යුරෝපය සමඟ යුද්ධයක් රුසියාවට අවශ්‍ය නැහැ – පුටින්
රුසියාව යුරෝපීය රටවල් සමඟ යුද ක්‍රියාමාර්ගයකට සූදානම් නොවන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. එලෙසම රුසියාවෙන් එල්ල වන තර්ජනයක් පිළිබඳ ප්‍රකාශ ආතතීන් උත්සන්න කිරීමේ උත්සාහයක් ලෙස සලකා ඔහු ප්‍රතික්ෂේප කළේය. ඊයේ(25) ශාන්ත පීටර්ස්බර්ග්හි පැවති 12 වැනි එක්සත් සංස්කෘතික සංසදයට සමගාමීව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පුටින් මෙලෙස පැවසුවේය.එහිදි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් යුක්රේනයට අඛණ්ඩව සහාය දැක්වීම සඳහා යුරෝපීය රටවල් ආතතීන් උත්සන්න කරමින් සිටින බව අවධාරණය කළේය.
යුරෝපයේ සිටින “ආක්‍රමණශීලී කණ්ඩායම්” රුසියාවේ සංවර්ධනය සීමා කිරීම සඳහා යුක්රේනය “කාලතුවක්කු උණ්ඩයක් ලෙස” භාවිත කිරීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කළේය.
රුසියාව සමඟ ඇති විය හැකි ගැටුමක් සම්බන්ධයෙන් එස්තෝනියානු ආරක්ෂක අමාත්‍ය හැනෝ පෙව්කූර් කළ ප්‍රකාශ “ප්‍රකෝප කිරීමක්” ලෙස පුටින් විස්තර කළ අතර, රුසියාවට එරෙහි පූර්ව ප්‍රහාරයකින් ප්‍රතිලාභ ලැබිය හැකි බවට කරන ප්‍රකාශ “දේශපාලන විගඩමක්” ලෙසද හැඳින්වීය.
“සර්කස් කණ්ඩායම පිටව ගොස්. නමුත් විගඩම්කරුවන් තවමත් ඉතිරිව සිටිනවා,” යැයි ඔහු පැවසීය.
කීව් පාලනය සමඟ නැවත සාකච්ඡා ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳවද පුටින් අදහස් දැක්වූ අතර, ඒ සම්බන්ධයෙන් ගන්නා ඕනෑම තීරණයක් රුසියාවේම අවශ්‍යතා මත පදනම් වන බව අවධාරණය කළේය.
ජනාධිපතිවරයාට අනුව, යුක්රේනය සටන් විරාමයක් සම්බන්ධයෙන් ක්‍රියාකාරීව අදහස් ඉදිරිපත් කරමින් සිටියි. බලශක්ති යටිතල පහසුකම් වෙත එල්ල කරන ප්‍රහාර නතර කිරීම මෙන්ම රුසියාවේ කළු මුහුදු වෙරළට පනවා ඇති අවහිරතාව අවසන් කිරීමද සටන් විරාමයට ඇතුළත් වේ. එසේ වුවද, යුක්රේනය රුසියාවට එරෙහිව තම ප්‍රහාර අඛණ්ඩව සිදු කරමින් සිටින බව පුටින් පෙන්වා දුන්නේය.
රුසියාව, තම සිවිල් ඉලක්ක වෙත එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වූ බව පුටින් පැවසූ අතර, විශේෂයෙන් සැප්තැම්බර් 20 වැනිදා මොස්කව් වෙත යුක්රේනය එල්ල කළ “මහා පරිමාණ” ප්‍රහාරය මෙන්ම නේවාසික ගොඩනැගිලි සහ මැතිවරණ නිලධාරීන් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරද පෙන්වා දුන්නේය. අනෙක් අතට රුසියාව එල්ල කළ ප්‍රතිප්‍රහාර යුක්රේන හමුදා සඳහා “සංවේදී හා විනාශකාරී” බලපෑමක් ඇති කළ බව ඔහු පැවසීය.
“රුසියාවේ මෙම ප්‍රතිප්‍රහාර ඔවුන්ට දැනිය යුතු අතර, කිසිදු ප්‍රකෝපකාරී ක්‍රියාවක් හෝ තත්ත්වය උත්සන්න කිරීමක් ඔවුන් අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබා නොදෙන බව ඔවුන් තේරුම් ගත යුතුයි. එවැනි ක්‍රියා මගින් ඔවුන්ගේ තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙනු ඇති.” යැයි රුසියානු ජනාධිපතිවරයා පැවසීය.
පුටින්ට අනුව, රුසියාව යුරෝපයට පහරදීමට අදහස් කරන බවට කරන ප්‍රකාශ, යුරෝපීය ජනතාවට යුක්රේනය සඳහා අඛණ්ඩව මුදල් වැය කිරීම සාධාරණීකරණය කිරීම සඳහා භාවිත කරන උපක්‍රමයකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුරෝපයේ හමුදාමය සූදානම හමුවේ රුසියාවෙන් අනතුරු ඇඟවීමක්.. ඇමෙරිකාව සහ යුක්‍රේනය සම්බන්ධයෙන් ස්ථාවරයත් හෙළි කරයි.. - එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රබල ප්‍රකාශයක්
කතානායකට එරෙහිව විශ්වාසභංගයක්.. චෝදනා 46ක්..
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම නාමල්ගෙන් ප්‍රකාශයක් ලබා ගනී..
"කොපමණ සම්බාධක දැමුවත් රටේ ස්වෛරීභාවය පාවා දෙන්නේ නෑ" – කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාලෝස් ෆර්නැන්ඩස් ගෙන් අමෙරිකාවට එරෙහිව දැඩි ප්‍රකාශයක්
යුරෝපය සමඟ යුද්ධයක් රුසියාවට අවශ්‍ය නැහැ – පුටින්
බිනර පුර පසළොස්වක පොහොය අදයි..
තිලීපන්ගේ උපවාසය සහ සැමරුම් පිළිබඳ නැවතත් කතාබහක්: ඉතිහාසයේ සැබෑ තත්ත්වය සහ දේශපාලන භාවිතය පිළිබඳ ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝගෙන් අනාවරණයක්..
ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම යන්නේ එකම පාරේ.. ආණ්ඩුව තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න ව්‍යවස්ථා සංශෝධන ගේනවා.. ඒකත් පැරණි ක්‍රමයම තමයි.. - උවිඳු විජේවීර
"සියලු අභියෝග මැද චීන-ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් කරනවා" – චීන තානාපති වේ හුආශියැං
රුසියානුවන් පුටින් පාලනයට යළි රට භාරදුන්නේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් සුවිශේෂී අනාවරණයක්..
ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසමට අධිකරණයෙන් අවසර දෙයි..
''අමෙරිකාවට දණ නමන්නේ නෑ''- ජගත් මහා මණ්ඩලයේ දී ඉරාන ජනපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
අමෙරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටනයට..
අභියෝග හමුවේ නොසැලුණු චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට නව ජවයක්.. - 77 වන ජාතික දිනයේදී චීන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
22 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු ජනාධිපතිගේ පොරොන්දුවලට සහ ආණ්ඩුවට අත් වන ඉරණම ගැන අනාවරණයක්..
22 ගැන විවාදය අද..