News Category
From Date
To Date
Maximum Number of Result

සිංහලයා ජාතිවාදී ම්ලේච්ඡයෙකු ලෙස හංවඩු ගැසීමේ යටි අරමුණ..

Sep 18, 2026 at 05:17 AM
|

මාලිමා වෛරී රා කළ හතම පානය කර උමතු වී දඟලන නූගත් සිංහල නාලාගිරියන්ට කිසිසේත් මේ පින්තූරවල යටිපෙළ කියවාගත හැකි වෙතැයි මම නොසිතමි. එහෙත් එය ලියා අහවර කර මම මාගේ හෘද සාක්ෂියෙන් නිදහස් විය යුතු හෙයින් මෙය ලියා තබමි.

ඊයේ ජනාධිපතිවරයා කතෝලික, ඉස්ලාම් සහ හින්දු ආගමික නායකයන් කැඳවා මේ රටේ නැවත ජාතිවාදයට ඉඩක් නොමැති බවට සපථ කර ඇත.  ඔහු මීට පෙර උතුරට ගොසින් කීවේද නැවත ජාතිවාදීයට ඉඩ නැති බවයි. උතුරට සිල් ගන්න බෞද්ධයන් එන්නේ වෛරයෙන් බවද ඔහු එහිදී කීවේය.

පසුගියදා බේරුවලට ගිය පැලවත්තේ කොමියුනිස්ට් මුල්ලාවරයා ප්‍රකාශ කළේ පසුගිය කාලයේ අලුත්ගමට අවුරුද්දකට වරක් පහර නොදුනහොත් නින්ද නොයන පිරිසක් සිටියද දැන් ඊට ඉඩ නැති බවයි. මේ සියලු ප්‍රකාශ සිංහලයා ඉලක්ක කළ සිංහලයා ජාතිවාදී ම්ලේච්ඡයෙකු යැයි ප්‍රසිද්ධ්යේ නින්දා කිරීමකි.

මේ රටට පැමිණි කතෝලිකයන් මුස්ලිම්වරුන්ට පහර දෙමින් සංහාරය කරද්දි උන්ට ගම්බිම් දී රැකගත්තේ සිංහලයාය. කතෝලිකයන්ට ලන්දේසින් පහර දෙන විට උන් රැක්කේද සිංහලයාය. ප්‍රභාකරන් උතුරේ සිංහලයන් පලයා හැර මහා විනාශයක් කරද්දි වැලවත්තේ දෙමළ ජනතාව නිදහස ජීවන් වන්නේ සිංහලයන් මැදය. 

එහෙත් සිංහලයා අද ජාතිවාදී ම්ලේච්ඡයකු කර පාගා දමමින් බිත්තියට හේත්තු කර ඇත. අයිසිස් ත්‍රස්තවාදය එල්ල කළ පාස්කු ප්‍රහාරයට පවා වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ සිංහල බෞද්ධ නායකයන්ටය. 

ජනාධිපතිවරයා ජාතිවාදයට ඉඩ නැතැයි පවසන අතර මුස්ලිම් අන්තවාදයට එරෙහි වූ ඥානසාර හිමිට නැවත ජම්පරය අන්දන්නට සූදානම් වෙයි. උතුරේ සිංහලයන්ට එකම සරණ බවට පත්න ඇති අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවේය.

පාර්ලිමේන්තුවේ කොටි සමරමින් ඇත. සිංහල අලුත් අවුරුද්ද වර්ජනය කර කතෝලික, ඉස්ලාමි හින්දු උත්සව රාජ්‍ය අනුග්‍රහයෙන් මහ ඉහළින් සමරමින් ඇත. ඔවුන්ගේ ඇතැම් සුළු උත්සව රාජ්‍ය අනුගුහයෙන් පළාත් මට්ටමින් සමරනු දැකගත හැකි විය.

කොටි පරාජය කළ දේශපාලන සහ හමුදා නායකත්වයට දිය හැකි සියලු දසවධ දෙමින් ඇත.  සිංහලයන් වෙනුවෙන් සටන් කළ සුරේෂ් සලේ ජීව්තයෙන් ඊට වන්දි ගෙවමින් ඇත. උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය වේගයෙන් විනාශ කරමින් ඇත. එම උරුමය රැකගන්න පෙරට එන රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් මාරු ලැබෙයි.

මෙලෙස රට දැය සමය විනාශ කරන අතර වෛරී සිංහල කාලකන්නි සතුටු කිරීමට පාරට බැස පෙරහැර බැලීම, හිටපු පාලකයන් අල්ලස් කොමිසට සහ උසාවිවලට කැඳවීම, බොරු නඩු දැමීම ආදී ඇස් බැන්දුම් කරමින් දිගින් දිගටම ජාතියට වළ කපමින් ඇත.

මම නැවතත් කියන්නේ, මේ සිංහලයා සිය ඉතිහාසයේ මුහුණ දෙන භයානකම ආක්‍රමණිකයා බවයි. එය එතරම් සියුම් සූක්ෂ්ම ආක්‍රමණයකි. මෙය කෙතරම් භයානක ආක්‍රමණයක් දැයි කිවහොත් එය එළාර ආක්‍රමණයටත් වඩා සූක්ෂ්මය. සියුම්ය.

එහි හතරමායිම් තරමක් හෝ වටහා ගන්නට ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු නවකතාව සියුම් ලෙස කියවිය යුතුය. තේරුම් ගත නොහැකි නම් වරක් නොව කිහිප වරක් කියවිය යුතුය. 

වර්තමාන ආක්‍රමණය එළාර ආක්‍රමණමයටත් වඩා භයානකය. ඉසියුම්ය. ආක්‍රමණිකයා වර්තමානයට සහ අනාගතයට පමණක් නොව අතීතයටද බලපාන ආකාරයට ජාතියෙන් පළිගනිමින් ඇත. ඔහු සිය දරුණු ආක්‍රමණය දියත්කර ඇත්තේ කළගුණ නොදත් ජඩ සිංහල මනස වෛරයෙන් උමතු කොට භයානක නින්දක තබමිණි. 

ඉතින් උඹලා ඇහැරෙන විට උඹලාගේ දරුවන්ට මේ රටේ වහලුන් ලෙස ජීවත් වන්නට අවශ්‍ය පදනම දමා අවසන්ය. එවිට තොපගේ සොහොන්වලට උන් හෙණ ඉල්ලනු ඇත. 2015 ඇරඹෙන සිංහලයාගේ මළගමට එදාද 2024ද මම වචනයකින් හෝ දායක නොවීමි. එහෙයින් දවසක නිදහසේ මිය යා හැකිය.

(Namal Udalamatta ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාවේ සුනඛයින් වසරක් පාසා ලියාපදිංචි කිරීම සහ සුනඛයන් ලියාපදිංචියට ගාස්තුවක් අයකර ගැනීම සම්බන්ධයෙන් නව පනත් කෙටුම්පතක් හදුන්වාදීමට ආණ්ඩුව විසින් පියවර ගෙන ඇත.
රටක පවතින අර්බුද හා ගැටලුවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් දෝෂාරෝපණය කිරීම සුදුසු නොවන බවත්, සැබෑ ගැටලුව පවතින්නේ පාලනය කිරීමේ ඇති අසමත්කම තුළ බවත් පෙන්වා දෙන තොරතුරු ඇතුළත් සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක රාජ්‍ය නායකයකු විසින් ජනතාව ඇමතීම හුදෙක් දේශපාලන කථාවක් කිරීමක් ලෙස සැලකිය නොහැක. රාජ්‍ය නායකයාගේ නිල ප්‍රකාශයක් හෝ ජාතිය අමතා කරන කථාවක් රාජ්‍යයේ ප්‍රතිපත්ති පැහැදිලි කිරීම, ජනතාවට තොරතුරු සැපයීම, අර්බුදකාරී අවස්ථාවක ජනතාවට මඟපෙන්වීම සහ රාජ්‍යය කෙරෙහි මහජන විශ්වාසය පවත්වාගෙන යාම යන කාර්යයන් ඉටු කරයි.
2001 සැප්තැම්බර් 11 වන දින ඇමරිකාවේ සිදුවූ ත්‍රස්තප්‍රහාරයෙන් පුද්ගලයින් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනයට ලක් විණි. ඉන් දින තුනකට පසු, එවක ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, වොෂින්ටන්හි පිහිටි දෙව්මැදුරේ සිට, ප්‍රහාරයෙන් කම්පනයට පත්ව සිටි ජාතිය අමතමින්, “ඉතිහාසය ඉදිරියේ අපගේ වගකීම පැහැදිලිය. එනම්, මෙම ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සහ ලෝකය නපුරෙන් මුදා ගැනීමයි.” යනුවෙන් පැවසීය. සැබැවින්ම, එම ප්‍රතිඥාව අතාර්කික එකක් විණි. එමතු නොව, ඉන්පසු ඇති වූ ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ (War on Terror) ද කිසිසේත්ම යථාර්ථවාදී නොවීය.
"ලබන වසරේ සිට සිපෙට්කෝ ආයතනය හරහා කෘමි නාශක සහ වල්නාශක ජනතාවට ලබාදෙනවා" - ජනාධිපති අනුර කුමාර දිසානායක පොළොන්නරුවේ දී "Ceypecto Agro" නැතහොත් "සිපෙට්කෝ කෘෂි රසායන අංශය" යනු 1969දී ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පිහිටවන ලද ආයතනයකි..
මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් පවසන්නේ විනිසුරුවරුන් විසින් තීරුබදු රහිත (Duty-free) වාහන බලපත්‍ර භාවිත කරමින් සිදුකරන ඇතැම් ක්‍රියාකාරකම් මගින් අධිකරණ පද්ධතියේ වෘත්තීය සදාචාරය සහ පරම පවිත්‍රතාවය බිඳවැටෙන බවය.
ක්‍රිස්තු පූර්ව 27 දී ඔගස්ටස් සීසර් අධිරාජ්‍යයාගේ පාලන සමයේ ආරම්භ වී ක්‍රිස්තු වර්ෂ 180 දී ඕරේලියස් අධිරාජ්‍යයාගේ අභාවය දක්වා වසර දෙසීයකට අධික කාලයක් රෝමානු අධිරාජ්‍යය තුළ පැවති සාමය සහ ස්ථාවරත්වය ලතින් බසින් හදුන්වන්නේ පැක්ස් රොමානා (Pax Romana) යන නමිනි.
චිතගොං කඳුකරය සහ කොක්සස් බසාර් වෙරළ ඉන්දියාව සුදදන්ගෙන් නිදහස ලබද්දි බෞද්ධ සහ හින්දු ආගම් අදහපු බරුවා වගේ සර්නේම් තිබුනු පිරිසක් ජීවත්වුනු පලාතක්.. මේ පලාත ඇත්තටම ඉන්දියාවට දියයුතුව තිබුනත් ඉන්දීය සාගරයට දෙපැත්තකින් ඇත්සස් නොදෙන අරමුණ සහ තවත් කාරණා ගනනාවක් එක්ක නැගෙනහිර පාකිස්තානයට අයිතිවුනා.. බංගලිදේසය බවට පසුව පත්වුනු මේ රටේ ජනගහන බෝම්බය ඉතාම තදින් පිපිරෙන එකක්.. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට විතගොං කදුකරයෙ සාම්පලයක බහුතරය සුළුතරය බවට හැරුනා..

ප්‍රධාන පුවත්

චන්ද්‍රයා මත යුද්ධයකට සූදානම් වෙමින්ද?.. ඇමරිකාව චන්ද්‍ර කක්ෂය වෙඩි බෙහෙත් ගබඩාවක් බවට පත් කිරීමට සැරසෙයි..

පෘථිවිය මත පැවති කඳවුරු දෙකේ ගැටුම්කාරී පැරණි පිටපත, චන්ද්‍රයා ආශ්‍රිත අභ්‍යවකාශය තුළ ද ඇමරිකාව විසින් යළි ක්‍රියාත්මක කරමින් සිටී.

රුසියාවෙන් තෙල් ගන්නා ඉන්දියාව හා චීනය ඇතුළු රටවලට 100%ක බද්දක් පැනවීමට අමෙරිකාව සැරසෙයි..

රුසියාවෙන් බොරතෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවල් සඳහා සියයට 100ක් දක්වා වූ දැවැන්ත තීරුබදු පැනවීමට සහ රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පුළුල් බලතල ලබා දෙන නව පනත් කෙටුම්පතක් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

"කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක වන්නේ නැහැ".. - කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio

එක්සත් ජනපදය විසින් පනවා ඇති දැඩි ආර්ථික හා බලශක්ති සම්බාධක හමුවේ කියුබාවේ දෛනික ජන ජීවිතය සහ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට ලක්ව තිබුනද කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක නොවන බව කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio මහතා පවසයි.

ඇමරිකාවේ ඩීසල් මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් ඉහළට ! ඉතිහාසයේ ඉහළම අගය බව විශ්ලේෂකයෝ පවසති !

ඇමරිකාවේ ඩීසල් වල සාමාන්‍ය මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් නව සර්වකාලීන ඉහළම අගයක් වාර්තා කරමින්, ගැලුමකට ඩොලර් 6.31ක් (ලීටර් 3.8ක් පමණ) හෙවත් ඩීසල් ලීටරයක් අමෙරිකානු ඩොලර් 1.67 දක්වා ඉහළ ගොස් ඇති බව, ඊයේ(16) දිනයේදී ජාත්‍යන්තර විශ්ලෙෂකයන් විසින් ඇමරිකානු මෝටර් රථ සංගමයේ (AAA ) දත්ත අධ්‍යයනය කිරීමෙන් පසුව පවසා ඇතැයි වාර්තා වේ.

රජ්ජුරුවන්ගේ කරඬුව ඉවත් කර අලුතින් දළදා කරඬුවක් ආදේශ කිරීම සුදුසුද?.. - අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී හිමියන්ගෙන් විශේෂ අදහස් දැක්වීමක්..

උත්තරීතර අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී, අතිපූජ්‍ය බලපිටියේ සිරි සීවලී නායක හිමිපාණන් වහන්සේ විසින් ශ්‍රී දළදා වහන්සේගේ කරඬුව වෙනස් කිරීම සම්බන්ධයෙන් විශේෂ අදහස් දැක්වීමක් සිදුකර තිබේ.

2/3ක බලයක් ලැබුනු කිසිදු ආණ්ඩුවක් සම්පූර්ණ ධුර කාලය ඉඳල නෑ.. - උවිඳු විජේවීර

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බලයක් ලබාගත් කිසිදු ආණ්ඩුවකට තමන්ගේ සම්පූර්ණ ධුර කාලය සම්පූර්ණ වන තෙක් බලයේ රැඳී සිටීමට නොහැකි වී ඇති බව 'දෙවන පරපුර' පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

බොරු කියන එක ආත්මගත ක්‍රියාවක් බවට පත්වෙලා.. - වත්මන් ආණ්ඩුවේ දේශපාලන භාවිතාව හා රටේ ඉදිරි දිශානතිය ගැන විමල් වීරවංශගෙන් අනාවරණයක්..

ජාතික නිදහස් පෙරමුණේ නායක සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් දේශපාලන තත්ත්වය සහ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් ගමන්මඟ පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කරයි.

එයාර් බස් ගනුදෙනුවට නාමල් රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව..

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාල සැකකරුවන් සම්බන්ධයෙන් නිතිපති උපදෙස් ලැබී ඇති බැවින් අදාල චෝදනා ප්‍රමාදයකින් ‍තොරව ගොනු කරන බව නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ ඊයේ (16) ප්‍රකාශ කළේය.

ගොවියා අසරණ කර, නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව වනසන මාලිමා රජයේ රහස් ETCA න්‍යාය පත්‍රය ජයන්ත සමරවීර හෙළිකරයි..

වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් පිරීමට ආසන්න වෙද්දීත් මෙරට ගොවි ජනතාවගේ වී අස්වැනු සඳහා සාධාරණ මිලක් හා විධිමත් මිලක් ලබාදීමට අපොහොසත් වී ඇති රජය, මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ උපදෙස් මත ක්‍රියා කරමින් ගොවියාගේ අයිතීන්වලට පයින් ගසා ඇති අනුර කුමාර දිසානායකගේ “බොරු කියන ආණ්ඩුව” ගොවිමාගේ ප්‍රශ්න විසදීම තව වසරකින් කල් දමා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා චෝදනා කරයි.

නාමල් ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ⁣විසින් සැකකරුවෙකු ලෙස නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (16) නියෝග කළේය.

කථානායකට එරෙහිව බරපතළ දූෂණ චෝදනා.. - අල්ලස් කොමිසමෙන් විමර්ශන ආරම්භ වෙයි..

වත්මන් කථානායක ජගත් වික්‍රමරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මැදියම් රැයේ සිට වර්ජනයේ..

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලනමය ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් පෙර සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

අතුරුදහන් වූ ඥානසාර හිමි යළි මතුවේ.. ගෝඨාභය, සෞදි සහ නෝර්වේ ඩීල් ගැන හෙළිදරව්වක්..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතාගේ Udaya Gammanpila යූටියුබ් නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන "චෝදනාගාරය" වැඩසටහනට එක්වෙමින් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්, උන්වහන්සේට එරෙහිව සමාජයේ පවතින ප්‍රධාන ආන්දෝලනාත්මක චෝදනා කිහිපයකටම සෘජුව පිළිතුරු ලබා දී තිබේ.

මරාගෙන මැරෙන පුතුන් හැදූ ඊබ්‍රහීම්ලා සහ පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි රවිලා ශානිලා එළියේ.. බුද්ධි අංශ නිලධාරීන් ඇතුළේ.. - විමල් වීරවංශ

පාස්කු ප්‍රහාරය පිළිබඳව පූර්ව දැනුවත් වීමකින් සිටි බවට පුද්ගලයින් අත්අඩංගුවට ගන්නේ නම් ඒ පිළිබඳව පූර්ව දැනුවත් වීමකින් සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, එවකට සිටි පොලිස්පති මෙන්ම රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන අයවළුන් ද මුලින්ම අත්අඩංගුවට ගතයුතුව තිබූ බවත්, මරගෙන මැරෙන පුත්තු දෙන්නා හැදූ ඊබ්‍රහීම් ද දැන් එළියේ සැපෙන් ගතකරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ආණ්ඩුවේ බලු බද්දට පසු තන බද්දකුත් එයි ද?

ශ්‍රී ලංකාවේ සුනඛයින් වසරක් පාසා ලියාපදිංචි කිරීම සහ සුනඛයන් ලියාපදිංචියට ගාස්තුවක් අයකර ගැනීම සම්බන්ධයෙන් නව පනත් කෙටුම්පතක් හදුන්වාදීමට ආණ්ඩුව විසින් පියවර ගෙන ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.