ආර්ථිකය ඉතිහාසයේ හොඳම තත්ත්වයට දැන් ගෙනැවිත් තියෙන්නේ.. - ජනපති
පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා ඉතිහාසයේ ආර්ථිකයේ වැදගත්ම දත්තවල හොඳම අවස්ථා අත්පත් කර ගැනීමට තම රජය සමත් වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑමේ බර සම්පූර්ණයෙන් ජනතාව මත පැටවීම වැළැක්වීම සඳහා ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස තුන සඳහා රුපියල් කෝටි 4100ක අලුත් ඉන්ධන සහනාධාර පැකේජයක් හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ‘අපේ ආණ්ඩුව - වසර දෙකයි රටට සුබයි’ තේමාව යටතේ ඊයේ (27) ගම්පහ පැවැති ජනරැලිය අමතමින්.
ආර්ථිකය පිළිබඳ විවිධ දෙගිඩියා මවාපෑම් කළද, 1957 වසරෙන් පසු මෙරට වාර්තා වූ අඩුම අයවැය හිඟය 2025 වසරේදී සියයට 2.3 ක් ලෙස වාර්තා කිරීමට හැකි වූ බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.
“අපි ආවට පස්සේ ආර්ථිකය කරගන්න බැරුව යයි කියලා සැකයක් තිබ්බා. ආර්ථිකය පිළිබඳ දෙගිඩියාවක් හැදුවා. මම ඕගොල්ලන්ට කියන්න කැමතියි මේ අවුරුදු දෙක තමයි ලංකා ඉතිහාසේම ආර්ථිකයේ වැදගත්ම දත්තවල හොඳම අවස්ථා ටික මේ අවුරුදු දෙකේ අපි උපයාගෙන තියෙනවා. හොඳම අවස්ථා ටික. මොකක්ද, අයවැය හිඟය. දීර්ඝ කාලයක් තිස්සේ මේ අයවැය හිඟය සියයට 5ට වඩා යටට ගේන්න කල්පනා කළා. 1957න් පස්සේ අඩුම අයවැය හිඟය අපි 2025 වාර්ථා කළා 2.3යි. 57න් පස්සේ. අවුරුදු 5ට වඩා යටට ගේන්න තමයි මේ අවුරුදු 5ම පොරබැදුවේ. බැරිවුණා කාටවත්. අපි අයවැය හිඟය 2.3ට ගෙනාවා. ඉතාමත් වැදගත් තත්ත්වයක්.
ඊළඟ වැදගත් තත්ත්වය මොකක්ද? ජංගම ගිණුම. ලංකාව ඇතුළට ගලාගෙන එන ඩොලර් ප්‍රමාණය ලංකාවෙන් එළියට ගලාගෙන යන ඩොලර් ප්‍රමාණය හැමදාම තිබුණේ මොකක්ද සෘණ. ලංකාවේ ඇතුළට ගලාගෙන එන ඩොලර් ප්‍රමාණය අඩුයි රටින් එළියට යන ප්‍රමාණයට වඩා. අපේ ආණ්ඩුව එන්න කළින් අවස්ථා තුනයි ධනවෙලා තිබුණේ. මුළු නිදහස් ශ්‍රී ලංකාවේම අවස්ථා තුනයි ධන වෙලා තිබ්බේ. ඒකත් මිලියන 300ට ආසන්නයි. ඩොලර් මිලියන 300ට ආසන්න ගානක්. 2025 අපේ ජංගම ගිණුමේ අතිරික්තය රටින් එළියට ගිය ඩොලර් ප්‍රමාණය සහ රටට ආපු ඩොලර් ප්‍රමාණය අතර වෙනස, අතිරික්තය අපිට වැඩියෙන් ඇවිල්ලා තියෙනවා ගියාට වඩා කොච්චරක්ද? ඩොලර් මිලියන 1800ක් ලංකා ඉතිහාසයේ වැඩිම ජංගම ගිණුමේ ශේෂය. අපි අත්පත් කරගෙන තියෙනවා. ඒක වැදගත් ආර්ථික සාධකයක්.
ඉතිහාසයේ වැඩිම සාධකයක්. මේ අවුරුද්දේ අපිට මුල් මාස පහේ ධන. දැන් පොඩ්ඩක් අපේ සෘණ වෙලා තියෙනවා. හේතුව තමයි ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල ඉහළ යාම හේතුකොටගෙන. සාමාන්‍යයෙන් අපි ඉන්ධන සදහා ඩොලර් මිලියන 150ක් විතර වැය කළා නම්, දැන් අපි මාසෙකට 300ක් විතර වැය කරනවා. ඒ නිසා අපේ වැඩි ප්‍රමාණයක් දැන් මොකද වෙලා තියෙන්නේ. ඩොලර් ප්‍රමාණයක් එළියට යන්න වෙලා තියෙනවා මේ මැදපෙරදිග යුද්ධය හේතුකොට ගෙන. ඒ නිසා මේ මාස කිහිපය අපේ සෘණ වෙලා තියෙනවා. මුල් මාස පහම ඒත් ධන. ආර්ථිකයක වැදගත් සාධක ජංගම ගිණුමේ ශේෂය ධන කර ගැනීම.
ඊළඟට ප්‍රාථමික ගිණුම. ඒක වැදගත්. ආණ්ඩුවේ ප්‍රාථමික ගිණුම. ආණ්ඩුවේ වියදම් සහ අදායම් අතර පරතරය. ගොඩක් කාලයක් තිබ්බේ සෘණ. අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිව්වා ප්‍රාථමික ගිණුමේ ධන ශේෂය 2.3ක් තියාගන්න කියලා. අපි නීතියෙන් බැදිලා ඉන්නවා. පනතකින් සම්මත කරලා බැදිලා ඉන්නවා අපේ ප්‍රාථමික ගිණුමේ ශේෂය 2.3 තියා ගන්න. විවිධ උපක්‍රම හැදුවා මේ 2.3 තියාගන්න. මතක තියාගන්න 2025 වසරේ අපේ ප්‍රථමික ගිණුමේ ධන ශේෂය 5.4යි. ඒ කියන්නේ මොකක්ද, අපේ ආදායම් සහ වියදම් අතර ප්‍රාථමික වියදම් සහ ආදායම් අතර වෙනස ධන. මේ අවුරුද්දේ මුල් මාසවලත් මොකද වෙලා තියෙන්නේ. භාණ්ඩාගාරයට ආපු මුදල් ප්‍රමාණයට වඩා භාණ්ඩාගාරයෙන් වියදම් කරපු මුදල් ප්‍රමාණය අඩුයි ධන. මේවා ලංකා ඉතිහාසයේ වැදගත්ම ආර්ථික සාධක.
ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම ගත්තොත් භාණ්ඩාගාරයේ ගිණුම. ඔය ගිණුම දශක ගණනාවක් අපේ රටේ ගියේ ඕඩී එකෙන්. බැංකු අයිරාවකින්. මිලියන 600, 700 බැංකු අයිරා තිබ්බා භාණ්ඩාගාර ගිණුමේ. ඒ කියන්නේ මොකක්ද, භාණ්ඩාගාරයේ සල්ලි නැතුව බැංකුව අපි පෙනුවෙන් විදහම් කරලා. අපි ගාව සල්ලි නෑ. බැහැයි බැංකුව බංකු අයිරාව. ඕඩී එක දීලා. සමහර ඕඩී ගියා සියයට 33ට 36ට පොලීය ගියා. ඇයි එකවුන්ට් එකේ සල්ලි නෑ. භාණ්ඩාගායේ ඕඩී එකේ සල්ලි නෑ.
එහෙම තමයි මේ රටේ ඉතිහාසය තිබුණේ. භාණ්ඩාගාරටයේ එකවුන්ට් එක ඕඩී එකෙන් දුවනවා. පොඩි එකක් නෙමෙයි බිලියන 500, 700යි. ඒ කියන්නේ කෝටි 50,000යි කෝටි 70,000යි. ඕඩි එක. අපි ඔයගොල්ලන්ට කියන්න කැමැතියි අද ලංකාවේ අපේ භාණ්ඩාගාරයේ ගිණුම ධන. කාලයක් ට්‍රිලියන 1.2ක් බිලියන 1200ක තැන්පතුවක් තිබුණා ඒකේ. දැන් ටිකක් අඩුවෙලා තියෙනවා. බිලියන 700ක් විතර දැන් තියෙනවා. අපේ ගිණුමේ අපේ සල්ලි තියෙනවා 700ක්. ඉස්සර. අපිට සල්ලි නැතුව බැංකුව වියදම් කරලා තියෙනවා 700ක්.
දිට්වා සදහා අපි අයවැය ලේඛනයට අත තියන්නේ නැතුව අපි අතිරේකව කෝටි 50,000ක් වෙන් කළා. පාරවල්, පාලම්, ගෙවල්, සහන දෙන්න.
මැදපෙරදිග තෙල් අර්බුදය ආවා. මේ මාස පහට අපි වෙන්කළා කෝටි 10,000ක්. ඩීසල් මිල වෙළෙදපොල මට්ටමට වඩා අපි අඩු කළා. ඩීසල් ලීටරයකට අපි රුපියල් 100ක සහනාධාරයක් දුන්නා. ඉන්ධන මිල ඉහළ යාම ආර්ථිකයට බලපෑමක් කරනවා. අපි සහනාධාරයක් දුන්නා. රුපියල් 100ක් දුන්නා. ඕගොල්ලෝ ඔයගොල්ලන්ගේ වාහනයට ඩීසල් ලීටර් 10ක් ගැහැව්වා නම්, රුපියල්1000ක් ආණ්ඩුව ගෙවනවා ප්‍රෙට්ටෝලියම් එකට. නැත්නම් පෞද්ගලික සමාගමට.
අපි එහෙමයි කළේ. ප්‍රෙට්රල් ලීටරයට රුපියල් 20ක සහනාධාරයක් දුන්නා. ඒ කියන්නේ මොකද කෙළේ. වෙළෙදපොළේ අඩුවෙන් විකුණන්න එපා අඩුවෙන් විකුණන්න අපි අලාභය දෙන්නම්. ආර්ථිකය ශක්තිමත් නැත්නම් ඒක කරන්න බෑ. අපි ඒකට කෝටි 10,000ක් වෙන් කළා. දැන් මතුවෙලා තියෙන තත්ත්වය මොකක්ද, අප්‍රේල් මාසයට වඩා වැඩියෙන් සමහර තැන්වල ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. දැන් මොකද කරන්න ඕන. දැන් ඒ මුළු බර ජනතාව දුන්නොත් විශාල අගයකින් ඉන්ධන මිල ඉහළ යාමේ අනතුරකට අපි මුහුණ දීලා තියෙනවා. ලෝක වෙළෙදපළේ ඉන්ධන මිලේ විශාල ඉහළ යාමක් තියෙනවා. ඉතිං අපි කල්පනා කරලා තියෙනවා ජනතාවට විශාල බරක් නොදෙමින්, චුට්ටක්වත් නොදෙමින් නෙමෙයි හොදේ. විශාල බරක් නොදෙමින් නැවත ඉන්ධන සහනාධාරයක් ඉදිරි මාස තුනට දෙනවා.
අපි හෙට කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් දානවා ඉන්ධන සහනාධාරය සඳහා අලුත් පැකේජ් එකක් රුපියල් කෝටි 4100ක. රුපියල් කෝටි 4100ක් හෙට අපි කැබිනට් මණ්ඩලටය දානවා ඔක්තෝම්බර්, නොවැම්බර්, දෙසැම්බර් මාස තුන සදහා යළි ඉන්ධන සහනාධාරයක් දෙන්න. මේ මිල මුළුමනින්ම ජනතාවට දාන්නේ නැතුව . හොඳ නැද්ද, එහෙම ආණ්ඩු ලංකාවේ තිබිලා නෑ. මතක තබාගන්න. එහෙම වුණාම මොකද කරන්නේ. පාඩුව තෙල් සංස්ථාව දරා ගන්න ඕන.
අපි තෙල් සංස්ථාවට කියනවා ඕගොල්ලෝ හරි ගානට කියන්න. හැබැයි අපි කියන ගානට දෙන්න. පාඩුව අපි ගෙවන්නම්. ඒ නිසා තෙල් සංස්ථාව පාඩු වෙන්නේත් නෑ. ඒකත් ලාභ ලබනවා. මොකද ඒ ආයතන අපි රැකගන්න ඕන.
වැව් හදන්න විතරක් අපි මිලියන 35,000ක් වියදම් කරලා තියෙනවා. උපාලි පන්නිල අමාත්‍යතුමාගේ අමත්‍යායාංශයෙන් ප්‍රජා ශක්ති ව්‍යාපාරයට මිලියන 24,000ක් වෙන් කරලා තියෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියට විතරක් පාරවල් හදන්න මිලියන 25000ක් වෙන්කරලා තියෙනවා. ඒවා එන්න ඕන පහළට. එතකොට මොකද වෙන්නේ අර සංවර්ධන වැඩටික ගමට එනකොට අන්න එතන රස්සා හැදෙනවා. පහළ ජනතාවට ආර්ථිකය ගලා එනවා. ඒ එක විදිහයක්. තව විදිහක්. අලුතින් රස්සා ඇතිවෙන්න ඕන. එළියේ හැදෙන්නත් ඕනා. ආණ්ඩුවේ ඇතිවෙන්නත් ඕන.
අපි අධ්‍යාපනය මොකක්ද? දෙමාපියන්ට බරක්. දරුවන්ට වදයක්. අපි ලබන අවුරුද්දේ පටන් ගන්නවා හයවන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. දෙමාපියන්ට වදයක් නොවන දරුවන්ට වදයක් නොවන රජයේ වගකීමක් බවට පත්වෙන නව අධ්‍යාපන ක්‍රමයක් අපි අරගෙන එනවා. අන්න එතොකට දෙමාපියන්ට මොකද වෙන්නේ. මෙහෙම තමයි ප්‍රතිලාභ ලැබෙන්නේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අයිස් කන්ටේනරය ඇල්ලූ සිද්ධියට නාකොටික් ලොක්කන් 6 කට වහාම මාරු.. – පොඩ්ඩන් පිරිසකටත් මාරුවීම් නියමිතයි..
අලුත් ගැටුමක් ඇතිවුනොත් ඉන්දියන් සාගරයේ ඇමරිකානු නෞකාවලට පහරදෙනවා.. - ඉරානය අනතුරු අඟවයි..
ආර්ථිකය ඉතිහාසයේ හොඳම තත්ත්වයට දැන් ගෙනැවිත් තියෙන්නේ.. - ජනපති
යුරෝපයේ හමුදාමය සූදානම හමුවේ රුසියාවෙන් අනතුරු ඇඟවීමක්.. ඇමෙරිකාව සහ යුක්‍රේනය සම්බන්ධයෙන් ස්ථාවරයත් හෙළි කරයි.. - එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රබල ප්‍රකාශයක්
කතානායකට එරෙහිව විශ්වාසභංගයක්.. චෝදනා 46ක්..
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම නාමල්ගෙන් ප්‍රකාශයක් ලබා ගනී..
"කොපමණ සම්බාධක දැමුවත් රටේ ස්වෛරීභාවය පාවා දෙන්නේ නෑ" – කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාලෝස් ෆර්නැන්ඩස් ගෙන් අමෙරිකාවට එරෙහිව දැඩි ප්‍රකාශයක්
යුරෝපය සමඟ යුද්ධයක් රුසියාවට අවශ්‍ය නැහැ – පුටින්
බිනර පුර පසළොස්වක පොහොය අදයි..
තිලීපන්ගේ උපවාසය සහ සැමරුම් පිළිබඳ නැවතත් කතාබහක්: ඉතිහාසයේ සැබෑ තත්ත්වය සහ දේශපාලන භාවිතය පිළිබඳ ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝගෙන් අනාවරණයක්..
ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම යන්නේ එකම පාරේ.. ආණ්ඩුව තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න ව්‍යවස්ථා සංශෝධන ගේනවා.. ඒකත් පැරණි ක්‍රමයම තමයි.. - උවිඳු විජේවීර
"සියලු අභියෝග මැද චීන-ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් කරනවා" – චීන තානාපති වේ හුආශියැං
රුසියානුවන් පුටින් පාලනයට යළි රට භාරදුන්නේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් සුවිශේෂී අනාවරණයක්..
ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසමට අධිකරණයෙන් අවසර දෙයි..
''අමෙරිකාවට දණ නමන්නේ නෑ''- ජගත් මහා මණ්ඩලයේ දී ඉරාන ජනපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
අමෙරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටනයට..