ඉතාලියේ පාසල් තුළ බුර්කාව, නිකාබය තහනම් කෙරේ..
ඉතාලියේ පාසල් පරිශ්‍ර තුළ සිසුන් නිවැරදිව හඳුනාගැනීමේ ගැටලු නිරාකරණය කිරීම සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින්, බුර්කාව සහ නිකාබය පැළඳීම තහනම් කිරීමට අග්‍රමාත්‍ය ජෝර්ජියා මෙලෝනිගේ රජය පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, මුහුණ නිරාවරණය වන හිජාබය පැළඳීමට මෙයින් කිසිදු බාධාවක් නොවන අතර, මෙම නව නියෝගය උල්ලංඝනය කරන්නන්ට යුරෝ 1,000 දක්වා (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ තුනකට අධික) දඩ මුදල් පැනවීමට ද ප්‍රතිපාදන සලසා ඇත.
අග්‍රමාත්‍යවරිය පෙන්වා දෙන්නේ බලහත්කාරයෙන් මුහුණු ආවරණය කිරීමට සිදුවීමෙන් කාන්තාවන්ගේ හා දැරියන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවයි.
මීට අමතරව සංක්‍රමණික සිසුන් සමාජගත කිරීම පහසු කිරීම සහ පන්ති කාමර තුළ හුදෙකලා කණ්ඩායම් නිර්මාණය වීම වැළැක්වීම සඳහා, පාසල්වල පළමු වසරට ඇතුළත් කරගන්නා ඉතාලි පුරවැසිභාවය නොමැති සිසුන් සංඛ්‍යාව 30%ක උපරිම සීමාවක පවත්වා ගැනීමට ද තීරණය කර ඇත.
යුරෝපා පුරා ක්‍රියාත්මක වන මෙවැනි නීතිමය මර්දනයන්ගේ දිගුවක් ලෙස සම්මත කරගත් මෙම විශේෂ නියෝගය ඉදිරි දින 60 ඇතුළත ඉතාලි පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුරෝපයේ හමුදාමය සූදානම හමුවේ රුසියාවෙන් අනතුරු ඇඟවීමක්.. ඇමෙරිකාව සහ යුක්‍රේනය සම්බන්ධයෙන් ස්ථාවරයත් හෙළි කරයි.. - එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රබල ප්‍රකාශයක්
කතානායකට එරෙහිව විශ්වාසභංගයක්.. චෝදනා 46ක්..
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම නාමල්ගෙන් ප්‍රකාශයක් ලබා ගනී..
"කොපමණ සම්බාධක දැමුවත් රටේ ස්වෛරීභාවය පාවා දෙන්නේ නෑ" – කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාලෝස් ෆර්නැන්ඩස් ගෙන් අමෙරිකාවට එරෙහිව දැඩි ප්‍රකාශයක්
යුරෝපය සමඟ යුද්ධයක් රුසියාවට අවශ්‍ය නැහැ – පුටින්
බිනර පුර පසළොස්වක පොහොය අදයි..
තිලීපන්ගේ උපවාසය සහ සැමරුම් පිළිබඳ නැවතත් කතාබහක්: ඉතිහාසයේ සැබෑ තත්ත්වය සහ දේශපාලන භාවිතය පිළිබඳ ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝගෙන් අනාවරණයක්..
ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම යන්නේ එකම පාරේ.. ආණ්ඩුව තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න ව්‍යවස්ථා සංශෝධන ගේනවා.. ඒකත් පැරණි ක්‍රමයම තමයි.. - උවිඳු විජේවීර
"සියලු අභියෝග මැද චීන-ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් කරනවා" – චීන තානාපති වේ හුආශියැං
රුසියානුවන් පුටින් පාලනයට යළි රට භාරදුන්නේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් සුවිශේෂී අනාවරණයක්..
ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසමට අධිකරණයෙන් අවසර දෙයි..
''අමෙරිකාවට දණ නමන්නේ නෑ''- ජගත් මහා මණ්ඩලයේ දී ඉරාන ජනපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
අමෙරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටනයට..
අභියෝග හමුවේ නොසැලුණු චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට නව ජවයක්.. - 77 වන ජාතික දිනයේදී චීන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
22 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු ජනාධිපතිගේ පොරොන්දුවලට සහ ආණ්ඩුවට අත් වන ඉරණම ගැන අනාවරණයක්..
22 ගැන විවාදය අද..