ඉම්රාන් ඛාන්ගේ සොහොයුරිය හා ඥාතීන් පැහැරගත් බවට පුත් කාසිම්ගෙන් චෝදනා..
පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සොහොයුරිය ඇතුළු ඥාතීන් පිරිසක්, ඔවුන් සිටින තැනක් පවා හෙළි නොකර අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින බවට ඔහුගේ පුත් කාසිම් ඛාන් චෝදනා කරයි.
මෙම චෝදනාව එල්ල වී ඇත්තේ ඉම්රාන් ඛාන්ගේ පාකිස්ථාන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය විසින් සැප්තැම්බර් 27 වැනිදා පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතා පාගමනට දින කිහිපයකට පෙරයි.
X සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් තබමින් කාසිම් පවසා ඇත්තේ, බලධාරීන් විසින් තම නැන්දණිය වන වෛද්‍ය උස්මා සහ නෝරීන් මෙන්ම ඥාති සොහොයුරන් වන ෂර්ෂා සහ ෂාරෙස් යන අය ඔවුන්ගේ නිවෙස්වලට කඩා වැදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.
"ඔවුන් මගේ නැන්දණියගේ සහ සොහොයුරන්ගේ නිවෙස්වලට කඩා වැදී කිසිදු පැහැදිලි කිරීමකින් තොරව බලහත්කාරයෙන් වාහනවලට පටවාගෙන ගිහින් තියෙනවා. අත්අඩංගුවට ගැනීමට කිසිම හේතුවක් දක්වා නැහැ. ඔවුන්ව අරන් ගියේ කොහෙද කියලා කිසිම තොරතුරක් නිකුත් කරලා නැහැ," යනුවෙන් කාසිම් චෝදනා කරයි.
මෙම සිදුවීම අපරාධකාරී හැසිරීමක් ලෙස හඳුන්වා දෙන කාසිම්, පවතින තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තරයේ අවධානය යොමු විය යුතු බවද පවසයි.
හිටපු පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ඥාති සොහොයුරු ෂාරෙස්ගේ අවුරුදු හතරක් සහ හයක් වයසැති කුඩා දරුවන් දෙදෙනා මුලින් අතුරුදන්ව සිටි බවත්, පසුව ඔවුන් සුරක්ෂිතව සිටින බව තහවුරු වූ බවත් ඉම්රාන්ගේ පුත් කාසිම් ඛාන් තවත් සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසා ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, අසීම් සහ සකීනේ නමැති තම තවත් ඥාති සොහොයුරන් දෙදෙනෙකු ද බලධාරීන් විසින් භාරයට ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් චෝදනා කරන්නේ.
"මගේ ඥාති සොහොයුරාගේ දරුවන් දැන් සුරක්ෂිතව සිටින බවට ආරංචි වුණා. නමුත් ඒ අතරතුර මගේ තවත් ඥාති සොහොයුරන් දෙදෙනෙකු වන අසීම් සහ සකීනේ අත්අඩංගුවට ගෙන තියෙනවා. ඊට කිසිම හේතුවක් දක්වා නැහැ. ඔවුන් රඳවා සිටින ස්ථානයක් ගැනත් තොරතුරක් නැහැ," යනුවෙන් ඔහු සඳහන් කර තිබුණි.
මේ මස අගදී පැවැත්වීමට නියමිත PTI පක්ෂයේ දැවැන්ත විරෝධතා පාගමනට පෙර, මහජන සාමය පවත්වාගෙන යාමේ (MPO) පනත යටතේ ඉම්රාන් ඛාන්ගේ සහෝදරියක වන අලීමා ඛාන් ද ලාහෝර් නුවරදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි කාසිම් විසින් මෙම බරපතල චෝදනා එල්ල කර තිබෙන්නේ.
මූලාශ්‍ර: ANI
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තිලීපන්ගේ පිළිමයට මල් තියන්න සිසුන් යැව්වේ අධ්‍යාපන බලධාරීන්.. - ජාතික ගුරු ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්..
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීරණය කථානායක අතට..
ලොව ප්‍රථම කාන්තාවන් විසින් මෙහෙයවන රාජ්‍යනොවන සංවිධාන ඵලදායකද?..
නාවික හමුදා ඔත්තු සේවා නිලධාරීන් දඩයම් කිරීමේ නව ප්‍රවනතාවක්..
ජනපතිගේ බිලියන 90, කෝටි 900යේ ප්‍රශ්නය chat gpt විසඳූ අයුරු මෙන්න..
තමන්ගේ සමාජ, සංස්කෘතික නායකයින් ලෙස ත්‍රස්තවාදීන් සමරන්නේ මොන රටේ ද?..
කැකිරාවේ සුදස්සන හිමි නිකායෙන් නෙරපයි..
කොටියා කියපු අර්ච්චුනා එදා හිටියේ කාත් එක්ක ද?.. ජනාධිපතිවරණයේ දී තමන්ට සහාය දෙනකොට අර්ච්චුනා මරු.. අද කොටියා වෙලා.. - විමල් වීරවංශ
ඉන්දියාව සමඟ අත්සන් කළ භයානක ගිවිසුම.. "මෙතෙක් ඉතිහාසයේ මෙවැනි ගිවිසුමක් අත්සන් කර නෑ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කාගම හාමුදුරුවෝ සුදා ඇන්දුවා ද?.. සුදා කාගම හාමුදුරුවන්ව ඇන්දුවා ද?..
ෆේස්බුක් සටහනකින් ආගමික අපහාසයක් සිදුකළා යැයි සෞදියේදී ලාංකිකයෙකුට මරණ දඬුවම..
"ත්‍රස්තවාදීන් නොව සැමරිය යුත්තේ රටට සේවය කළ බුද්ධිමතුන්.. තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන්න".. - අරුන් සිද්ධාර්ථ්
තිලීපන්ගේ ප්‍රතිමාවලින් හෙළි වන්නේ ඩයස්පෝරා සම්මුතියයි.. අර්ජුනා “කොටියා” වුණේ වේදිකාව මාරු කළ නිසාද..? - විමල් වීරවංශ
චන්ද්‍රයා මත යුද්ධයකට සූදානම් වෙමින්ද?.. ඇමරිකාව චන්ද්‍ර කක්ෂය වෙඩි බෙහෙත් ගබඩාවක් බවට පත් කිරීමට සැරසෙයි..
රුසියාවෙන් තෙල් ගන්නා ඉන්දියාව හා චීනය ඇතුළු රටවලට 100%ක බද්දක් පැනවීමට අමෙරිකාව සැරසෙයි..
"කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක වන්නේ නැහැ".. - කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio