රටේ දුප්පත්කම ගැන ආණ්ඩුව හැදු වාර්තාවේ බොරු දත්ත.. - සජිත්ගෙන් අනාවරණයක්..
2026 සමාජ ආර්ථික දත්ත සම්බන්ධයෙන් රජය, මහ බැංකුව සහ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවේ දුප්පත්කම සම්බන්ධයෙන් පැරණි දත්ත භාවිත කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු සඳහන් කළේ, වාර්තාවේ ආර්ථික හා සාර්ව ආර්ථික දර්ශක සඳහා 2023, 2024 සහ 2025 වසරවල දත්ත භාවිත කර තිබුණද, සමාජ ආර්ථික තත්ත්වය, දුප්පත්කම, ගෘහ ආදායම් හා වියදම් ඇතුළු කරුණු සඳහා 2016 සහ 2019 වසරවල දත්ත භාවිත කර ඇති බවයි.
දුප්පත්කම, ආදායම් බෙදීයාම, ගෘහ ආදායම් හා වියදම්, පාරිභෝජන රටා සහ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් වත්මන් දත්ත ඉදිරිපත් නොකිරීම ගැටලු සහගත බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.
2026 වසරට අදාළ සමාජ ආර්ථික වාර්තාවක් සකස් කිරීමේදී දුප්පත්කම සම්බන්ධයෙන් පැරණි දත්ත භාවිත කර ඇත්තේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.
එමෙන්ම, නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සඳහාද මෙම දත්ත භාවිත කරන්නේදැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි.
කෙසේ වෙතත්, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල තොරතුරු අනුව 2026 ජූලි මාසයේ ජාතික නිල දරිද්‍රතා රේඛාව පුද්ගලයෙකුට මසකට රුපියල් 17,679ක් ලෙස දැක්වේ.
එමෙන්ම එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණය වසර තුනකට වරක් සිදු කරන බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේ, දුප්පත්කම සම්බන්ධයෙන් යාවත්කාලීන හා නිවැරදි දත්ත මත පදනම් වූ වාර්තාවක් අයවැය ඉදිරිපත් කිරීමට පෙර නිකුත් කළ යුතු බවයි.
දුප්පත්කම සම්බන්ධයෙන් පවතින තත්ත්වය නිවැරදිව හඳුනාගෙන ජනතාවට සත්‍ය තොරතුරු ලබාදීම සඳහා රජය, මහ බැංකුව සහ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් ලබාදිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරගේ රතු හැට්ටයට යටින් ඉන්නේ වෙනිසියුලාවේ ඇමෙරිකානු පදයට නැටූ ඩෙල්සිලා.. උතුරේ කොටි සැමරුම් හා සිංහල බෞද්ධ උරුමයට එල්ල වන තර්ජන හමුවේ විපක්ෂයේත් අශුද්ධ එකඟතාවක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් හිමිකම සම්බන්ධ නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්..
කියුබාව ‘වැටෙනු ඇතැයි’ ට්‍රම්ප් පැවසීමෙන් පසු චීනයේ සහාය කියුබාවට!
ඇමරිකාවේ පනස් වසරක ධර්ම දූත මෙහෙවර ඇගයේ: "ධර්ම විකෘතිය යනු කුමක්ද?" - මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් විශේෂ දේශනයක්..
එක්සත් ජාතීන්ගේ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වනවා.. - ඇමති විජිත UN මහ සමුළුව අමතමින් කියයි
ආක්ටික් කලාපීය බලපෑම් හමුවේ ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙයි..
“අනුර නමින් ඩෙල්සි ඇවිත්?”.. - විමල්ගේ විශේෂ දේශනය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙයි..
අයිස් කන්ටේනරය ඇල්ලූ සිද්ධියට නාකොටික් ලොක්කන් 6 කට වහාම මාරු.. – පොඩ්ඩන් පිරිසකටත් මාරුවීම් නියමිතයි..
අලුත් ගැටුමක් ඇතිවුනොත් ඉන්දියන් සාගරයේ ඇමරිකානු නෞකාවලට පහරදෙනවා.. - ඉරානය අනතුරු අඟවයි..
ආර්ථිකය ඉතිහාසයේ හොඳම තත්ත්වයට දැන් ගෙනැවිත් තියෙන්නේ.. - ජනපති
යුරෝපයේ හමුදාමය සූදානම හමුවේ රුසියාවෙන් අනතුරු ඇඟවීමක්.. ඇමෙරිකාව සහ යුක්‍රේනය සම්බන්ධයෙන් ස්ථාවරයත් හෙළි කරයි.. - එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රබල ප්‍රකාශයක්
කතානායකට එරෙහිව විශ්වාසභංගයක්.. චෝදනා 46ක්..
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම නාමල්ගෙන් ප්‍රකාශයක් ලබා ගනී..
"කොපමණ සම්බාධක දැමුවත් රටේ ස්වෛරීභාවය පාවා දෙන්නේ නෑ" – කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාලෝස් ෆර්නැන්ඩස් ගෙන් අමෙරිකාවට එරෙහිව දැඩි ප්‍රකාශයක්
යුරෝපය සමඟ යුද්ධයක් රුසියාවට අවශ්‍ය නැහැ – පුටින්
බිනර පුර පසළොස්වක පොහොය අදයි..