සාකච්ඡා අසාර්ථකයි.. සරසවි ඇදුරන්ගේ ‘කළු සතිය’ වෘත්තීය ක්‍රියාමාර්ගය දිගටම..
විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා අග්‍රාමාත්‍යවරිය සමඟ පැවැත්වූ සාකච්ඡා කිසිදු එකඟතාවකින් තොරව අසාර්ථක ලෙස අවසන් වූ බැවින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ ‘කළු සතිය’ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ඉදිරියට ගෙනයාමට තීරණය කළ බව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය (FUTA) පවසයි.
අධ්‍යාපන අයිතිය සුරක්‍ෂිත කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය 09 වනදා එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වූ ආචාර්යවරුන්, අනතුරුව කළු පැහැති ඇඳුමින් සැරසී සේවයට වාර්තා කරමින් මෙම විරෝධතාව ආරම්භ කළහ. ඊට සහය පළ කරමින් විශ්වවිද්‍යාල සිසුන් ද කළු පැහැති ඇඳුමින් සැරසී පැමිණ සිටියහ.
මේ පිළිබඳව අදහස් දක්වමින් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, ආචාර්ය හිඟය, අලුතින් සිසුන් ඇතුළත් කරගැනීම සහ සිසුන් විශ්වවිද්‍යාල තුළ ගතකරන කාල සීමාව ඇතුළු ප්‍රමුඛ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් රජය දැනුවත් කළ ද ඒවා විසඳීමට ආණ්ඩුව තවමත් නිසි උනන්දුවක් දක්වා නොමැති බවයි. එම නිසා ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය ළඟදීම දැනුම් දෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චන්ද්‍රයා මත යුද්ධයකට සූදානම් වෙමින්ද?.. ඇමරිකාව චන්ද්‍ර කක්ෂය වෙඩි බෙහෙත් ගබඩාවක් බවට පත් කිරීමට සැරසෙයි..
රුසියාවෙන් තෙල් ගන්නා ඉන්දියාව හා චීනය ඇතුළු රටවලට 100%ක බද්දක් පැනවීමට අමෙරිකාව සැරසෙයි..
"කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක වන්නේ නැහැ".. - කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio
ඇමරිකාවේ ඩීසල් මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් ඉහළට ! ඉතිහාසයේ ඉහළම අගය බව විශ්ලේෂකයෝ පවසති !
රජ්ජුරුවන්ගේ කරඬුව ඉවත් කර අලුතින් දළදා කරඬුවක් ආදේශ කිරීම සුදුසුද?.. - අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී හිමියන්ගෙන් විශේෂ අදහස් දැක්වීමක්..
2/3ක බලයක් ලැබුනු කිසිදු ආණ්ඩුවක් සම්පූර්ණ ධුර කාලය ඉඳල නෑ.. - උවිඳු විජේවීර
දුම්රිය වර්ජනය ඇරඹෙයි..
බොරු කියන එක ආත්මගත ක්‍රියාවක් බවට පත්වෙලා.. - වත්මන් ආණ්ඩුවේ දේශපාලන භාවිතාව හා රටේ ඉදිරි දිශානතිය ගැන විමල් වීරවංශගෙන් අනාවරණයක්..
එයාර් බස් ගනුදෙනුවට නාමල් රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව..
ගොවියා අසරණ කර, නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව වනසන මාලිමා රජයේ රහස් ETCA න්‍යාය පත්‍රය ජයන්ත සමරවීර හෙළිකරයි..
නාමල් ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ්..
කථානායකට එරෙහිව බරපතළ දූෂණ චෝදනා.. - අල්ලස් කොමිසමෙන් විමර්ශන ආරම්භ වෙයි..
දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මැදියම් රැයේ සිට වර්ජනයේ..
අතුරුදහන් වූ ඥානසාර හිමි යළි මතුවේ.. ගෝඨාභය, සෞදි සහ නෝර්වේ ඩීල් ගැන හෙළිදරව්වක්..
මරාගෙන මැරෙන පුතුන් හැදූ ඊබ්‍රහීම්ලා සහ පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි රවිලා ශානිලා එළියේ.. බුද්ධි අංශ නිලධාරීන් ඇතුළේ.. - විමල් වීරවංශ
ආණ්ඩුවේ බලු බද්දට පසු තන බද්දකුත් එයි ද?