කරලා තියෙනවා.

අපි මුලින් ම, සමන්තපාසාදිකාවේ (විනය අටුවාවේ) මේ ගැන තියෙන සඳහනක් විමර්ශනය කරමු. ඒ අටුවාවේ මෙහෙම සඳහනක් තියෙනවා.

“එකස්මිං සක්වළලෝකධාතුම්හි සුමේරුපබ්බතරාජා මජ්ඣේ, 

චතුද්දිසාභාගේ චත්තාරෝ මහාදීපා, 

ජම්බුදීපස්ස දක්ඛිණභාගේ මනුස්සලෝකෝ.”

මේ පාඨයේ සිංහල අර්ථය මෙහෙමයි.

“එක්තරා සක්වළ ලෝක ධාතුවක මැදින් සුමේරු පර්වත රාජයා පිහිටා ඇත. ඒ සුමේරු පර්වතය වටා සතර දිශා භාගයන්හි මහා ද්වීප සතරක් ඇත. ජම්බුද්වීපයේ දකුණු භාගයෙහි මනුෂ්‍ය ලෝකය පිහිටා ඇත."

මේ කියන්නේ එක්තරා සක්වළ ලෝක ධාතුවක් ගැන මිසක් පෘථිවිය ගැන නෙවෙයි. 

එහෙම නම්, දුදස්සන මේ තැටියේ කතාව අහුලගන්නේ කොතැනින් ද?

විසුද්ධි මග්ගයේ මෙහෙම සඳහනක් තියෙනවා.

“සක්වලස්ස පරමණ්ඩලභාගෝ, මණ්ඩලාකාරෝ සකලපටලසමානෝ”

මේ ප්‍රකාශයේ සිංහල අර්ථය මෙහෙමයි.

“මුළු සක්වලෙහි පරමණ්ඩල කොටස (පිටත මණ්ඩලය), සම්පූර්ණ පටලයකට / වළල්ලකට සමාන වූ වටකුරු ස්වරූපයෙන් යුක්ත වේ.”

මෙන්න මේක තමයි විසුද්ධි මග්ගයේ තියෙන තැටිය. මේ කියන්නේ පෘථිවිය ගැන නෙවෙයි. මේ කියන්නේ අපේ පෘථිවියත් ඇතුළත් සක්වළ ගැන බව හොඳට ම පැහැදිළියි.

දැන් අපි විසුද්ධි මග්ගයේ තියෙන මේ විස්තරයත් සමන්තපාසාදිකාවේ තියෙන විස්තරයත් එකතු කරලා කියවමු.

“මුළු සක්වලෙහි පරමණ්ඩල කොටස සම්පූර්ණ පටලයකට සමාන වූ වටකුරු ස්වරූපයෙන් යුක්ත වේ. ... එක්තරා සක්වළ ලෝක ධාතුවක මැදින් සුමේරු පර්වත රාජයා පිහිටා ඇත. ඒ සුමේරු පර්වතය වටා සතර දිශා භාගයන්හි මහාද්වීප සතරක් ඇත. ජම්බුද්වීපයේ දකුණු භාගයෙහි මනුෂ්‍ය ලෝකය පිහිටා ඇත.”

ඒ කියන්නේ මැද්දේ සුමේරු පර්වතය තියෙන, ඒ වටා තැටියක් වගේ පරමණ්ඩල කොටසක් සහිත සක්වළක් ගැන බෞද්ධ ඕකාස ලෝක විග්‍රහයකින් කියන බව පැහැදිළියි. මේ කියන සක්වළේ මැද්දේ ඒක රාශිවෙච්ච කන්දක් (මහා මේරුව) තියෙනවා. ඒ වටේ තැටියක් තියෙනවා. (මේ කියන්නේ තරු කන්දක් සහ තරු තැටියක් ගැන ද? ඒ ගැන ඊ ළඟට කියන්නම්).

ඇත්තෙන්ම, මේ කතාව “විද්‍යාත්මක” කරන්න අපි මහන්සිවෙන්න ඕන නෑ. ඒත් පාඨකයන්ගේ කුතුහලය සන්සිඳුවන්න ඕන හින්දා අපිට අලුත් තාරකා විද්‍යා නිරීක්‍ෂණ කීපයක් ගැන සළකා බලන්නත් පුළුවන්. මේ නිරීක්‍ෂණවල හැටියට සක්වළ වර්ග ගණනාවක් තියෙනවා. ඒවා දක්වලා තියෙන්නේ මෙන්න මේ විදිහට.

සර්පිල චක්‍රාවාට (Spiral galaxies), තැටි චක්‍රාවාට (Disc galaxies), කාචාකාර චක්‍රාවාට (Lenticular galaxies), අණ්ඩාකාර චක්‍රාවාට (Elliptical galaxies), අක්‍රමවත් චක්‍රාවාට (Irregular galaxies), මුදු චක්‍රාවාට (Ring galaxies), වාමන චක්‍රාවාට (Dwarf galaxies), අසාමාන්‍ය චක්‍රාවාට (Peculiar galaxies), සක්‍රීය චක්‍රාවාට (Active galaxies), තාරකා පිපුරුම් චක්‍රාවාට (Starburst galaxies), විකිරණ චක්‍රාවාට (Radio galaxies), සීෆර්ට් චක්‍රාවාට (Seyfert galaxies)

දැනට නිරීක්‍ෂණය කරලා තියෙන චක්‍රාවාටවලින් සීයට 60 කට වැඩි ප්‍රමාණයක් සර්පිල චක්‍රාවාට කියලා කියනවා. මෙහෙම චක්‍රාවාට මැද්දේ ගුලියක් (Bulge) තියෙනවා. ඒ ගුලිය හැදිලා තියෙන්නේ පරණ තාරකාවලින් කියලත් කියනවා. ඒ කියන්නේ පරණ තාරකා කන්දකින්. මේ මැද ගුලිය වටේට පැතැලි තැටියක් (Disk  එකක්) විසිරිලා තියෙනවා. ඒ තැටිය හැදිලා තියෙන්නෙත් තරුවලින්. අපි ජීවත්වෙන මේ පෘථිවිය ඇතුළත් සූර්ය ග්‍රහ මණ්ඩලය අයිතිවෙන්නේ ක්‍ෂිරපථය (Milky Way) කියන චක්‍රාවාටයට කියලත් අපි දන්නවා. ක්‍ෂීරපථය කියන්නෙත් සර්පිල චක්‍රාවාටයක්. ඉතින් ක්‍ෂිරපථය මැද්දෙත් තරු ගුලියක් (Galactic Bulge) තියෙනවා. ඒ වටේ තැටියක් විදිහට අනිත් සූර්ය මණ්ඩල විසිරිලා තියෙනවා.

ක්‍ෂීරපථයේ මැද තරු ගුලිය ආලෝක වර්ෂ 10,000 ක් විතර ලොකු විෂ්කම්භයක් තියෙන එකක්. ඒ වගේ ම, ක්‍ෂීරපථයේ මැද ගුලිය (Galactic Bulge එක) වටේ පැතිරිලා තියෙන තරු තැටිය (Galactic Disk එක) අලෝක වර්ෂ 100,000 ක විෂ්කම්භයක් තියෙන එකක්. මේකට අයිති තුනී තරු තැටිය (Thin Disk එක) අලෝක වර්ෂ 1,000 ක් විතර ඝනකමයි. අපේ සූර්යග්‍රහ මණ්ඩලය තියෙන්නෙත් මේ තුනී තරු තැටියේ ම තමයි. ක්‍ෂීරපථයේ මැද තරු ගුලිය (Galactic Bulge එක) වටේ පැතිරිලා තියෙන තරු තැටිය (Galactic Disk එක) වට කරගත්ත ප්‍රභා මණ්ඩලය (Galactic Halo) කියලා එකකුත් තියෙනවා. මේ ප්‍රභා මණ්ඩලය තුළ සූර්යයෝ පැතිරිලා තියෙන්නේ අතරින් පතර.

ක්‍ෂීරපථය කියන්නේ “එක් චක්‍රාවාටයක්” විතරයි. හැබැයි බුදුදහමේ “සහස්ස චක්කවාළ” (එක් දහසක් සක්වල), “දසසහස්ස චක්කවාළ” (දස දහසක් සක්වල), “සතසහස්ස  චක්කවාළ” (ලක්‍ෂයක් සක්වල) ගැනත් දේශනා කරලා තියෙනවා. දස දහස් ගණන් “ලෝක ධාතු” තැනත් සූත්‍ර දේශනාවල කියලා තියෙනවා.

දීඝ නිකායේ මහා සමය සූත්‍රයේ මෙහෙම සඳහන්.

“දස දහසක් ලෝකධාතුවල දෙවිවරු බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේ දකින්නට රැස්වූහ”

මෙහෙම තියෙන මහා ලෝක ධාතු ගැන විස්තරයක් අංගුත්තර නිකායේ චූළනිකා සූත්‍රය තුළත් අන්තර්ගතයි. ඒක හුඟක් දීර්ඝ විස්තරයක් හින්දා මෙතැන ඒ ඔක්කොම විස්තර ලියන්න ඉඩක් නෑ. කොහොම වුනත්, උනන්දුවක් තියෙන අයට “සුතා තෙ ආනන්‍ද, සහස‍්සී චූළනිකා ලොකධාතූති” (ආනන්දය, තා විසින් දහසක් සක්වළ ඇති චූලනීය ලෝකධාතුව ගැන අහලා තියෙනවා ද?) කියලා පටන්ගන්න ඒ විස්තරය කියවන්න පුළුවන්.

ඒත් දුදස්සන මේ මහා ධර්මස්කන්ධය පැත්තකට විසි කරනවා. එහෙම කරන ගමන් මේ පෘථිවයට සක්වළ පටලවනවා. ඊට පස්සේ, අටුවාචාරීන්වහන්සේලාට ගර්හා කරනවා. මොළේ පැතැළි මිනිස්සු වෙන මොනවා කරන්න ද? මේ කුණු කතාවලට ලොකු ප්‍රසිද්ධියකුත් ලැබෙනවා.

මේ, කුණු වපුරන කාලයක්!

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.
කෘත්‍රිම බුද්ධිය (AI) ආර්ථික සංවර්ධනය, ජාත්‍යන්තර තරගකාරීත්වය සහ ජාතික ආරක්ෂාව හැඩගස්වන තීරණාත්මක බලවේගයක් බවට පත්වෙමින් තිබේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම් පවසා ඇත්තේ, Brexit ජනමත විචාරණයෙන් දශකයකට පසුව යුරෝපා සංගමය සමඟ සබඳතා යළි සකස් කිරීමේ විකල්ප පිළිබඳව ඔහුගේ රජය සලකා බලමින් සිටින බැවින්, අවසානයේදී එක්සත් රාජධානියට යුරෝපා සංගමයට යළි එක්වීමට හැකි විය හැකි බවයි.
බටහිර විද්‍යා අධ්‍යාපනය ලැබූ අය විද්‍යුත් චුම්භක තරංග (electro magnetic wave) ගැන අසා ඇත. සංඛ්‍යාතය අනුව ඒවා වර්ග කර ඇත. ගැමා කිරණ, X කිරණ, UV කිරණ, සාමාන්‍ය ආලෝකය, ක්ෂුද්‍ර තරංග, FM/AM/VHF, UHF තරංග විද්‍යුත් චුම්භක තරංගවලට අයත් වේ.
"බාල බෙහෙත්" සහ "ඉන්දියානු ෆාමකෝපියාව" මේ දවස් වල අපිට හැම වෙලේම ඇහෙන වචන දෙකක්. ඇත්තටම මේ වචන දෙකෙන් කියවෙන්නේ මොනවද? මේ දෙක අතරේ මොකක් හරි සම්බන්දයක් තියෙනවා ද? අපි අද ලිපියෙන් ඒ ගැන පොඩි පර්යේෂණයක් කරලා බලමු. බෙහෙතකට "බාල" කියන නම යෙදෙන්නේ කොහොමද කියලා දැනගන්න කලින් අපි බලලා ඉමු අපේ අතට එන බෙහෙත් පෙත්තක් හැදෙන්නේ කොහොමද කියලා.
ශ්‍රී ලංකාව තුළ මහජන ආරක්ෂාව සහ රාජ්‍යයේ ස්ථාවරත්වය තහවුරු කිරීම උදෙසා පනවා ඇති නීති රෙගුලාසි අතර, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ ඒවාට අනුබල දීම් වැළක්වීමේ පනත් විශේෂ ස්ථානයක් ගනී.
අනෙකුත් සෑම විනාශකාරී ප්‍රහාරයක් මෙන්ම, පාස්කු ඉරිදා ප්‍රහාරයද විවිධ පාර්ශ්වයන් විසින් තමන්ගේ වාසිය සඳහා භාවිත කරමින් අනිසි ප්‍රයෝජන ගෙන ඇත. එබැවින් මෙම අවසාන නඩු තීන්දුව සෑම දෙනාම අනිවාර්යයෙන්ම කියවිය යුතු එකකි.
මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයෙන් හා සංඝමිත්තා මහා තෙරණියගේ සම්ප්‍රාප්තියෙන් පසු ක්‍රිස්තු පූර්ව 288 දී අනුරාධපුර මහමෙව්නා උයනේ රෝපණය කරන ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ යනු ලක්වැසි සදැහැවතුන්ගේ ජීවමාන බුදුන් වහන්සේය.
මහනුවර යුගයේ බිහිවූ විශිෂ්ටතම ඉංජිනේරුවෙකු සහ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන දේවේන්ද්‍ර මූලාචාර්යයන් (ඩිංගිත්තා අප්පු) පිළිබඳව තොරතුරු අනාවරණය වන යූටියුබ් වීඩියෝවක් Next page යූටියුබ් නාලිකාව මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

ප්‍රධාන පුවත්

ඉරාන නෞකා 19කට සැපයුම් දුන්නොත් සම්බාධක.. අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට දන්වයි..

ආහාර, ඉන්ධන සහ ජලය නොමැතිව නිරිතදිග මුහුදේ ඇති ඉරාන නෞකා 19ට සැපයුම් දුන්නහොත් ද්විතීක සම්බාධක පනවන බව අමෙරිකාව ශ්‍රී ලංකාවට දන්වා ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය තවමත් සුදුසු මට්ටමක නැහැ.. නායකයන්ගේ පරස්පර කතා නිසා ආයෝජකයන් දෙගිඩියාවෙන්.. – අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්

2022 පැවැති දරුණු ආර්ථික කඩාවැටීමෙන් පසුව ශ්‍රී ලංකාව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබුණද, පවතින අනපේක්ෂිත නියාමන ප්‍රතිපත්ති, දැඩි නිලධාරිවාදය සහ ව්‍යාපෘති හදිසියේ අත්හිටුවීම් හේතුවෙන් මෙරට ආයෝජන වාතාවරණය තවමත් බරපතළ අභියෝගාත්මක මට්ටමක පවතින බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ෆ්ලයි ඩුබායි ගුවන් යානයේ සිදුවීම වැරදුණ කුරුමානමක්ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ඩුබායි සිට ඊශ්‍රායලයේ තෙල් අවීව් දක්වා පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි (Flydubai) ගුවන් යානය තුළ ඇති වූ හදිසි නොසන්සුන්කාරී තත්ත්වය සහ එය සෞදි අරාබියට ගොඩබෑම් සිද්ධිය පිටුපස කිසියම් දේශපාලනමය හෝ ඔත්තු සේවා අරමුණක් තිබේදැයි සැක පහළ වන බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

SDIG රන්මල් ඇතුළු පොලිස් නිලධාරින් පිරිසකගේ ස්ථාන මාරුවීම් මහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසමෙන් අවලංගු කරයි..

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන යන මහත්වරුන් ඇතුළු නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසම විසින් අවලංගු කර තිබේ.

ගෝලීය AI තරගයේ බලතුලනය වෙනස් කිරීමට චීනයෙන් දැවැන්ත පියවරක්.. ජාත්‍යන්තර සහයෝගීතාව සහ ජාතික ආරක්ෂාව එකට ගෙන තීරණාත්මක උපායමාර්ගය එළිදක්වයි..

කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ලෝක ආර්ථිකය, ජාත්‍යන්තර තරගකාරීත්වය සහ ගෝලීය ආරක්ෂක රටාව ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින පසුබිමක, මෙම තාක්ෂණයේ අනාගත ගමන්මග තීරණය කිරීමේ ප්‍රමුඛ බලවේගයක් බවට පත්වීමට චීනය සමත්ව සිටී.

බ්‍රිතාන්‍යය නැවතත් යුරෝපා සංගමයට එක්වීමේ ඉඩක්.. – අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම්ගෙන් පැහැදිලි සංඥාවක්..

Brexit ජනමත විචාරණයෙන් වසර දශකයකට පසුව, එක්සත් රාජධානිය නැවතත් යුරෝපා සංගමය (EU) සමඟ සබඳතා යළි සකස් කිරීමේ විකල්ප පිළිබඳව අවධානය යොමු කරමින් සිටින බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම් ප්‍රකාශ කර සිටී.

"ආණ්ඩුවට 159ක බලයක් තියෙද්දී රාජ්‍ය බලය නෑ කියන්නේ විහිළුවක්" – වෛද්‍ය වසන්ත බණ්ඩාර

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න එනම් 159ක බලයක් හිමි ආණ්ඩුවකට මහජනයා ලබා දී ඇති බලය නිසියාකාරව පාවිච්චි නොකර, තමන්ට 'රාජ්‍ය බලය නැතැයි' පැවසීම විහිළුවක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ සහ යුද හමුදා බුද්ධි බලකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, ඔහුට එරෙහිව එල්ල වී ඇති අමානුෂික වධහිංසා චෝදනා සහ ඔහුගේ බරපතළ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ කමිටු කිහිපයක් එක්ව ශ්‍රී ලංකා රජය වෙත සිය දැඩි කනස්සල්ල පළ කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!

2026 වසරේ මුල් මාස හත (ජනවාරි - ජූලි) තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය පෙර වසරේ සමාන කාලයට සාපේක්ෂව සියයට 69 කින් දැවැන්ත ලෙස වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාව පෙන්වා දෙයි.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

ට්‍රම්ප් තීරණයක් ගැනීමට නොහැකිව අර්බුදයකට හසුවෙලා-ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි

අසර්බයිජානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂහීන් මුස්තාෆයෙව් සමඟ ඊයේ(28) ටෙහෙරාන් නුවර පැවති හමුවකදී ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි “ට්‍රම්ප් සාකච්ඡා කිරීමටවත්, යුද්ධ කිරීමටවත් නොහැකි අර්බුදකාරී තත්ත්වයකට හසුවී සිටිනවා” යැයි පැවසීය.

2027 අයවැය නොවැම්බර් 12 දා..

2027 වසර සඳහා වන අයවැය කතාව ලබන නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළාය.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව ලෝකයේ ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා.. - ජාත්‍යන්තර දේශපාලනය සහ එක්සත් ජාතීන්ගේ සැසිය ගැන උවිඳු විජේවීරගෙන් විශේෂ විග්‍රහයක්..

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සහ ඇමෙරිකානු - චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුල් කරගනිමින් පසුගිය සතියේ ලෝක දේශපාලනයේ සිදුවූ ප්‍රධාන සිදුවීම් සම්බන්ධයෙන් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා Divaina Online යූටියුබ් නාලිකාව සමඟ පැවැත්වුණු සාකච්ඡාවකදී දීර්ඝ ලෙස අදහස් දැක්වීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.