ගීතවල සැබෑ අයිතිය සංගීතඥයාට සහ පද රචකයාටයි.. මා ගායනා කරන ගීත ඕනෑම අයෙකුට නොමිලේ ගයන්න කියන්න මට බෑ..- රූකාන්ත ගුණතිලක..
ගීතයක සැබෑ හිමිකාරිත්වය පැවැරෙන්නේ එය නිර්මාණය කළ සංගීත අධ්‍යක්ෂවරයාට සහ පද රචකයාට පමණක් බවත්, ගායකයෙකු ලෙස පමණක් පෙනී සිටිමින් වෙනත් අයෙකුගේ නිර්මාණයකට අදාළව තීරණ ගැනීමට තමන්ට කිසිදු නෛතික හෝ සදාචාරාත්මක අයිතියක් නැති බවත් ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා පවසයි.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, ගීතයක් බිහි කිරීමේදී එහි මූලික තනුව සහ සංකල්පය මුලින්ම ගායනා කරමින් නිර්මාණය කරන්නේ සංගීතඥයා විසින්ම බවයි. එම නිසා නිර්මාණයක පූර්ණ හිමිකම හිමිවන්නේ එහි සංගීතඥයාට සහ ගීත රචකයාට බව ඔහු අවධාරණය කළේය.
උදාහරණයක් ලෙස "සුවඳ දැනී" ගීතය දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, එම ගීතය ඕනෑම අයෙකුට නොමිලේ ගායනා කිරීමට අවසර දීමේ හැකියාවක් තමන්ට නොමැති බවයි. ඊට හේතුව එහි අයිතිය සංගීත නිර්මාණකරුවාට මෙන්ම අභාවප්‍රාප්ත අජන්තා රණසිංහ සූරීන්ගේ පවුලේ උරුමකරුවන්ට හිමිවීමයි.
කලාකරුවන්ගේ මහන්සියට නිසි වටිනාකමක් සහ සාධාරණයක් ඉෂ්ට විය යුතු බවත්, මේ පිළිබඳව මෙරට රසික ප්‍රජාව නිවැරදි අවබෝධයකින් කටයුතු කිරීම වැදගත් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය. එසේම, සංගීත ක්ෂේත්‍රය හරහා විදේශීය ආදායම් මෙරටට ගලා එන්නේ නම් එය රටේ ආර්ථිකයට මෙන්ම රජයේ බදු ආදායමටද ශක්තියක් වන බැවින්, සියලු දෙනා එක්ව මෙවැනි විධිමත් ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..