නොවැම්බර් 01 සිට කාර්යයන් රැසකට TIN අංකය අනිවාර්යයි..
2026 නොවැම්බර් 01 වනදා සිට නිශ්චිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
ඒ අනුව බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබාගැනීම, මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සහ මෝටර් රථ බලපත්‍රයක් අලුත් කිරීමේදී TIN අංකය ඉදිරිපත් කළ යුතුය.
එමෙන්ම ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම සහ ණය කාඩ්පතක් ලබාගැනීමේදීද වලංගු TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව නිවේනදයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ කාර්යයන් සිදු කිරීමට පෙර TIN අංකය වලංගු බවට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින් තහවුරු කරගත යුතු බවය.
TIN අංකයක් මෙතෙක් ලබාගෙන නොමැති පුද්ගලයින්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා ඒ සඳහා ලියාපදිංචි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. (https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader)
එමෙන්ම තමන් සතුව ඇති TIN අංකය වලංගුද යන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා තහවුරු කරගැනීමටද අවස්ථාව සලසා තිබේ. (https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index)
තහවුරු කිරීම සාර්ථකව සිදු වූ පසු TIN අංකය තිරයේ දිස්වන අතර, පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ TIN අංකය පැහැදිලිව දැක්වෙන මුද්‍රිත පිටපතක්ද නිශ්චිත කාර්යයන් සඳහා නිල TIN සහතිකය වෙනුවට පිළිගත හැකි බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තිලීපන්ගේ උපවාසය සහ සැමරුම් පිළිබඳ නැවතත් කතාබහක්: ඉතිහාසයේ සැබෑ තත්ත්වය සහ දේශපාලන භාවිතය පිළිබඳ ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝගෙන් අනාවරණයක්..
ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම යන්නේ එකම පාරේ.. ආණ්ඩුව තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න ව්‍යවස්ථා සංශෝධන ගේනවා.. ඒකත් පැරණි ක්‍රමයම තමයි.. - උවිඳු විජේවීර
"සියලු අභියෝග මැද චීන-ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් කරනවා" – චීන තානාපති වේ හුආශියැං
රුසියානුවන් පුටින් පාලනයට යළි රට භාරදුන්නේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් සුවිශේෂී අනාවරණයක්..
ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසමට අධිකරණයෙන් අවසර දෙයි..
''අමෙරිකාවට දණ නමන්නේ නෑ''- ජගත් මහා මණ්ඩලයේ දී ඉරාන ජනපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
අමෙරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටනයට..
අභියෝග හමුවේ නොසැලුණු චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට නව ජවයක්.. - 77 වන ජාතික දිනයේදී චීන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
22 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු ජනාධිපතිගේ පොරොන්දුවලට සහ ආණ්ඩුවට අත් වන ඉරණම ගැන අනාවරණයක්..
22 ගැන විවාදය අද..
ත්‍රස්තවාදීන්ව උතුරේ සමරනවා.. නීතිය සැමට පොදුයි කියලා ජනපතියි, අමගැමතිනියි කියනවා.. ඒත් දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හමුවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.. - විමල් වීරවංශ
සලේගේ වෛද්‍ය වාර්තාව ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු..
ඇමරිකාව රතුමූදෙන් පන්නාදමා යේමනයට රිදෙන්න ගහපු හුතීන් කවුද?
පාස්කු ප්‍රහාර නඩුවේ වරදකරුවන් 15ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්..
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ.. 9 දෙනෙකු නිදොස්කොට නිදහස්..
ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව අහිමි වීම දක්වා ආ ගමන ගැන කියන කතාව..