අයිස් කන්ටේනරය ඇල්ලූ සිද්ධියට නාකොටික් ලොක්කන් 6 කට වහාම මාරු.. – පොඩ්ඩන් පිරිසකටත් මාරුවීම් නියමිතයි..
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් 06 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.
මෙම නිලධාරීන් මාරුකර යැවීම සඳහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ලබා ගැනීමට මේ වනවිටත් පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
රුපියල් කෝටි 1000 කට ආසන්න වටිනාකමෙන් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පැටවූ කන්ටේනරයක් කොළඹ වරායේ තිබියදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පාදක කරගෙන මෙම මාරුවීම් ක්‍රියාත්මක කර තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේ මෙම අයිස් කන්ටේනරය අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේදී සිදුවූ අක්‍රමිකතා සහ පැහැර හැරීම් හේතු කරගෙන මෙම උසස් පොලිස් නිලධාරීන්ගේ මාරුවීම් ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන, එහි අධ්‍යක්ෂවරයා, සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනකු සහ ස්ථානාධිපතිවරයා මෙසේ මාරුකර යැවීමට නියමිතය.
ඊට අමතරව මත්ද්‍රව්‍ය නාශක අංශයේ තවත් පහළ ශ්‍රේණිවල නිලධාරීන් පිරිසක් ද ඉදිරියේදී මාරුකර යැවීමට නියමිතය. මෙම අයිස් කන්ටේනරය අත්අඩංගුවට ගත්තේ පසුගිය අගෝස්තු මාසයේදී ය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට ලැබුණු ඔත්තුවකට අනුව මෙම අයිස් කන්ටේනරය පිළිබඳව විමර්ශන ක්‍රියාත්ක කිරීම භාරදී තිබුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙතයි.
මත්ද්‍රව්‍ය නාශක අංශය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවට සහ අධිකරණයට දැනුම්දී විමර්ශන කටයුතු ආරම්භ කර තිබිණි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත මේ වනවිට චෝදනා එල්ල වී තිබෙන්නේ අයිස් කන්ටේනරය අත්අඩංගුවට ගැනීමේ විමර්ශනය ඉතාම මන්දගාමීව සිදුකිරීම සම්බන්ධයෙන්ය.
පාකිස්තානයේ සිට රැගෙන ආ මෙම අයිස් කන්ටේනරය මාසයකට ආසන්න කාලයක් තිස්සේ කොළඹ වරායේ ස්ථානගත කර තිබූ අතර එය රැගෙන ආ ජාවාරම්කරුවන් උත්සාහ කළේ කෙසේ හෝ කන්ටේනරය වරායෙන් පිටමන් කිරීමටය.
එසේ වරායෙන් පිට කිරීමට නොහැකි වූවොත් අයිස් කන්ටේනරය නැවත ප්‍රතිඅපනයනය කිරීමට ජාවාරම්කරුවෝ සැලසුම් කරගෙන සිටියහ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මෙම කන්ටේනරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වද්දී පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙනම පරීක්ෂණයක් ආරම්භ කළේය.
ඒ අනුව මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය රේගුවට දැනුම් දී අධිකරණ නියෝගයක් ලබාගෙන කන්ටේනරය විවෘත කර එහි තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 467 ක් අත්අඩංගුවට ගත්තේය.
මෙම අයිස් කන්ටේනරය සම්බන්ධයෙන් පාකිස්තානු ජාතිකයන් දෙදෙනකු ඇතුළු ජාවාරම්කරුවන් 07 දෙනකු පසුව අත්අඩංගුවට ගන්නා ලදී.
- හේමන්ත රන්දුණු
දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අයිස් කන්ටේනරය ඇල්ලූ සිද්ධියට නාකොටික් ලොක්කන් 6 කට වහාම මාරු.. – පොඩ්ඩන් පිරිසකටත් මාරුවීම් නියමිතයි..
අලුත් ගැටුමක් ඇතිවුනොත් ඉන්දියන් සාගරයේ ඇමරිකානු නෞකාවලට පහරදෙනවා.. - ඉරානය අනතුරු අඟවයි..
ආර්ථිකය ඉතිහාසයේ හොඳම තත්ත්වයට දැන් ගෙනැවිත් තියෙන්නේ.. - ජනපති
යුරෝපයේ හමුදාමය සූදානම හමුවේ රුසියාවෙන් අනතුරු ඇඟවීමක්.. ඇමෙරිකාව සහ යුක්‍රේනය සම්බන්ධයෙන් ස්ථාවරයත් හෙළි කරයි.. - එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රබල ප්‍රකාශයක්
කතානායකට එරෙහිව විශ්වාසභංගයක්.. චෝදනා 46ක්..
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම නාමල්ගෙන් ප්‍රකාශයක් ලබා ගනී..
"කොපමණ සම්බාධක දැමුවත් රටේ ස්වෛරීභාවය පාවා දෙන්නේ නෑ" – කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාලෝස් ෆර්නැන්ඩස් ගෙන් අමෙරිකාවට එරෙහිව දැඩි ප්‍රකාශයක්
යුරෝපය සමඟ යුද්ධයක් රුසියාවට අවශ්‍ය නැහැ – පුටින්
බිනර පුර පසළොස්වක පොහොය අදයි..
තිලීපන්ගේ උපවාසය සහ සැමරුම් පිළිබඳ නැවතත් කතාබහක්: ඉතිහාසයේ සැබෑ තත්ත්වය සහ දේශපාලන භාවිතය පිළිබඳ ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝගෙන් අනාවරණයක්..
ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම යන්නේ එකම පාරේ.. ආණ්ඩුව තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න ව්‍යවස්ථා සංශෝධන ගේනවා.. ඒකත් පැරණි ක්‍රමයම තමයි.. - උවිඳු විජේවීර
"සියලු අභියෝග මැද චීන-ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් කරනවා" – චීන තානාපති වේ හුආශියැං
රුසියානුවන් පුටින් පාලනයට යළි රට භාරදුන්නේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් සුවිශේෂී අනාවරණයක්..
ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසමට අධිකරණයෙන් අවසර දෙයි..
''අමෙරිකාවට දණ නමන්නේ නෑ''- ජගත් මහා මණ්ඩලයේ දී ඉරාන ජනපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
අමෙරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටනයට..