මත්ද්‍රව්‍ය කන්ටේනර් මෙහෙයුමේදී රන්මල් රාජකාරිය පැහැර හැර ඇති බවට විමර්ශනයෙන් අනාවරණයක්..
කොළඹ වරායේ බහාලුමක මත්ද්‍රව්‍ය තොගයක් තිබෙන බවට ලැබුණු තොරතුර සම්බන්ධයෙන් පියවර ගැනීමේදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු අදාළ නිලධාරින් විසින් රාජකාරිය පැහැර හැරීමක් සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.
පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකළ විමර්ශනයට අනුව මේ සම්බන්ධයෙන් අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
පසුගිය අගෝස්තු මස 31 වන දින කොළඹ වරායේ බහාලුමක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිද්ධියට අදාළව පොලිස්පතිවරයාගේ නියෝග පරිදි පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරනු ලැබීය.
එම පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් අඩංගු බහාලුම් දෙකක් ශ්‍රී ලංකාවට අනායනය කර කොළඹ වරායේ ඇති බවට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට අගෝස්තු මස 14 වන දින තොරතුරක් ලැබී ඇති බවය.
එම තොරතුර එදිනම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත දන්වා ඇති බවද සඳහන්ය.
කෙසේවෙතත් අගෝස්තු මස 22 වන දින මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක ඒකනායක නිලධාරියාටද අදාළ තොරතුර ලැබී ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන අගෝස්තු 31 වන දින කොළඹ වරායට ගොස් රේගු නිලධාරින් සමග බහාලුම විවෘත කර මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය.
එම අවස්ථාවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද එම ස්ථානයට පැමිණ ඇති බවත් මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීම සිදුකර ඇත්තේ, මුලිකවම මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ විසින් බවත් අනාවරණය වී තිබේ.
ඒ අනුව අදාළ තොරතුර සම්බන්ධයෙන් පියවර ගැනීමේදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු නිලධාරින් රාජකාරිය පැහැර හැරීම් සිදුකර ඇති බවටත් නොසැලිකිලිමත් ලෙස ක්‍රියාකර ඇති බවටත් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇති බව සඳහන්ය.
ඒ අනුව අදාළ විමර්ශනයට අමතරව අපරාධ විමර්ශනයක් සිදුකිරීම සුදුසු බව පොලිස් විශේෂ විමර්ශනය ඒකකය විසින් වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ වාර්තාවට අනුව රන්මල් කොඩිතුවක්කු මහතාට මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් ලත් තොරතුර පිළිබඳ පියවර ගැනීමේදී අනාවරණය වී ඇති පැහැර හැරීම් සහ නොසැලකිල්ල සඳහා හේතුවී ඇත්තේ යම් පාර්ශ්වයකට වාසි සහගත තත්ත්තවයක් ඇති කිරීම සඳහා ද යන්න සොයා බැලීමට පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
ඒ තුළින් අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා සංස්ථාපනය වන්නේ ද යන්න පිළිබඳව තහවුරු කරගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..
මේ හදන්නේ පන්සලට ඇති බලය ඉවත් කරන්න.. රට ඇතුළේ වෙන දේවල් ගැන හුඟක් අය දන්නේ නෑ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් විශේෂ අනාවරණයක්