"ශ්‍රීලනිප මහලේකම් ධුරය පිළිබඳ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර නෑ" – දයාසිරි ජයසේකරගෙන් පැහැදිලි කිරීමක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තමන්ව පිළිගන්නා ලෙස කළ ඉල්ලීම අධිකරණය විසින් කිසිදු අවස්ථාවක ප්‍රතික්ෂේප කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.
විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, කොළඹ දිසා අධිකරණ නියෝගයට එරෙහිව තමන් ඉදිරිපත් කළ පෙත්සම බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනාධිකරණ මහාධිකරණය විසින් විභාගයට ගත් බවයි. එහිදී අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ අදාළ ඉල්ලීමේ සඳහන් අතුරු තහනම් නියෝගය පමණක් බවත්, ප්‍රධාන පැමිණිල්ල විභාග කිරීම සඳහා 2027 ජනවාරි 08 වන දිනට දින නියම කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
එසේම, සිය පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ ගොනුකළ නඩුවේදී ලැබුණු අතුරු තහනම් නියෝගය අනුව තම පක්ෂ සාමාජිකත්වය යාවත්කාලීන වූ බවත්, මහලේකම් ධුරය සම්බන්ධ අවසානාත්මක නීතිමය තීන්දුව දිසා අධිකරණයේ නඩු විභාගය අවසානයේ ප්‍රකාශ කිරීමට විනිසුරුවරයා තීරණය කළ බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කරයි.
අධිකරණයක් නඩුවක් විභාගයට ගැනීමට ගත් තීරණයක් 'නඩුව ප්‍රතික්ෂේප කළා' ලෙස මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීම නීතිමය දැනුමක් නොමැතිකම නිසා සිදුවන්නක් බව පවසන දයාසිරි ජයසේකර මහතා, පක්ෂ සාමාජිකයන් මුළා කරමින් තමන්ගේ තනතුරු රැකගැනීමට අධිකරණ තීන්දු වැරදි ලෙස අර්ථ නිරූපණය කරන පිරිස් සම්බන්ධයෙන් තමන් පුදුම නොවන බවද සඳහන් කර සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..
මේ හදන්නේ පන්සලට ඇති බලය ඉවත් කරන්න.. රට ඇතුළේ වෙන දේවල් ගැන හුඟක් අය දන්නේ නෑ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් විශේෂ අනාවරණයක්