අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන දිලිත්ගේ රිට් පෙත්සම කැඳවයි..
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයක් මගින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි නිගමනය කරමින්, කොටුව මහේස්ත්‍රාන්වරයා විසින් අභියාචනාධිකරණය වෙත කරන ලද යොමු කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකළ රිට් පෙත්සම අද (10) දින අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේ කැඳවන ලදී.
එහිදී පෙත්සම්කාර දිලිත් ජයවීර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ යොමු කිරීම සිදුකර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලද අසම්පූර්ණ තොරතුරු පදනම් කරගෙන බවයි.
ප්‍රශ්නගත රූපවාහිනී සාකච්ඡාවේ කොටස් පමණක් උපුටා දක්වමින් පෙත්සම්කරු අධිකරණයට අපහාස කර බවට වන වැරදි අදහසක් ඇතිවන ආකාරයෙන් හිතාමතාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තොරතුරු මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇති බවද වැඩි දුරටත් පැවසීය.
අදාළ සම්මුඛ සාකච්ඡාවේදී පෙත්සම්කරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය විවේචනයට ලක්කිරීම කර ඇති බවත්, අධිකරණයට අපහාස කිරීමේ කිසිදු චේතනාවක් ඔහු තුළ නොතිබූ බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් නොකළ, අදාළ සාකච්ඡාවේ සෙසු කොටස් පරිශීලනය කිරීමේදී ඒ බව මනාව පැහැදිලි වන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම සිද්ධියට සම්බන්ධිත නඩු කටයුත්තක් එළඹෙන සැප්තැම්බර් මස 14 වනදා කැඳවීමට නියමිතව ඇති බැවින්, මෙම රිට් පෙත්සමද එදිනට කැඳවීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා නියෝග කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..