ගෝඨාගෝගම අරගලකරුවන්ට පහරදීම ගැන මහින්දට නඩු නොපැවරීමට තීන්දු කරයි..
2022 වසරේදී ගාලුමුවදොර 'ගෝඨාගෝගම' විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අධිචෝදනා ගොනු නොකිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව 'The Sunday Times' පුවත්පත වාර්තා කර සිටියි.
එම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා එල්ල කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි විමර්ශන නිලධාරීන් විසින් ඉදිරිපත් කර නොමැති වීම මෙම තීරණයට හේතු වී තිබේ.
කෙසේ වෙතත්, ඇසින් දුටු සාක්ෂි, පරිවේෂණීය සාක්ෂි සහ වීඩියෝ දර්ශන විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් විද්වත් සාක්ෂි මත පදනම්ව වෙනත් සැකකරුවන් 34 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට නිර්දේශ කර ඇතැයි 'The Sunday Times' පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි. ඉන් සැකකරුවන් තිදෙනෙකු වන හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, දෑන් ප්‍රියසාද් සහ හිටපු වෘත්තීය සමිති නායිකා වසන්තා හඳපාන්ගොඩ යන අය මේ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටිති.
ඒ අනුව, දැනට ජීවතුන් අතර සිටින සෙසු සැකකරුවන් 31 දෙනාට එරෙහිව නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, මිනීමැරීමට තැත් කිරීම සහ බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 327ක් යටතේ කොළඹ මහාධිකරණයේදී එක් අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමට නියමිතය. මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් (Trial-at-Bar) පත් කරන ලෙස නීතිපති පරින්ද රණසිංහ මහතා විසින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.
අධිචෝදනා ලැබීමට නියමිත පිරිස අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක අමල් පුෂ්පකුමාර ද සිල්වා, කොළඹ මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක අජන්ත ලියනගේ, හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම සහ 'අරාබි වසන්ත' ලෙස හඳුන්වන අසංක නාලක විජේසිංහ යන අය ඇතුළත් වන බව 'The Sunday Times' පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුරෝපයේ හමුදාමය සූදානම හමුවේ රුසියාවෙන් අනතුරු ඇඟවීමක්.. ඇමෙරිකාව සහ යුක්‍රේනය සම්බන්ධයෙන් ස්ථාවරයත් හෙළි කරයි.. - එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රබල ප්‍රකාශයක්
කතානායකට එරෙහිව විශ්වාසභංගයක්.. චෝදනා 46ක්..
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම නාමල්ගෙන් ප්‍රකාශයක් ලබා ගනී..
"කොපමණ සම්බාධක දැමුවත් රටේ ස්වෛරීභාවය පාවා දෙන්නේ නෑ" – කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාලෝස් ෆර්නැන්ඩස් ගෙන් අමෙරිකාවට එරෙහිව දැඩි ප්‍රකාශයක්
යුරෝපය සමඟ යුද්ධයක් රුසියාවට අවශ්‍ය නැහැ – පුටින්
බිනර පුර පසළොස්වක පොහොය අදයි..
තිලීපන්ගේ උපවාසය සහ සැමරුම් පිළිබඳ නැවතත් කතාබහක්: ඉතිහාසයේ සැබෑ තත්ත්වය සහ දේශපාලන භාවිතය පිළිබඳ ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝගෙන් අනාවරණයක්..
ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම යන්නේ එකම පාරේ.. ආණ්ඩුව තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න ව්‍යවස්ථා සංශෝධන ගේනවා.. ඒකත් පැරණි ක්‍රමයම තමයි.. - උවිඳු විජේවීර
"සියලු අභියෝග මැද චීන-ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් කරනවා" – චීන තානාපති වේ හුආශියැං
රුසියානුවන් පුටින් පාලනයට යළි රට භාරදුන්නේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් සුවිශේෂී අනාවරණයක්..
ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසමට අධිකරණයෙන් අවසර දෙයි..
''අමෙරිකාවට දණ නමන්නේ නෑ''- ජගත් මහා මණ්ඩලයේ දී ඉරාන ජනපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
අමෙරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටනයට..
අභියෝග හමුවේ නොසැලුණු චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට නව ජවයක්.. - 77 වන ජාතික දිනයේදී චීන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
22 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු ජනාධිපතිගේ පොරොන්දුවලට සහ ආණ්ඩුවට අත් වන ඉරණම ගැන අනාවරණයක්..
22 ගැන විවාදය අද..