උපාධි සහතික නැතත් රංවල එන්න.. දුෂණ චෝදනා විභාග වන කතානායක එපා.. - පාර්ලිමේන්තුව උණුසුම් වෙයි..
හිටපු කතානායක අශෝක රන්වලගේ ආචාර්ය උපාධි සහතිකය තමන්ට අවශ්‍ය නැති බවත් වහාම ඔහු කතානායක ධුරයෙහි නැවත පිහිටුවන ලෙසත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.
කථානායකවරයාට එරෙහිව පැවැත්වෙන අල්ලස් කොමිසමේ විමර්ශනය සම්බන්ධයෙන් අද (10) පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අදහස් දක්වන අවස්ථාවේ කතානායකවරයා ඊට අවස්ථාව ලබානොදීම හේතුවෙන් පාර්ලිමේන්තු සභාගර්භයේ ඇති වූ උණුසුම්කාරි තත්ත්වය හමුවේ මන්ත්‍රීවරයා මේ බව කීය.
“තමුන්නාන්සේලාගේ ආණ්ඩුව බලයට එන්න පෙර අපි ආවාම අපේ ආණ්ඩුවේ හොරකම් සිද්ධ වෙනවා නම් අපි ඒවා අල්ලනවා යැයි මැතිවරණ වේදිකාවේ කිව්වා. බලයට ඇවිල්ලත් නීතියට උඩින් කවුරුවත් නැතැයි ජනාධිපතිතුමා කියනවා. කවුරු වැරදි කලත් විමර්ශනය කරන්න ඉඩ දෙන්න ඕන. ඒක පාර්ලිමේන්තුවේ කතා කරන්න කතානායකතුමා ඉඩනොදීම විශාල ප්‍රශ්නයක්.
ඒ වගේම ස්ථාවර නියෝග සම්බන්ධයෙන් අපට තිබෙන අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි මෙතන කතා කරන් නැතුව කොහේ කතා කරන්නද? මීට කලින් හිටපු කතානායකතුමාල මේ වගේ හැසිරුණේ නැහැ. අපරාදෙ සහතිකේ නැති වුණත් කමක් නෑ, රන්වල ගෙනැල්ලා මේ පුටුවේ අපිට ඉන්දන්න තිබුණා.
දැන් අපි කියන්නේ සහතිකේ ඕනේ නෑ, රන්වල ගෙනැල්ලා මේකේ වාඩි කරවන්න. අපි සහතිකය ගැන අහන්නෙත් නෑ. තියෙන සහතික ටික ඇති. රන්වල ගෙනල්ල මේකෙ වාඩි කරවන්න.”
තමන්ට එරෙහිව විමර්ශනයක් ක්‍රියාත්මක වන පසුබිමක කතානායකවරයා එම ධුරයෙහි රැඳී සිටීම සදාචාරාත්මක නොමැති අතර නීතිමය වශයෙන්ද ප්‍රශ්නයක් ඇති බවයි. යම් ආයතනයක ඉහළ නිලධාරියෙක් ගැන පරීක්ෂණයක් සිදුවන්නේ නම් අනිවාර්යෙන්ම එම නිලධාරියා තාවකාලිකව එම ධුරයෙන් ඉවත් විය යුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..