ටිල්වින් සිල්වා ඇතුළු ජවිපෙ නියෝජිතයෝ පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක..
ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු පස්දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් ඔක්තෝම්බර් 1 වනදා දක්වා ඉන්දියාවේ සිව්දින නිල සංචාරයක නිරත වීමට නියමිතයි.
මෙම සංචාරය සිදුවන්නේ භාරතීය ජනතා පක්ෂයේ (BJP) විදේශ කටයුතු අංශය විසින් සංවිධානය කරනු ලබන 'KNOW BJP' වැඩසටහනට ලද ආරාධනයකට අනුවය.
මෙම නිල සංචාරය අතරතුර ජවිපෙ නියෝජිත පිරිස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ බීජේපී ජාතික සභාපති නිතින් නබින් ඇතුළු එරට ප්‍රමුඛ පෙළේ දේශපාලන නායකයන් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.
දෙපාර්ශ්වය අතර පවතින දේශපාලන සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ සංවිධානාත්මක අත්දැකීම් හුවමාරු කරගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව බීජේපී විදේශ කටයුතු අංශය සඳහන් කරයි.
මෙම නියෝජිත පිරිසට මහලේකම් ටිල්වින් සිල්වා මහතාට අමතරව, ජවිපෙ මධ්‍යම කමිටු සාමාජිකා චන්ද්‍රිකා අධිකාරි, පාර්ලිමේන්තු මන්ත්‍රී අබූබකර් අතම්බාවා, දිස්ත්‍රික් කමිටු සාමාජික කබිලන් සුන්දරමූර්ති සහ ජාත්‍යන්තර අංශයේ සාමාජිකා කල්පනා මධුභාෂිනී යන අය ඇතුළත්ව සිටිති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුරෝපයේ හමුදාමය සූදානම හමුවේ රුසියාවෙන් අනතුරු ඇඟවීමක්.. ඇමෙරිකාව සහ යුක්‍රේනය සම්බන්ධයෙන් ස්ථාවරයත් හෙළි කරයි.. - එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රබල ප්‍රකාශයක්
කතානායකට එරෙහිව විශ්වාසභංගයක්.. චෝදනා 46ක්..
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම නාමල්ගෙන් ප්‍රකාශයක් ලබා ගනී..
"කොපමණ සම්බාධක දැමුවත් රටේ ස්වෛරීභාවය පාවා දෙන්නේ නෑ" – කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාලෝස් ෆර්නැන්ඩස් ගෙන් අමෙරිකාවට එරෙහිව දැඩි ප්‍රකාශයක්
යුරෝපය සමඟ යුද්ධයක් රුසියාවට අවශ්‍ය නැහැ – පුටින්
බිනර පුර පසළොස්වක පොහොය අදයි..
තිලීපන්ගේ උපවාසය සහ සැමරුම් පිළිබඳ නැවතත් කතාබහක්: ඉතිහාසයේ සැබෑ තත්ත්වය සහ දේශපාලන භාවිතය පිළිබඳ ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝගෙන් අනාවරණයක්..
ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම යන්නේ එකම පාරේ.. ආණ්ඩුව තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න ව්‍යවස්ථා සංශෝධන ගේනවා.. ඒකත් පැරණි ක්‍රමයම තමයි.. - උවිඳු විජේවීර
"සියලු අභියෝග මැද චීන-ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් කරනවා" – චීන තානාපති වේ හුආශියැං
රුසියානුවන් පුටින් පාලනයට යළි රට භාරදුන්නේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් සුවිශේෂී අනාවරණයක්..
ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසමට අධිකරණයෙන් අවසර දෙයි..
''අමෙරිකාවට දණ නමන්නේ නෑ''- ජගත් මහා මණ්ඩලයේ දී ඉරාන ජනපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
අමෙරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටනයට..
අභියෝග හමුවේ නොසැලුණු චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට නව ජවයක්.. - 77 වන ජාතික දිනයේදී චීන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
22 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු ජනාධිපතිගේ පොරොන්දුවලට සහ ආණ්ඩුවට අත් වන ඉරණම ගැන අනාවරණයක්..
22 ගැන විවාදය අද..