සිවරාසාට සෞදියෙන් මරණ දඬුවම ලැබුනේ රජයේ වැරදි අභියාචනය නිසා.. - රාසමානික්කම්ගෙන් දැඩි චෝදනාවක්
ඉස්ලාම් ධර්මයට සහ නබි නායකතුමාට අපහාස කළ බවට චෝදනා ලබා සෞදි අරාබියේදී අත්අඩංගුවට ගත් අනෝජන් සිවරාසා නැමැති ශ්‍රී ලාංකික තරුණයාට, රජයේ මැදිහත්වීමෙන් සිදුකළ වැරදි අභියාචනයක් හේතුවෙන් මරණ දඬුවම නියම වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් පවසයි.
අදාළ තරුණයා මුහුණ දී සිටින තත්ත්වය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර හමුවී සාකච්ඡා කර තිබේ.
එහිදී නඩුව වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට රුපියල් ලක්ෂ 19ක මුදලක් අවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇති අතර, දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද එම පවුලේ සාමාජිකයන් අදාළ මුදල සොයාගෙන විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ගෙවා ඇති බවත් ඔහු සඳහන් කරයි.
කෙසේ වෙතත්, එම අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව අනෝජන්ට හිමිව තිබූ සිරදඬුවම වෙනුවට සෘජුවම මරණ දඬුවම නියම වී ඇති බවත්, "ලක්ෂ 19ක් වියදම් කරලා අවසානයේ තමන්ගේ පුතාට මරණ දඬුවම මිලදී ගත්තා" යැයි අනෝජන්ගේ මව දැඩි කනගාටුවෙන් ප්‍රකාශ කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මීට අමතරව, අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව සිටි නීතිඥවරයා වෙනුවට වෙනත් නීතිඥයකු නඩුව සඳහා ඉදිරිපත් කර තිබීම සම්බන්ධයෙන්ද පවුලේ ඥාතීන් බරපතළ සැකයක් පහළ කර ඇති බව වැඩිදුරටත් පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තිලීපන්ගේ පිළිමයට මල් තියන්න සිසුන් යැව්වේ අධ්‍යාපන බලධාරීන්.. - ජාතික ගුරු ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්..
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීරණය කථානායක අතට..
ලොව ප්‍රථම කාන්තාවන් විසින් මෙහෙයවන රාජ්‍යනොවන සංවිධාන ඵලදායකද?..
නාවික හමුදා ඔත්තු සේවා නිලධාරීන් දඩයම් කිරීමේ නව ප්‍රවනතාවක්..
ජනපතිගේ බිලියන 90, කෝටි 900යේ ප්‍රශ්නය chat gpt විසඳූ අයුරු මෙන්න..
තමන්ගේ සමාජ, සංස්කෘතික නායකයින් ලෙස ත්‍රස්තවාදීන් සමරන්නේ මොන රටේ ද?..
කැකිරාවේ සුදස්සන හිමි නිකායෙන් නෙරපයි..
කොටියා කියපු අර්ච්චුනා එදා හිටියේ කාත් එක්ක ද?.. ජනාධිපතිවරණයේ දී තමන්ට සහාය දෙනකොට අර්ච්චුනා මරු.. අද කොටියා වෙලා.. - විමල් වීරවංශ
ඉන්දියාව සමඟ අත්සන් කළ භයානක ගිවිසුම.. "මෙතෙක් ඉතිහාසයේ මෙවැනි ගිවිසුමක් අත්සන් කර නෑ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කාගම හාමුදුරුවෝ සුදා ඇන්දුවා ද?.. සුදා කාගම හාමුදුරුවන්ව ඇන්දුවා ද?..
ෆේස්බුක් සටහනකින් ආගමික අපහාසයක් සිදුකළා යැයි සෞදියේදී ලාංකිකයෙකුට මරණ දඬුවම..
"ත්‍රස්තවාදීන් නොව සැමරිය යුත්තේ රටට සේවය කළ බුද්ධිමතුන්.. තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන්න".. - අරුන් සිද්ධාර්ථ්
තිලීපන්ගේ ප්‍රතිමාවලින් හෙළි වන්නේ ඩයස්පෝරා සම්මුතියයි.. අර්ජුනා “කොටියා” වුණේ වේදිකාව මාරු කළ නිසාද..? - විමල් වීරවංශ
චන්ද්‍රයා මත යුද්ධයකට සූදානම් වෙමින්ද?.. ඇමරිකාව චන්ද්‍ර කක්ෂය වෙඩි බෙහෙත් ගබඩාවක් බවට පත් කිරීමට සැරසෙයි..
රුසියාවෙන් තෙල් ගන්නා ඉන්දියාව හා චීනය ඇතුළු රටවලට 100%ක බද්දක් පැනවීමට අමෙරිකාව සැරසෙයි..
"කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක වන්නේ නැහැ".. - කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio