ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට..
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙත ළඟා වී තිබේ.
ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති සේවය වන 'IRNA' වාර්තා කරන පරිදි, ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන නිත්‍ය නියෝජිත සහ භාරකාර නිලධාරී විසින් පිළිගෙන ඇත.
නිව්යෝර්ක් බලා පැමිණෙන අතරතුර දෝහා අගනුවරද ගොස් ඇති විදේශ අමාත්‍යවරයා, එහිදී කටාර් රාජ්‍යයේ උසස් නිලධාරීන් හමුවී කලාපයේ පවතින වත්මන් තත්ත්වයන් පිළිබඳව විශේෂ සාකච්ඡාවක ද නිරත වී තිබේ.
මේ අතර මෙම මහා මණ්ඩල සැසිය ඇමතීම සඳහා ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් මහතා ද අද (22) නිව්යෝර්ක් නුවර වෙත පැමිණීමට නියමිතව ඇත.
මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලෝක නායකයින් සහ විදේශීය උසස් නිලධාරීන් රැසක් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ.. 9 දෙනෙකු නිදොස්කොට නිදහස්..
ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව අහිමි වීම දක්වා ආ ගමන ගැන කියන කතාව..
22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි..
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම: නීතිය ක්‍රියාත්මක කිරීමක්ද?.. දේශපාලන දඩයමක්ද?..
සවුදිය අර්බුදයක.. සටන් විරාමයක් සඳහා සතර අතට පණිවිඩ යවයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
ආණ්ඩුව යමින් ඉන්නේ ආසියාවේ ඊශ්‍රායලයත්, පලස්තීනයත් මේ රටේ බිහි කරන ගමනක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
තිලීපන්ගේ පිළිමයට මල් තියන්න සිසුන් යැව්වේ අධ්‍යාපන බලධාරීන්.. - ජාතික ගුරු ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්..
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීරණය කථානායක අතට..
ලොව ප්‍රථම කාන්තාවන් විසින් මෙහෙයවන රාජ්‍යනොවන සංවිධාන ඵලදායකද?..
නාවික හමුදා ඔත්තු සේවා නිලධාරීන් දඩයම් කිරීමේ නව ප්‍රවනතාවක්..
ජනපතිගේ බිලියන 90, කෝටි 900යේ ප්‍රශ්නය chat gpt විසඳූ අයුරු මෙන්න..
තමන්ගේ සමාජ, සංස්කෘතික නායකයින් ලෙස ත්‍රස්තවාදීන් සමරන්නේ මොන රටේ ද?..
කැකිරාවේ සුදස්සන හිමි නිකායෙන් නෙරපයි..
කොටියා කියපු අර්ච්චුනා එදා හිටියේ කාත් එක්ක ද?.. ජනාධිපතිවරණයේ දී තමන්ට සහාය දෙනකොට අර්ච්චුනා මරු.. අද කොටියා වෙලා.. - විමල් වීරවංශ
ඉන්දියාව සමඟ අත්සන් කළ භයානක ගිවිසුම.. "මෙතෙක් ඉතිහාසයේ මෙවැනි ගිවිසුමක් අත්සන් කර නෑ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කාගම හාමුදුරුවෝ සුදා ඇන්දුවා ද?.. සුදා කාගම හාමුදුරුවන්ව ඇන්දුවා ද?..