News Category
From Date
To Date
Maximum Number of Result

''අමෙරිකාවට දණ නමන්නේ නෑ''- ජගත් මහා මණ්ඩලයේ දී ඉරාන ජනපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්..

Sep 24, 2026 at 02:06 PM
|

අමෙරිකාව සමග පවතින යුද්ධය හමුවේ ඉරානය කිසිවිටෙකත් දණ නොනමන බව, ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් අවධාරණය කරන බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අමතමින් ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, ගැටුම් විසඳා ගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදය මත විශ්වාසය තබමින් කටයුතු කරන බවයි.

ඉරාන ජනාධිපතිවරයා සැසිය අමතන අවස්ථාවේදී ඔහු අමෙරිකානු ප්‍රහාරවලින් මියගිය කුඩා දරුවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් සිය කතාව සිදුකර තිබුණ බවත් විදෙස් මාධ්‍ය වල සඳහන්.

කෙසේ වෙතත්, ඉරාන රාජ්‍ය නායකයා මහා මණ්ඩලය ඇමතීමට සූදානම් වන අවස්ථාවේදී අමෙරිකානු නියෝජිතයින් සභා ගර්භයෙන් පිටත්ව ගොස් තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සම්බන්ධිත පුවත් | Related News

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, නියගම, තවලම සහ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා 3 වන මට්ටමේ (ඉවත් වීමේ) නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට වූ චෝදනාවට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන ඔක්තෝබර් මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (24) නියම කළේය.
හිරු "බලය" දේශපාලන වැඩසටහන අද රාත්‍රී 10.30 ට හිරු TV නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිත අතර, දෙවන පරපුර පක්ෂයේ නායක උවිදු විජේවීර මහතා මෙම වැඩසටහකට එක්වීමට නියමිතය.
ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සමගි ජන බලවේගය විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි උද්ඝෝෂණය බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී මේ වන විට ක්‍රියාත්මක වේ.
ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් රටට රුපියල් කෝටි 1,400ක (රුපියල් බිලියන 14ක) දැවැන්ත පාඩුවක් සිදුව ඇති බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී හෙළිවූ බව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කලේය.
චීන ජනාධිපති ෂී ජින්පිං විශේෂ ගුවන් යානයකින් අමෙරිකා වොෂින්ටන් නගරයේ තදාසන්නව පිහිටි ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුර වෙත පැමිණ තිබේ.
මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 77 වන සංවත්සරය සැමරීමේ නිල රාත්‍රී භෝජන සංග්‍රහය සහ පිළිගැනීමේ උත්සවය කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි.
දිවුලපතාන ප්‍රදේශයේ සිංහල ගොවීන් තම ගොවි බිම්වලින් ඉවත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිත විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු කමිටු කාමර අංක 8 හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

''අමෙරිකාවට දණ නමන්නේ නෑ''- ජගත් මහා මණ්ඩලයේ දී ඉරාන ජනපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්..

අමෙරිකාව සමග පවතින යුද්ධය හමුවේ ඉරානය කිසිවිටෙකත් දණ නොනමන බව, ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් අවධාරණය කරන බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.

අභියෝග හමුවේ නොසැලුණු චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට නව ජවයක්.. - 77 වන ජාතික දිනයේදී චීන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 77 වන සංවත්සරය සැමරීමේ නිල රාත්‍රී භෝජන සංග්‍රහය සහ පිළිගැනීමේ උත්සවය කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණි.

22 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු ජනාධිපතිගේ පොරොන්දුවලට සහ ආණ්ඩුවට අත් වන ඉරණම ගැන අනාවරණයක්..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත කරගැනීමට හැකි වීම ආණ්ඩුවේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි වුවද, එමගින් ජනතාව මුහුණ දෙන සැබෑ ආර්ථික හෝ සමාජීය ගැටලුවලට විසඳුම් නොලැබෙන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

22 ගැන විවාදය අද..

අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

ත්‍රස්තවාදීන්ව උතුරේ සමරනවා.. නීතිය සැමට පොදුයි කියලා ජනපතියි, අමගැමතිනියි කියනවා.. ඒත් දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හමුවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.. - විමල් වීරවංශ

තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබලයකු වන තිලීපන් (රාසයියා පාර්තිපන්) වෙනුවෙන් යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ ලෝකඩ ප්‍රතිමාවක් ස්ථාපනය කර සැමරුම් පැවැත්වීමට ඉඩදීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා රජයට දැඩි චෝදනා එල්ල කරයි.

සලේගේ වෛද්‍ය වාර්තාව ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක්ව ඇති බවත්, එය පාලනය සඳහා හෘදය වස්තුවට උපකරණයක් සවිකර ඇති බවත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (22) අනාවරණය විය.

ඇමරිකාව රතුමූදෙන් පන්නාදමා යේමනයට රිදෙන්න ගහපු හුතීන් කවුද?

දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා දිවයින ඔන්ලයින් (Divaina Online) යූටියුබ් නාලිකාව සමඟ එක්වෙමින් පවසන්නේ වත්මන් මැදපෙරදිග කලාපයේ දේශපාලන සහ ආරක්ෂක තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් දිශාවකට ගමන් කරමින් පවතින බවයි.

පාස්කු ප්‍රහාර නඩුවේ වරදකරුවන් 15ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර ප්‍රධාන නඩුවේ වරදකරුවන් 15 දෙනාට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් වෙන වෙනම දඩුවම් නියම විය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ.. 9 දෙනෙකු නිදොස්කොට නිදහස්..

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව මේ වනවිට ප්‍රකාශ කරමින් පවති.

ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව අහිමි වීම දක්වා ආ ගමන ගැන කියන කතාව..

රටේ පවතින නීතියට ගරු කිරීම භික්ෂූන් වහන්සේලා ඇතුළු සෑම පුරවැසියෙකුගේම වගකීමක් බැවින් තමන් වහන්සේ නීතියට හිස නමන බවත්, තමන් සිදුකළ අරගලය කිසිදු පෞද්ගලික හෝ දේශපාලනික න්‍යායපත්‍රයක් වෙනුවෙන් නොව ජාතියේ හා ශාසනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් සිදුකළ එකක් බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.

22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම: නීතිය ක්‍රියාත්මක කිරීමක්ද?.. දේශපාලන දඩයමක්ද?..

2013 වසරේ සිදුවූ බව කියන එයාර්බස් (Airbus) ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැය පහක දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව සැප්තැම්බර් 4 වනදා අත්අඩංගුවට ගන්නා ලදී.

සවුදිය අර්බුදයක.. සටන් විරාමයක් සඳහා සතර අතට පණිවිඩ යවයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

සවුදි අරාබිය මේ වන විට දැඩි දේශපාලනික සහ ආරක්ෂක අර්බුදයකට මුහුණ දී සිටින බවත්, සටන් විරාමයක් ලබා ගැනීම සඳහා විවිධ පාර්ශ්ව වෙත පණිවිඩ යොමු කරමින් සිටින බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

ආණ්ඩුව යමින් ඉන්නේ ආසියාවේ ඊශ්‍රායලයත්, පලස්තීනයත් මේ රටේ බිහි කරන ගමනක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

වත්මන් රජය ක්‍රියාත්මක කරන විදේශීය සහ දේශපාලනික වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාව අනාගතයේදී ආසියාවේ ඊශ්‍රායලය සහ පලස්තීනය බවට පත්වීමේ බරපතල අවදානමක් මතුවෙමින් පවතින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

තිලීපන්ගේ පිළිමයට මල් තියන්න සිසුන් යැව්වේ අධ්‍යාපන බලධාරීන්.. - ජාතික ගුරු ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්..

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු ප්‍රබලයෙකු වූ ලුතිනන් කර්නල් තිලීපන් නැමැත්තා සැමරීම සඳහා යාපනය නල්ලූර් ප්‍රදේශයේ ඉදිකර ඇති ලෝහමය පිළිමය අසලට පාසල් නිල ඇඳුමින් සැරසුණු සිසු දැරියන් හා ගුරුවරුන් කැඳවාගෙන ගොස් උපහාර දැක්වීමේ බරපතල සිදුවීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ජාතික ගුරු ව්‍යාපාරය අධ්‍යාපන අමාත්‍යාංශය හමුවේ සිය දැඩි විරෝධය පළ කර සිටියි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.