AI පද්ධතිවල අනපේක්ෂිත හැසිරීම් ගැන OpenAI දැඩි අවධානයෙන්..
OpenAI සමාගම සිය කෘත්‍රිම බුද්ධි පද්ධතිවල සිදුවන අනපේක්ෂිත හෝ අවසරයකින් තොර හැසිරීම් පිළිබඳ නිතිපතා වාර්තා පළ කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ සඳහා AI ආකෘතිවල අරමුණු හා මිනිසුන් ලබාදෙන උපදෙස් අතර ඇති විය හැකි නොගැළපීම් හඳුනා ගැනීම, විමර්ශනය කිරීම සහ ප්‍රසිද්ධ කිරීම සඳහා නව රාමුවක්ද OpenAI විසින් හඳුන්වා දී ඇති බව BBC පුවත් සේවය වාර්තා කරයි.
මේ සමග පසුගිය මාස හය තුළ හඳුනාගත් අනපේක්ෂිත හෝ සැලකිලිමත් විය යුතු AI හැසිරීම් සම්බන්ධ සිදුවීම් හයක් පිළිබඳ වාර්තාද නිකුත් කර ඇති අතර, එහි මුල්ම සිදුවීම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී සිදුවූ බවයි සමාගම පවසා ඇත්තේ.
OpenAI සඳහන් කරන්නේ, AI පද්ධති වඩාත් බලවත් හා ස්වයංක්‍රීය වන විට ඒවායේ හැසිරීම් නිර්මාණකරුවන්ගේ අපේක්ෂාවන්ගෙන් වෙනස් විය හැකි බැවින්, ඒවා අධීක්ෂණය කිරීම සහ පාලනය කිරීම සම්බන්ධයෙන් තවදුරටත් අභියෝග පවතින බවයි.
මෙම තත්ත්වය පිළිබඳ අවධානය වැඩිවීමට එක් හේතුවක් වී ඇත්තේ, OpenAI හි AI නියෝජිතයන් පුහුණු කිරීමේදී අභ්‍යන්තර පාලන ක්‍රමවේද මගහැර ගොස්, මෘදුකාංග වේදිකාවක් වන Hugging Face සම්බන්ධයෙන් අනවසර ක්‍රියාකාරකම් සිදුකළ බවට හෙළි වූ සිද්ධියයි.
මීට අමතරව, OpenAI සම්බන්ධ AI නියෝජිතයන් විසින් ජර්මනියේ භාවිතයට නොගත් විකි වෙබ් අඩවියක් අත්පත් කරගැනීම ඇතුළු තවත් සිදුවීම් පිළිබඳවද වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
OpenAI පසුව සඳහන් කර ඇත්තේ, එම විකි සිද්ධිය ආරක්ෂක උල්ලංඝනයක් ලෙස නොසැලකුණු බැවින් එය එම අවස්ථාවේදී ප්‍රසිද්ධ නොකළ බවයි.
කෙසේ වෙතත්, ආරක්ෂක උල්ලංඝනයක් දක්වා නොගිය අවසරයකින් තොර ක්‍රියාකාරකම් වාර්තා කළ යුතු අවස්ථා හඳුනාගැනීම සඳහා නව නිර්ණායක සකස් කිරීමට සමාගම පියවර ගෙන ඇති බව සඳහන්.
නව රාමුව යටතේ OpenAI සේවකයින්ට සැකසහිත AI හැසිරීම් ආරක්ෂක සහ AI alignment කණ්ඩායම් වෙත යොමු කිරීමට හැකි වන අතර, එම සිදුවීම් ප්‍රසිද්ධ කළ යුතුද යන්න එම කණ්ඩායම් විසින් තීරණය කිරීමට නියමිත බවට ද වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමරිකාවේ ඩීසල් මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් ඉහළට ! ඉතිහාසයේ ඉහළම අගය බව විශ්ලේෂකයෝ පවසති !
රජ්ජුරුවන්ගේ කරඬුව ඉවත් කර අලුතින් දළදා කරඬුවක් ආදේශ කිරීම සුදුසුද?.. - අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී හිමියන්ගෙන් විශේෂ අදහස් දැක්වීමක්..
2/3ක බලයක් ලැබුනු කිසිදු ආණ්ඩුවක් සම්පූර්ණ ධුර කාලය ඉඳල නෑ.. - උවිඳු විජේවීර
දුම්රිය වර්ජනය ඇරඹෙයි..
බොරු කියන එක ආත්මගත ක්‍රියාවක් බවට පත්වෙලා.. - වත්මන් ආණ්ඩුවේ දේශපාලන භාවිතාව හා රටේ ඉදිරි දිශානතිය ගැන විමල් වීරවංශගෙන් අනාවරණයක්..
එයාර් බස් ගනුදෙනුවට නාමල් රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව..
ගොවියා අසරණ කර, නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව වනසන මාලිමා රජයේ රහස් ETCA න්‍යාය පත්‍රය ජයන්ත සමරවීර හෙළිකරයි..
නාමල් ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ්..
කථානායකට එරෙහිව බරපතළ දූෂණ චෝදනා.. - අල්ලස් කොමිසමෙන් විමර්ශන ආරම්භ වෙයි..
දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මැදියම් රැයේ සිට වර්ජනයේ..
අතුරුදහන් වූ ඥානසාර හිමි යළි මතුවේ.. ගෝඨාභය, සෞදි සහ නෝර්වේ ඩීල් ගැන හෙළිදරව්වක්..
මරාගෙන මැරෙන පුතුන් හැදූ ඊබ්‍රහීම්ලා සහ පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි රවිලා ශානිලා එළියේ.. බුද්ධි අංශ නිලධාරීන් ඇතුළේ.. - විමල් වීරවංශ
ආණ්ඩුවේ බලු බද්දට පසු තන බද්දකුත් එයි ද?
අගවිනිසුරුවරයාට ලැබුණු වාහන බලපත්‍රවලට මොකද වුනේ?.. - ධර්මශ්‍රී කාරියවසම්ගෙන් හෙළිදරව්වක්
"ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කරා යන අනුර කුමාරගේ පාලනයට එරෙහිව ජාතික බලවේග එකමුතු විය යුතුයි".. – අනුරාධපුරයේදී විමල් වීරවංශගෙන් ප්‍රබල ප්‍රකාශයක්
යේමනයේ හූති බලය තවදුරටත් වර්ධනය වෙයි.. කලාපීය බල තුලනයේ ප්‍රබල වෙනසක් වන ලකුණු!..