News Category
From Date
To Date
Maximum Number of Result

දළදා මාළිගාවේ පත්තිරිප්පුව ඉදි කළ විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පියාගේ කතාව..

Sep 30, 2026 at 06:09 AM
|

මහනුවර යුගයේ බිහිවූ විශිෂ්ටතම ඉංජිනේරුවෙකු සහ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන දේවේන්ද්‍ර මූලාචාර්යයන් (ඩිංගිත්තා අප්පු) පිළිබඳව තොරතුරු අනාවරණය වන යූටියුබ් වීඩියෝවක් Next page යූටියුබ්  නාලිකාව මගින් ප්‍රකාශයට පත්කර තිබේ. 

1747 - 1812 කාලය තුළ ජීවත් වූ එතුමා, කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ සහ ශ්‍රී වික්‍රම රාජසිංහ යන මහනුවර යුගයේ රජවරුන් තිදෙනෙකු යටතේ රාජකීය ශිල්පියා ලෙස සේවය කර ඇත. 

මහනුවර දළදා මාළිගාවේ පත්තිරිප්පුව, මහනුවර මගුල් මඩුව, නුවර වැව, වලාකුළු බැම්ම, දියරැල්ල බැම්ම, ඇම්බැක්කේ දේවාලයේ අලුත්වැඩියා කටයුතු, දෙගල්දොරුව ලෙන් විහාරය, සහ ධනකිරිගල රජමහා විහාරය ඇතුළු පූජනීය හා ඓතිහාසික ස්ථාන රැසක ප්‍රධාන නිර්මාණකරු වූයේද එතුමාය. 

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලයේදී ඉදිවූ පත්තිරිප්පුවේ ආකෘතිය එතුමා මුලින්ම කෙසෙල් පතුරුවලින් සකසා රජුට පෙන්වා ඇති අතර, එය ඉදි කිරීමට වසර 2ක පමණ කාලයක් ගතවී තිබේ.

වර්ෂ 1812 දී, එනම් එතුමාට වයස අවුරුදු 65 දී, තමන් විසින්ම නිර්මාණය කළ නුවර වැවට පැන සියදිවි නසාගත් බවට ජනප්‍රවාදයේ සඳහන් වේ. 

එකල පැවති රජවාසල කුමන්ත්‍රණ සහ රාජ සභාවේ අයෙකු එතුමාට එරෙහිව කළ කේළම් බස් නිසා රජුගෙන් දඬුවම් ලැබීමට ඇති බිය හේතුවෙන් ඔහු මෙසේ කළ බව පැවසේ. 

කෙසේ වෙතත්, එතුමා සැබවින්ම සියදිවි නසා නොගත් බවත්, දේශපාලන බලපෑම්වලින් මිදීමට සියදිවි නසාගත් බවට මතයක් පතුරුවා හැර වෙනත් ප්‍රදේශයකට පලාගොස් අඥාතව ජීවත් වූ බවටද මත පවතී. 

මෙම තොරතුරු ඇතුළත් වීඩියෝව සඳහා පාදක වී ඇත්තේ ඩී.එම්.ඩී. වෛද්‍යසේකර මහතා විසින් රචිත "මහනුවර රාජධානියේ විශිෂ්ට රාජකීය නිර්මාණ ශිල්පී දේවේන්ද්‍ර මූලාචාරී" නමැති ග්‍රන්ථය සහ ජෝන් ඩේවිගේ සටහන් ඇතුළු ඓතිහාසික මූලාශ්‍රයන්ය.

වීඩියෝව නරඹන්න..


සම්බන්ධිත පුවත් | Related News

අනෙකුත් සෑම විනාශකාරී ප්‍රහාරයක් මෙන්ම, පාස්කු ඉරිදා ප්‍රහාරයද විවිධ පාර්ශ්වයන් විසින් තමන්ගේ වාසිය සඳහා භාවිත කරමින් අනිසි ප්‍රයෝජන ගෙන ඇත. එබැවින් මෙම අවසාන නඩු තීන්දුව සෑම දෙනාම අනිවාර්යයෙන්ම කියවිය යුතු එකකි.
මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයෙන් හා සංඝමිත්තා මහා තෙරණියගේ සම්ප්‍රාප්තියෙන් පසු ක්‍රිස්තු පූර්ව 288 දී අනුරාධපුර මහමෙව්නා උයනේ රෝපණය කරන ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ යනු ලක්වැසි සදැහැවතුන්ගේ ජීවමාන බුදුන් වහන්සේය.
මෙම සැප්තැම්බර් මාසයේදී, අත්වින්දින තත්ත්වයන්ට අනුව අත්ලාන්තික් සාගරයේ දෙපස සිටින මිත්‍ර රටවල් අතර පවතින භේදය ආක්ටික් කලාපය හරහා නිහඬව තවදුරටත් පුළුල් වී තිබේ.
2008 වසරේදී යුධ ගැටුම් උච්චතම අවස්ථාවට පත්ව තිබියදී, යුද පෙරමුණට පිටුපසින් ඊට නොදෙවෙනි තවත් තීරණාත්මක යුද්ධයක් දියත් වෙමින් පැවතුණි.
හඳ මෝරද්දි නුහුගුණේ වැඩිවෙනවා කියලා කියනවානේ. දුදස්සනට හැම දා ම හඳ මෝරනවා කියලා ඒ මනුස්සයා කියන කතා ඇහෙද්දි හිතෙනවා. මේ දවස්වල දුදස්සනගේ දායක සභාව විසින් උඩ දාන “හ‍ඳේ හාවා කතාව” වුනත් දවල් රෑ නැතුව හැම දා ම හඳ මෝරද්දි කියවන විකාරයක්.
එක් සංවිධානයක් විසින් මිනිසුන්ගේ පුද්ගලික සාද වල ගායනා කරන ගීත වලට පවා මුදල් අය කරනා නීතියක් පිළිබඳ පහුගිය කාලයේ කතාබහට ලක් වුණා.
ඒ, 1990 දශකයේ මුල් භාගයයි. එවක “විදුසර” පුවත්පතේ පළවූ ලිපි පෙළක් හේතුවෙන් එම පුවත්පත සතිපතා අතට පත්වන තුරු අප සිටියේ මහත් නොඉවසිල්ලෙනි. “යුගයේ මිනිසා” නමැති එම ලිපි පෙළ විදුසරට ලියනු ලැබුවේ දෙනගම සිරිවර්ධන මහතා විසිනි.
චීනය යනු අපගේ පෘථිවියෙහි වන තවත් ලෝකයක් වැන්න. ඉපැරණි යුගයේ පටන්ම චීනයට අනන්‍යව ගොඩනැඟුණු දාර්ශනික ධාරාවක්, තාක්ෂණික ධාරාවක්, කලා - සංස්කෘතික ධාරාවක් හා සාහිත්‍යයික ධාරාවක් ඊට හිමිය. මේ ධාරාවන් වූ කලී මහා සම්ප්‍රදායන්ය. ඒ මහා සම්ප්‍රදායන්හි පෙරදිග හිරු කිරණයන්ගේ ප්‍රභාව, ජීවය කැටිව තිබේ.
කැකිරාවේ සුදස්සන හිමියන් නිකායෙන් නෙරපීම සිදු කළේ ඇයිද යන්න කාරණ පිළිබඳව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියන් සමාජ මාධ්‍ය වීඩියෝවක් මගින් කරුණු අනාවරණය කර තිබේ.

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ සහ යුද හමුදා බුද්ධි බලකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, ඔහුට එරෙහිව එල්ල වී ඇති අමානුෂික වධහිංසා චෝදනා සහ ඔහුගේ බරපතළ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ කමිටු කිහිපයක් එක්ව ශ්‍රී ලංකා රජය වෙත සිය දැඩි කනස්සල්ල පළ කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!

2026 වසරේ මුල් මාස හත (ජනවාරි - ජූලි) තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය පෙර වසරේ සමාන කාලයට සාපේක්ෂව සියයට 69 කින් දැවැන්ත ලෙස වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාව පෙන්වා දෙයි.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් පසු රජය ගන්නා මීළඟ පියවර සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව මධ්‍යයේ, විවිධ දේශපාලන පක්ෂ නව IMF වැඩසටහනක් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටී.

ට්‍රම්ප් තීරණයක් ගැනීමට නොහැකිව අර්බුදයකට හසුවෙලා-ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි

අසර්බයිජානයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂහීන් මුස්තාෆයෙව් සමඟ ඊයේ(28) ටෙහෙරාන් නුවර පැවති හමුවකදී ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි “ට්‍රම්ප් සාකච්ඡා කිරීමටවත්, යුද්ධ කිරීමටවත් නොහැකි අර්බුදකාරී තත්ත්වයකට හසුවී සිටිනවා” යැයි පැවසීය.

2027 අයවැය නොවැම්බර් 12 දා..

2027 වසර සඳහා වන අයවැය කතාව ලබන නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ප්‍රකාශ කළාය.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි

ප්‍රංශයේ ඩේවිඩ් මැක්‍රෝන්ගේ රජය සමාජ වියදම්වලින් යුරෝ බිලියන 56කට ආසන්න මුදලක් කපා හැරීමට සැලසුම් කරමින් සිටින පසුබිමක, ප්‍රංශය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැතිර ගොස් තිබේ.

ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව ලෝකයේ ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා.. - ජාත්‍යන්තර දේශපාලනය සහ එක්සත් ජාතීන්ගේ සැසිය ගැන උවිඳු විජේවීරගෙන් විශේෂ විග්‍රහයක්..

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සහ ඇමෙරිකානු - චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුල් කරගනිමින් පසුගිය සතියේ ලෝක දේශපාලනයේ සිදුවූ ප්‍රධාන සිදුවීම් සම්බන්ධයෙන් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා Divaina Online යූටියුබ් නාලිකාව සමඟ පැවැත්වුණු සාකච්ඡාවකදී දීර්ඝ ලෙස අදහස් දැක්වීය.

අනුරගේ රතු හැට්ටයට යටින් ඉන්නේ වෙනිසියුලාවේ ඇමෙරිකානු පදයට නැටූ ඩෙල්සිලා.. උතුරේ කොටි සැමරුම් හා සිංහල බෞද්ධ උරුමයට එල්ල වන තර්ජන හමුවේ විපක්ෂයේත් අශුද්ධ එකඟතාවක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී ඉකුත් 27 වෙනි ඉරිදා පැවැති විශේෂ ප්‍රසිද්ධ දේශනය අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වර්තමාන ආණ්ඩුවේ දෙවසරක විනාශකාරී ක්‍රියාකලාපය, රට මුහුණ දී සිටින දැවැන්ත භූ-දේශපාලනික අර්බුදය සහ අනාගත දේශපාලන අරගලයේ ගමන් මග පිළිබඳව අතිශය උණුසුම්, දීර්ඝ සහ විවේචනාත්මක හෙළිදරව්වක් සිදු කළේය.

ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් හිමිකම සම්බන්ධ නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්..

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21 ක් සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ අද (29) නියම කළාය.

කියුබාව ‘වැටෙනු ඇතැයි’ ට්‍රම්ප් පැවසීමෙන් පසු චීනයේ සහාය කියුබාවට!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හවානා නගරය “වැටෙනු ඇත” යැයි පවසමින් කියුබානු පාලනයේ “මූලික වෙනසක්” අවශ්‍ය බව ප්‍රකාශ කිරීමෙන් පසු, බාහිර මැදිහත්වීම්වලට එරෙහිව කියුබාවට සහාය දෙන බවට චීනය ප්‍රතිඥා දී තිබේ.

ඇමරිකාවේ පනස් වසරක ධර්ම දූත මෙහෙවර ඇගයේ: "ධර්ම විකෘතිය යනු කුමක්ද?" - මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් විශේෂ දේශනයක්..

අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද නායක ස්වාමීන් වහන්සේ සහ මඩවල සීලවිමල නායක හිමියන් ඇමරිකා එක්සත් ජනපදයේ ධර්ම දූත මෙහෙවර ආරම්භ කර වසර 50ක් පිරීම නිමිත්තෙන් උන්වහන්සේලාගේ සේවය ඇගයීම සඳහා විශේෂ වැඩසටහනක් පවත්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වනවා.. - ඇමති විජිත UN මහ සමුළුව අමතමින් කියයි

ලෝකයේ සිදුවන පරිවර්තනයන්ට වඩාත් අත්‍යවශ්‍ය සහ ප්‍රතිචාරාත්මක සංවිධානයක් බවට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අර්ථවත් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සහාය දෙන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ආක්ටික් කලාපීය බලපෑම් හමුවේ ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙයි..

ආක්ටික් කලාපය තුළ තම බලය සහ බලපෑම තහවුරු කරගැනීම සඳහා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය (EU) දරන උත්සාහයන් හමුවේ දෙපාර්ශ්වය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික හා උපායමාර්ගික නොගැලපීම් තවදුරටත් පුළුල් වෙමින් පවතින බව වාර්තා වේ.

“අනුර නමින් ඩෙල්සි ඇවිත්?”.. - විමල්ගේ විශේෂ දේශනය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙයි..

“අනුර නමින් ඩෙල්සි ඇවිත්?” තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද විශේෂ දේශනයක් (27) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.