බදු බර නිසා විශේෂඥයින් ඇතුළු වෛද්‍යවරුන් 2,500කට වැඩි පිරිසක් රට හැර ගිහින්.. - GMOA වෙතින් හදිසි ඉල්ලීමක්
පවතින පීඩාකාරී බදු ප්‍රතිපත්තිය හේතුවෙන් 2021/2022 වර්ෂයන්ගෙන් පසුව මෙරට විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 2,500කට අධික පිරිසක් රට හැර ගොස් ඇති බවත්, වටිනා මානව සම්පත රැකගැනීම උදෙසා ඉදිරි අයවැය මඟින් වෘත්තිකයන් සුරකින සාධාරණ බදු ප්‍රතිපත්තියක් වහා ක්‍රියාත්මක කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අවධාරණය කරයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය යූ. කේ. බී. වරකගොඩ මහතා පෙන්වා දෙන්නේ, ව්‍යාපාරිකයන්ගේ ලාභය මත පමණක් බදු අයකරන පසුබිමක, සේවා නියුක්තිකයන්ගේ සමස්ත වැටුප මතම බදු අයකිරීම අතිශයින් අසාධාරණ බවයි.
වෘත්තිකයන් සිය උපයන වැටුපෙන් 36%කට ආසන්න ප්‍රමාණයක් සෘජු බදු ලෙස ගෙවන අතරතුර විශාල වක්‍ර බදු බරකට ද මුහුණ දී සිටින බව පෙන්වා දෙන එම සංගමය, ප්‍රවාහන ඇතුළු දීමනා වසර ගණනාවකින් යාවත්කාලීන වී නොමැති අතර අමතර රාජකාරි හා නිවාඩු දින ගෙවීම්වලින් 1/3ක් කප්පාදු කර ඇති බව ද සඳහන් කරයි.
මෑතකදී සිදු කළ සුළු බදු සංශෝධන පවතින ඉහළ ජීවන වියදම හමුවේ කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
පසුගිය වසරේ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 5,400 ඉක්මවා ගොස් ඇති අතර, 2025 වසරේ උපයන විට ගෙවීමේ (PAYE) බදු ආදායම ද අපේක්ෂිත ප්‍රමාණයට වඩා 30%කට වඩා වැඩි වී ඇත.
එම නිසා රටේ සමස්ත බදු ආදායමට හානියක් නොවන පරිදි වෘත්තිකයන් මත පැටවී ඇති බදු බර ලිහිල් කිරීම සඳහා වූ විශ්ලේෂණාත්මක යෝජනාවලියක් GMOA විසින් ජනාධිපතිවරයා වෙත ද ඉදිරිපත් කර තිබේ.
අර්බුදකාරී අවස්ථාවේදී රට වෙනුවෙන් කැපවූ වෛද්‍යවරුන් ඇතුළු බුද්ධිමය ශ්‍රමය රට තුළ රඳවා ගැනීමට තිරසාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළහොත්, අනාගතයේදී ශ්‍රී ලංකාව දැනුම් කාන්තාරයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව ද එම සංගමය අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..