2027 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ.. ලබක වසරේ වියදම රුපියල් බිලියන 4,992ක්..
2027 මුදල් වර්ෂය සඳහා වන රජයේ සේවා වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,992 ඉක්මවමින් සකස් කරන ලද විසර්ජන පනත් කෙටුම්පත මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ නියමය පරිදි රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
අදාළ ගැසට් නිවේදනයට අනුව, 2027 ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා වන කාලසීමාව තුළ රජයේ සේවා වියදම් වෙනුවෙන් ඇස්තමේන්තු කර ඇති මුළු මුදල රුපියල් හාරදහස් නවසිය අනූ දෙක බිලියන හත්සිය හැත්තෑ තුන් මිලියන තුන්සිය අසූ අටදහසකි (රු. 4,992,773,338,000).
මෙම සමස්ත සේවා වියදම් අතුරින් රුපියල් බිලියන 3,240 කට අධික මුදලක් (රු. 3,240,242,388,000) පුනරාවර්තන වියදම් ලෙස වෙන් කර ඇති අතර, සංවර්ධන හා ව්‍යාපෘති කටයුතු වෙනුවෙන් වන මූලධන වියදම් ලෙස රුපියල් බිලියන 1,752 කට අධික මුදලක් (රු. 1,752,531,000,000) වෙන් කර ඇත.
2027 මුදල් වර්ෂය තුළ ආණ්ඩුව වෙනුවෙන් මෙරටින් හෝ විදේශයන්ගෙන් ලබාගත හැකි උපරිම ණය මුදලේ ශේෂය රුපියල් තුන්දහස් අටසිය බිලියනයක් (රුපියල් ට්‍රිලියන 3.8 ක්) නොඉක්මවිය යුතු බවට මෙම පනත් කෙටුම්පත මඟින් සීමා පනවා ඇත.
මීට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ රාජ්‍ය ණය කළමනාකරණ පනත ඇතුළු විවිධ නීති මඟින් ඒකාබද්ධ අරමුදලට සෘජුවම වැය බරක් වන පරිදි ප්‍රතිපාදන සලසා ඇති ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 4,927 කි (රු. 4,927,229,612,000). මෙහිදී රාජ්‍ය ණය හා පොලී ගෙවීම් ආවරණය වන භාණ්ඩාගාර මෙහෙයුම් සඳහා රුපියල් බිලියන 4,845 ක් සහ විශ්‍රාම වැටුප් ගෙවීම් සඳහා රුපියල් බිලියන 82 ක් සෘජුවම වෙන් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ.. 9 දෙනෙකු නිදොස්කොට නිදහස්..
ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව අහිමි වීම දක්වා ආ ගමන ගැන කියන කතාව..
22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි..
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම: නීතිය ක්‍රියාත්මක කිරීමක්ද?.. දේශපාලන දඩයමක්ද?..
සවුදිය අර්බුදයක.. සටන් විරාමයක් සඳහා සතර අතට පණිවිඩ යවයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
ආණ්ඩුව යමින් ඉන්නේ ආසියාවේ ඊශ්‍රායලයත්, පලස්තීනයත් මේ රටේ බිහි කරන ගමනක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
තිලීපන්ගේ පිළිමයට මල් තියන්න සිසුන් යැව්වේ අධ්‍යාපන බලධාරීන්.. - ජාතික ගුරු ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්..
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීරණය කථානායක අතට..
ලොව ප්‍රථම කාන්තාවන් විසින් මෙහෙයවන රාජ්‍යනොවන සංවිධාන ඵලදායකද?..
නාවික හමුදා ඔත්තු සේවා නිලධාරීන් දඩයම් කිරීමේ නව ප්‍රවනතාවක්..
ජනපතිගේ බිලියන 90, කෝටි 900යේ ප්‍රශ්නය chat gpt විසඳූ අයුරු මෙන්න..
තමන්ගේ සමාජ, සංස්කෘතික නායකයින් ලෙස ත්‍රස්තවාදීන් සමරන්නේ මොන රටේ ද?..
කැකිරාවේ සුදස්සන හිමි නිකායෙන් නෙරපයි..
කොටියා කියපු අර්ච්චුනා එදා හිටියේ කාත් එක්ක ද?.. ජනාධිපතිවරණයේ දී තමන්ට සහාය දෙනකොට අර්ච්චුනා මරු.. අද කොටියා වෙලා.. - විමල් වීරවංශ
ඉන්දියාව සමඟ අත්සන් කළ භයානක ගිවිසුම.. "මෙතෙක් ඉතිහාසයේ මෙවැනි ගිවිසුමක් අත්සන් කර නෑ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කාගම හාමුදුරුවෝ සුදා ඇන්දුවා ද?.. සුදා කාගම හාමුදුරුවන්ව ඇන්දුවා ද?..