ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම යන්නේ එකම පාරේ.. ආණ්ඩුව තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න ව්‍යවස්ථා සංශෝධන ගේනවා.. ඒකත් පැරණි ක්‍රමයම තමයි.. - උවිඳු විජේවීර
ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම ගමන්කරමින් සිටින්නේ එකම මාර්ගයක බවත්, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව සහ 22 වැනි සංශෝධනයේ අභ්‍යන්තරයට ගොස් ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් නොකර සිදුකරන මෙම ක්‍රියාදාමය තුළ ජනතාව අධිකරණය සම්බන්ධයෙන් ඇති විශ්වාසය නැතිකර ගන්නා බවත් දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.
ජනතාව වත්මන් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූයේ පවතින දූෂිත හා අසාර්ථක දේශපාලන ක්‍රමවේදයේ සම්පූර්ණ වෙනසක් (System Change) මිස පැරණි ක්‍රමයම නැවත අලුත්වැඩියා කිරීමක් නොවන බව ඒ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ 1977 දී හඳුන්වා දුන් විවෘත ආර්ථිකය සහ 1978 ව්‍යවස්ථාව මගින් ඇති කළ ඒකාධිපති පාලන රටාව තවමත් නොවනස්ව පවතින බවයි.
පසුගිය කාලය පුරාම බලයට පත් වූ විවිධ ආණ්ඩු තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගැනීම සඳහා ව්‍යවස්ථා සංශෝධන ගෙන ආ බවත්, වත්මන් පාලනය යටතේද සිදුවන්නේ එම පැරණි ක්‍රමයම ඉදිරියට ගෙන යාම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ආණ්ඩුවට ලැබී ඇති තුනෙන් දෙකේ බලය සමස්ත ජනගහනයේම මතය නිරූපණය නොකරන බව පෙන්වා දුන් උවිඳු විජේවීර මහතා, ඡන්දය භාවිතා නොකළ විශාල පිරිසක් ඇතුළු මහජනතාව මෙවැනි තීරණ කෙරෙහි අප්‍රසාදයෙන් පසුවන බැවින් මෙවැනි සංශෝධනවලට දීර්ඝ ආයුෂ නොමැති බව අවධාරණය කළේය.
එසේම, අතීතයේ තම පියා ඇතුළු පිරිස අපේක්ෂා කළ සැබෑ පරිවර්තනය වෙනුවට ජේ.ආර්. ජයවර්ධන මහතා ආරම්භ කළ දේශපාලන ගමන්මගම වත්මන් පාලකයින්ද අනුගමනය කරන බවට ඔහු මෙහිදී චෝදනා කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තිලීපන්ගේ උපවාසය සහ සැමරුම් පිළිබඳ නැවතත් කතාබහක්: ඉතිහාසයේ සැබෑ තත්ත්වය සහ දේශපාලන භාවිතය පිළිබඳ ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝගෙන් අනාවරණයක්..
ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම යන්නේ එකම පාරේ.. ආණ්ඩුව තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න ව්‍යවස්ථා සංශෝධන ගේනවා.. ඒකත් පැරණි ක්‍රමයම තමයි.. - උවිඳු විජේවීර
"සියලු අභියෝග මැද චීන-ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් කරනවා" – චීන තානාපති වේ හුආශියැං
රුසියානුවන් පුටින් පාලනයට යළි රට භාරදුන්නේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් සුවිශේෂී අනාවරණයක්..
ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසමට අධිකරණයෙන් අවසර දෙයි..
''අමෙරිකාවට දණ නමන්නේ නෑ''- ජගත් මහා මණ්ඩලයේ දී ඉරාන ජනපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
අමෙරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටනයට..
අභියෝග හමුවේ නොසැලුණු චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට නව ජවයක්.. - 77 වන ජාතික දිනයේදී චීන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
22 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු ජනාධිපතිගේ පොරොන්දුවලට සහ ආණ්ඩුවට අත් වන ඉරණම ගැන අනාවරණයක්..
22 ගැන විවාදය අද..
ත්‍රස්තවාදීන්ව උතුරේ සමරනවා.. නීතිය සැමට පොදුයි කියලා ජනපතියි, අමගැමතිනියි කියනවා.. ඒත් දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හමුවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.. - විමල් වීරවංශ
සලේගේ වෛද්‍ය වාර්තාව ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු..
ඇමරිකාව රතුමූදෙන් පන්නාදමා යේමනයට රිදෙන්න ගහපු හුතීන් කවුද?
පාස්කු ප්‍රහාර නඩුවේ වරදකරුවන් 15ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්..
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ.. 9 දෙනෙකු නිදොස්කොට නිදහස්..
ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව අහිමි වීම දක්වා ආ ගමන ගැන කියන කතාව..