නව ව්‍යවස්ථාවක් හෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් ගැන ආණ්ඩුව තුළ මෙතෙක් සාකච්ඡාවක් වෙලා නෑ..- ඇමති නලින්ද
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ හෝ ආණ්ඩුව මට්ටමින් මෙතෙක් කිසිදු මූලික සාකච්ඡාවක් සිදුව නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
දෙරණ '360' දේශපාලන සංවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පොරොන්දු වී තිබුණද, මේ මොහොතේ රජයේ ප්‍රධානතම අවධානය යොමු කර ඇත්තේ බංකොලොත් වූ ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් බවයි.
එබැවින් ආණ්ඩුව තවමත් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට ප්‍රවේශ වී නොමැති බවත්, නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා පාර්ලිමේන්තු අනුකමිටු වාර්තා අධ්‍යයනය කිරීම, දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීම, පනත් කෙටුම්පත් කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාගැනීම සහ ජනමත විචාරණයකට යාම වැනි දීර්ඝ ක්‍රියාවලියක් සිදු කළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
වර්තමාන තත්ත්වය හමුවේ සමාජය තුළ මතවාදී බෙදීම් ඇති නොකර ආර්ථිකය ශක්තිමත් කිරීම මූලික අරමුණ බව පැහැදිලි කළ අමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හෝ රජයේ කිසිවෙකුටත් විධායක බලතල තබාගැනීමේ උවමනාවක් නොමැති බවත්, ඉදිරි කාලයේදී ඊට අවශ්‍ය ශක්තිමත් පදනම සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරගේ රතු හැට්ටයට යටින් ඉන්නේ වෙනිසියුලාවේ ඇමෙරිකානු පදයට නැටූ ඩෙල්සිලා.. උතුරේ කොටි සැමරුම් හා සිංහල බෞද්ධ උරුමයට එල්ල වන තර්ජන හමුවේ විපක්ෂයේත් අශුද්ධ එකඟතාවක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් හිමිකම සම්බන්ධ නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්..
කියුබාව ‘වැටෙනු ඇතැයි’ ට්‍රම්ප් පැවසීමෙන් පසු චීනයේ සහාය කියුබාවට!
ඇමරිකාවේ පනස් වසරක ධර්ම දූත මෙහෙවර ඇගයේ: "ධර්ම විකෘතිය යනු කුමක්ද?" - මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් විශේෂ දේශනයක්..
එක්සත් ජාතීන්ගේ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වනවා.. - ඇමති විජිත UN මහ සමුළුව අමතමින් කියයි
ආක්ටික් කලාපීය බලපෑම් හමුවේ ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙයි..
“අනුර නමින් ඩෙල්සි ඇවිත්?”.. - විමල්ගේ විශේෂ දේශනය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙයි..
අයිස් කන්ටේනරය ඇල්ලූ සිද්ධියට නාකොටික් ලොක්කන් 6 කට වහාම මාරු.. – පොඩ්ඩන් පිරිසකටත් මාරුවීම් නියමිතයි..
අලුත් ගැටුමක් ඇතිවුනොත් ඉන්දියන් සාගරයේ ඇමරිකානු නෞකාවලට පහරදෙනවා.. - ඉරානය අනතුරු අඟවයි..
ආර්ථිකය ඉතිහාසයේ හොඳම තත්ත්වයට දැන් ගෙනැවිත් තියෙන්නේ.. - ජනපති
යුරෝපයේ හමුදාමය සූදානම හමුවේ රුසියාවෙන් අනතුරු ඇඟවීමක්.. ඇමෙරිකාව සහ යුක්‍රේනය සම්බන්ධයෙන් ස්ථාවරයත් හෙළි කරයි.. - එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රබල ප්‍රකාශයක්
කතානායකට එරෙහිව විශ්වාසභංගයක්.. චෝදනා 46ක්..
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම නාමල්ගෙන් ප්‍රකාශයක් ලබා ගනී..
"කොපමණ සම්බාධක දැමුවත් රටේ ස්වෛරීභාවය පාවා දෙන්නේ නෑ" – කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාලෝස් ෆර්නැන්ඩස් ගෙන් අමෙරිකාවට එරෙහිව දැඩි ප්‍රකාශයක්
යුරෝපය සමඟ යුද්ධයක් රුසියාවට අවශ්‍ය නැහැ – පුටින්
බිනර පුර පසළොස්වක පොහොය අදයි..