කථානායකවරයා ඉල්ලා අස්විය යුතුයි.. - දයාසිරි කියයි
වත්මන් කථානායකවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ විමර්ශනයක් ක්‍රියාත්මක වන බැවින්, ඔහු වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ රූපවාහිනී නාලිකාවක සංවාදයකට එක්වෙමිනි.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 29 යටතේ වරප්‍රසාද ප්‍රශ්නයක් ලෙස මෙය පාර්ලිමේන්තුව හමුවේ මතු කළ බවත්, කථානායකවරයාට එරෙහිව BC/0356/20/26 B 206 යන ගොනු අංකය යටතේ දැනට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් විමර්ශනයක් සිදු කරමින් පවතින බවත් එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
නව දූෂණ විරෝධී පනතේ 107 (2) වගන්තියට අනුව යම් රජයේ සේවකයෙකු හෝ පොදු අධිකාරියක් තමාට සෘජුව හෝ වක්‍රව බලපෑමක් ඇති වන යම් කටයුත්තකට හෝ තීරණයකට සහභාගී වීම හෝ ඡන්දය දීම නොකළ යුතු බව ද දයාසිරි ජයසේකර මහතා මහතා පෙන්වා දෙයි.
එමෙන්ම එවැනි බලපෑමක් සිදු කිරීම රුපියල් මිලියනයකට නොවැඩි දඩයකට හෝ වසර 7ක බරපතළ වැඩ සහිත බන්ධනාගාර ගත කිරීමකට යටත් විය හැකි වරදක් වන බව ද මෙහිදී ඔහු අවධාරණය කළේය.
එසේ තිබියදී, තමාට එරෙහිව පරීක්ෂණයක් ක්‍රියාත්මක වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වාර්ෂික අයවැය පසුගිය 8 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කථානායකවරයා කටයුතු කිරීම නීතිවිරෝධී වන බව ද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..
ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..
රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්
වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ
"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි
කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..
BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..
වසර හතකට පසු චීන ජනපති ඉන්දියාවට..
මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..
"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..