අනෝජන් නිදහස් කරගන්න සෞදියට විශේෂ දූත පිරිසක් යැවීමට සාකච්ඡා..
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් පවසා සිටියේ අනෝජන්ගේ දෙමව්පියන් සහ ජනපති අනුර කුමාර දිසානායක අතර පැවැති හමුවේදී රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දූත පිරිසක් යැවීම සම්බන්ධයෙන් පවා සාකච්ඡා වූ බවයි.
එමෙන්ම මෙම සාකච්ඡාවේ දී සෞදි පාලකයින් සමග ඇති පුද්ගලික සම්බන්ධකම් පාවිච්චි කිරීම පිළිබඳවත් කතා කළ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ.
මෙම හමුවෙන් අනතුරුව සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ සෞදි රජුගෙන් මේ පිළිබඳව සමාව ලබා දෙන ලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ලිඛිතව ඉල්ලා සිටීමට පියවර ගන්නා බවයි.
එමෙන්ම, අභියාචනා ඉදිරිපත් කිරීම ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මේ වන විට නිල වශයෙන් ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා විසින් ඔහුගේ දෙමාපියන් දැනුවත් කර තිබේ.
මෙම හමුවෙන් අනතුරුව ඊට එක්වූ ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් කියා සිටියේ, සිවරාසා අනෝජන්ට, සෞදි අරාබියෙන් ලබාදුන් නඩු තීන්දුව අද පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයට ලැබෙනු ඇති බවයි.
මේ අතර අනෝජන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් සහාය ලබා ගැනීම සඳහා ඔහුගේ ඥාතීන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද විපක්ෂනායක කාර්යාලයේදී මුණගැසුණි.
මේ අතර, මෙම තරුණයා වෙනුවෙන් ලබා දී තිබෙන දඬුවම අහෝසි කරන ලෙස ඉල්ලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ මැදිහත් වීමෙන් සෞදි තානාපති කාර්යාලයට අද ලිපියක් ද භාර දී තිබේ.
එවන් පසුබිමක සිවරාසා අනෝජන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔහුගේ මව්පියන් ඇතුළු ඥාතීන් මෙරට සෞදි තානාපති කාර්යාලය වෙත පැමිණියේය.
එමෙන්ම අනෝජන්ගේ ඥාතියෙකු සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ සිවරාසා අනෝජන්ගෙන් අද දිනයේදීත් දුරකථන ඇමතුමක් ලැබුණු බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..