News Category
From Date
To Date
Maximum Number of Result

ක්‍රිෂ් ගනුදෙනු නඩුවේ සිව්වැනි විත්තිකරු ලෙස නාමල් නම් කෙරේ..

Sep 28, 2026 at 03:43 PM
|

ආන්දෝලනාත්මක 'ක්‍රිෂ්' ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවනු ලබන නඩුවකදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එහි සිව්වන විත්තිකරු ලෙස නම් කර ඇති බව වාර්තා වේ.

ප්‍රකට ඉන්දියානු දේපළ සංවර්ධන සමාගමක් වන 'ක්‍රිෂ්' ආයතනය සම්බන්ධ මූල්‍ය අක්‍රමිකතා සහ අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

මීට අදාළ විමර්ශන සහ අධිකරණ කටයුතු ඉදිරියට සිදුකෙරෙමින් පවතින අතර, අල්ලස් කොමිසම විසින් මීට පෙර අධිකරණයෙන් ලබාගත් අවසරයකට අනුව බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ද සටහන් කර ගෙන ඇත.

සම්බන්ධිත පුවත් | Related News

22 වැනි සංශෝධනයට විරුද්ධ වුවද, ජාතික ජන බලවේගය (NPP) සමඟ අත්වැල් බැඳගෙන තවදුරටත් පක්ෂය තුළ කටයුතු කරන බව එහි විධායක සභික, නීතිඥ ලාල් විජේනායක දිනපතා ඉංග්‍රීසි පුවත්පතකට පවසා ඇත.
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ සඳහා සහාය ලබා ගැනීමට චීන විශේෂඥ කණ්ඩායමක් මෙරටට ගෙන්වීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඇමෙරිකාවේ ඊසානදිග ප්‍රදේශවලට ඇදහැලෙන අධික මහ වැසි හේතුවෙන් නිව්යෝර්ක් සහ බොස්ටන් යන නගර ජලයෙන් යටවී ඇති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.
අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ආක්ටික් කලාපය තුළ තම බලය සහ බලපෑම තහවුරු කරගැනීම සඳහා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය (EU) දරන උත්සාහයන් හමුවේ දෙපාර්ශ්වය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික හා උපායමාර්ගික නොගැලපීම් තවදුරටත් පුළුල් වෙමින් පවතින බව වාර්තා වේ.
“අනුර නමින් ඩෙල්සි ඇවිත්?” තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද විශේෂ දේශනයක් (27) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරයේ ඉහළ පෙළේ සතියට සමගාමීව, "21 වන සියවසේ යුරේසියානු බහුධ්‍රැවීයතාව සහ විවිධත්වය පිළිබඳ ප්‍රඥප්තිය" (Eurasian Charter of Diversity and Multipolarity in the 21st Century) කෙටුම්පත් කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීම සලකුණු කෙරෙන අමාත්‍ය මට්ටමේ හමුවක් නිව්යෝර්ක් හි පිහිටි රුසියානු නිත්‍ය නියෝජිත කාර්යාලයේදී පැවැත්විණි.
නොරෝච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරයට ලබා දීමට නියමිතව තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා ඩීසල් තොගයක් බලාගාරය වෙත භාර නොදී සිදුකර ඇති මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවයක් පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා පුද්ගලික සමාගම පවසයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් 06 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

ප්‍රධාන පුවත්

ආක්ටික් කලාපීය බලපෑම් හමුවේ ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙයි..

ආක්ටික් කලාපය තුළ තම බලය සහ බලපෑම තහවුරු කරගැනීම සඳහා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය (EU) දරන උත්සාහයන් හමුවේ දෙපාර්ශ්වය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික හා උපායමාර්ගික නොගැලපීම් තවදුරටත් පුළුල් වෙමින් පවතින බව වාර්තා වේ.

“අනුර නමින් ඩෙල්සි ඇවිත්?”.. - විමල්ගේ විශේෂ දේශනය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙයි..

“අනුර නමින් ඩෙල්සි ඇවිත්?” තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද විශේෂ දේශනයක් (27) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

අයිස් කන්ටේනරය ඇල්ලූ සිද්ධියට නාකොටික් ලොක්කන් 6 කට වහාම මාරු.. – පොඩ්ඩන් පිරිසකටත් මාරුවීම් නියමිතයි..

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් 06 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

අලුත් ගැටුමක් ඇතිවුනොත් ඉන්දියන් සාගරයේ ඇමරිකානු නෞකාවලට පහරදෙනවා.. - ඉරානය අනතුරු අඟවයි..

එක්සත් ජනපදය නැවතත් තමුන්ට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුවහොත්, ඉන්දීය සාගරයේ ස්ථානගත කර ඇති ඇමරිකානු යුද නෞකා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට පසුබට නොවන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) පවසයි.

ආර්ථිකය ඉතිහාසයේ හොඳම තත්ත්වයට දැන් ගෙනැවිත් තියෙන්නේ.. - ජනපති

පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා ඉතිහාසයේ ආර්ථිකයේ වැදගත්ම දත්තවල හොඳම අවස්ථා අත්පත් කර ගැනීමට තම රජය සමත් වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

යුරෝපයේ හමුදාමය සූදානම හමුවේ රුසියාවෙන් අනතුරු ඇඟවීමක්.. ඇමෙරිකාව සහ යුක්‍රේනය සම්බන්ධයෙන් ස්ථාවරයත් හෙළි කරයි.. - එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රබල ප්‍රකාශයක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරයට සහභාගී වූ රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව්, යුරෝපීය සංගමයේ හමුදාමය ශක්තිමත් වීම, යුක්‍රේන අර්බුදය සහ එක්සත් ජනපදය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳව විශේෂ ප්‍රකාශ කිහිපයක් සිදුකර තිබේ.

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම නාමල්ගෙන් ප්‍රකාශයක් ලබා ගනී..

සිදු කෙරෙමින් පවතින විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

"කොපමණ සම්බාධක දැමුවත් රටේ ස්වෛරීභාවය පාවා දෙන්නේ නෑ" – කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාලෝස් ෆර්නැන්ඩස් ගෙන් අමෙරිකාවට එරෙහිව දැඩි ප්‍රකාශයක්

ලෝක නායකයින් එක්සත් ජාතීන්ගේ මහා සභා රැස්වීම සඳහා නිව්යොර්ක් නගරයට රැස්වන අතරතුර, කියුබාව සිය ඉතිහාසයේ දරුණුතම බලශක්ති හා මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින බවත්, කියුබාවේ ජනගහනයෙන් 90%කට වැඩි පිරිසක් අඳුරේ ගිලී සිටින බවත් කියුබාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාලෝස් ෆර්නැන්ඩස් ද කොසියෝ පවසයි.

යුරෝපය සමඟ යුද්ධයක් රුසියාවට අවශ්‍ය නැහැ – පුටින්

රුසියාව යුරෝපීය රටවල් සමඟ යුද ක්‍රියාමාර්ගයකට සූදානම් නොවන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. එලෙසම රුසියාවෙන් එල්ල වන තර්ජනයක් පිළිබඳ ප්‍රකාශ ආතතීන් උත්සන්න කිරීමේ උත්සාහයක් ලෙස සලකා ඔහු ප්‍රතික්ෂේප කළේය.

තිලීපන්ගේ උපවාසය සහ සැමරුම් පිළිබඳ නැවතත් කතාබහක්: ඉතිහාසයේ සැබෑ තත්ත්වය සහ දේශපාලන භාවිතය පිළිබඳ ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝගෙන් අනාවරණයක්..

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබලයෙකු වූ තිලීපන්ගේ අනුස්මරණ සැමරුම් පිළිබඳව නැවතත් රට තුළ දේශපාලන හා සමාජීය සංවාදයක් ගොඩනැගී ඇති බවත්, මාරාන්තික උපවාසයකින් මියගිය එකම ශ්‍රී ලාංකිකයා වන තිලීපන් සම්බන්ධයෙන් පවතින මතවාදයන් කාලයත් සමඟ දේශපාලනික අවශ්‍යතාවලට අනුව වෙනස් වී ඇති බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝ පවසයි.

ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම යන්නේ එකම පාරේ.. ආණ්ඩුව තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න ව්‍යවස්ථා සංශෝධන ගේනවා.. ඒකත් පැරණි ක්‍රමයම තමයි.. - උවිඳු විජේවීර

ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම ගමන්කරමින් සිටින්නේ එකම මාර්ගයක බවත්, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව සහ 22 වැනි සංශෝධනයේ අභ්‍යන්තරයට ගොස් ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් නොකර සිදුකරන මෙම ක්‍රියාදාමය තුළ ජනතාව අධිකරණය සම්බන්ධයෙන් ඇති විශ්වාසය නැතිකර ගන්නා බවත් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

"සියලු අභියෝග මැද චීන-ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් කරනවා" – චීන තානාපති වේ හුආශියැං

චීනයේ 77 වන ජාතික දිනය සහ චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය සැමරීමේ නිල රාත්‍රී භෝජන සංග්‍රහය සහ පිළිගැනීමේ උත්සවය ශ්‍රී ලංකාවේ චීන තානාපති වේ හුආශියැං (Wei Huaxiang) මහතාගේ මූලිකත්වයෙන් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසකගේ සහභාගීත්වයෙන් කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි.

රුසියානුවන් පුටින් පාලනයට යළි රට භාරදුන්නේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් සුවිශේෂී අනාවරණයක්..

රුසියාවේ පැවැති මැතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලැබූ ජයග්‍රහණය යනු, රුසියානු රජය සහ සන්නද්ධ හමුදාවන් විසින් ගෙන යනු ලබන මෙහෙයුම් කෙරෙහි එරට ජනතාව දැක්වූ සෘජු සහයෝගයක් හා ගෞරවයක් බව Lanka Voice යූටියුබ් නාලිකාව ඔස්සේ මොස්කව් නුවර සිට අදහස් දක්වමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසමට අධිකරණයෙන් අවසර දෙයි..

නාගරික සංවර්ධන අධිකාරියට අයන් කොළඹ කොටුව ට්‍රාන්ස්වක් චතුරශ්‍රය නමැති භූමිය ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් පුද්ගලික සමාගමට කඩිනමින් ලබා ගැනීමට සහ සමාගම වෙත අවශ්‍ය අනුමැතින් ලබා ගැනීමට රුපියල් මිලියන 70 ක මුදලක් අල්ලසක් ලෙස ලබා දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ලබා ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අල්ලස් කොමිසමට ඊයේ (24) අවසර දෙන ලදී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.