සුනඛයන් වාර්ෂිකව ලියාපදිංචිය අනිවාර්ය කෙරෙන නව පනත් කෙටුම්පතක්.. ලියාපදිංචියට ගාස්තුවක්..
ජලභීතිකා රෝගය මුලිනුපුටා දැමීම, සුනඛ ගහනය විධිමත්ව පාලනය කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් සකස් කරන ලද ‘ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ’ නව පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ නියමය පරිදි නිකුත් කර ඇති මෙම පනත් කෙටුම්පත මගින් මෙතෙක් ක්‍රියාත්මක වූ ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත අහෝසි කර, වඩාත් කාලෝචිත සහ දැඩි නීතිමය රාමුවක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත.
වයස සති හයකට වැඩි සෑම සුනඛයෙකු සඳහාම වාර්ෂිකව ජලභීතිකා මර්දන එන්නත ලබාදීම සහ අදාළ පළාත් පාලන ආයතනය වෙත නියමිත ගාස්තුවක් ගෙවා වාර්ෂිකව ලියාපදිංචි කිරීම අයිතිකරු හෝ භාරකරු විසින් අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය.
සුනඛයන් එන්නත් කිරීම රජයේ හෝ ලියාපදිංචි පශු වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ සිදු කළ යුතු අතර, ඒ සඳහා නිල සහතිකයක් නිකුත් කෙරේ. එම එන්නත් සහතිකය ඉදිරිපත් කර නියමිත ගාස්තු ගෙවීමෙන් අනතුරුව පළාත් පාලන ආයතනය මගින් ලියාපදිංචි අංකයක් සහ ලියාපදිංචි සහතිකයක් නිකුත් කරනු ලබයි.
බලයලත් නිලධාරියෙකු විසින් ඉල්ලා සිටින අවස්ථාවක එන්නත් සහ ලියාපදිංචි සහතික ඉදිරිපත් කිරීමට අපොහොසත් වන හිමිකරුවන්ට ඒ සඳහා දින 14ක සහන කාලයක් හිමිවන අතර, එම කාලය තුළද ලියාපදිංචි නොවන්නේ නම් නියමිත ලියාපදිංචි ගාස්තුවට අමතරව රුපියල් 2,000ක දඩ මුදලක් ගෙවීමට සිදුවේ. අනතුරුව අදාළ පළාත් පාලන ආයතනය විසින් එම සතා එන්නත් කර ලියාපදිංචි කිරීමට පියවර ගනු ඇත.
පොදු ස්ථානවල සුනඛයන් අතහැර දමා යන පුද්ගලයන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයක පවත්වන ලඝු නඩු විභාගයකින් පසු රුපියල් 10,000ක් නොඉක්මවන දඩයක් හෝ මාස 3ක් දක්වා සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම නියම කිරීමට විධිවිධාන සලසා ඇත.
පළාත් පාලන ආයතනයකින් ලබාගන්නා නිල බලපත්‍රයකින් තොරව සුනඛ පැටවුන් අලෙවි කිරීමේ අරමුණින් අභිජනන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, බලපත්‍රලාභී මධ්‍යස්ථානවල සතුන්ට ප්‍රමාණවත් ඉඩකඩ, ආහාර, ජලය සහ සෞඛ්‍යාරක්ෂිත පහසුකම් සැලසීම අනිවාර්ය වේ.
අයාලේ යන සුනඛයන් වන්ධ්‍යාකරණය කිරීම හෝ පුමංගහරණය කිරීම පළාත් පාලන ආයතන මගින් පශු වෛද්‍යවරුන් ලවා සිදු කළ යුතු අතර, සුනඛයෙකු විසින් සිදු කරනු ලබන ආක්‍රමණ හෝ තුවාල කිරීම් සම්බන්ධයෙන් එහි අයිතිකරු සම්පූර්ණයෙන්ම වගකිව යුතුය.
මීට අමතරව, විදේශයන්ගෙන් මෙරටට ආනයනය කරනු ලබන සියලුම සුනඛයන් දින 30ක අවම කාලසීමාවකට යටත්ව නිරෝධායනයට ලක්කිරීමද මෙම පනත් කෙටුම්පත මගින් අනිවාර්ය කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..
වසර හතකට පසු චීන ජනපති ඉන්දියාවට..
මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..
"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි