
අවලෝකිතේෂ්වර නමින් තමන්ව හඳුන්වමින් අනුගාමිකයන් හදන තවත් පුද්ගලයකු මතුවෙයි... පරීක්ෂණයක් පවත්වන්නැයි CID යට පැමිණිල්ලක්
තමන් අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් නමින් හඳුන්වාගන්නා පුද්ගලයෙක් සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ.
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා පූජ්‍ය අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියන් පෙන්වා දෙන්නේ මෙවන් පුද්ගලයින්ගෙන් බුද්ධ ශාසනයට සහ ධර්මයට සිදුවන හානිය වළක්වාගැනීම සඳහා මහ නා හිමිවරුන් මැදිහත් විය යුතුව පවතින බවය.
අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටින එම පුද්ගලයා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පසුගියදා මෙරටට පැමිණ ඇති අතර ඔහු සිය අනුගාමිකයන් පිරිසකගෙන් වැඳුම් පිඳුම් ලබන අයුරු දැක්වෙන වීඩියෝ මෙලෙස සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී.
ඔහුට වැඳුම් පිඳුම් කරන පිරිස අතර සිල් මාතාවක්ද සිටින ආකාරය දැකිය හැකි වීම විශේෂත්වයකි.
නුදුරු දිනකදීම තමන් බුදුවන බව පවසන මෙම පුද්ගලයා තමන්ගේම දරුවා අපයෝජනයට ලක්කර විවාහය අතහැර ගොස් ඇති බවත්, එය අභිනිෂ්ක්‍රමණය ලෙස ඔහු හඳුන්වමින් සිටින බවත් ශාක්‍ය පුත්‍ර සංවිධානයේ සභාපති පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියෝ සඳහන් කරති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
