මම ජනාධිපතිතුමාට පුතා කීවේ නෑ.. බොරු ප්‍රචාර ගැන කනගාටු වෙනවා..
ජනාධිපති අනුර දිසානායක මහතාට තමා පුතා යැයි ආමන්ත්‍රණය කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව කතරගම දේවාලයේ හොරණෑ වාදන ශිල්පී ජේමිස් ගුරුන්නාන්සේ පවසයි.
තමන් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රවෘත්තිය පිළිබඳ කනගාටු වන බවත් දළදා පෙරහැර මංගල්‍යයට පසු සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවේදී තමා එතුමාට ආමන්ත්‍රණය කළේ ජනාධිපතිතුමනි යනුවෙන් බවද ඔහු අවධාරණය කරයි.
පෙරහැරේ ශිල්පීන්ට සහතිකපත් ප්‍රදානය ආරම්භ කළේ ප්‍රේමදාස ජනාධිපතිවරයා බවත් තමා චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී යන ජනාධිපතිවරුන් අතින් සහතික ලබා ඇති බවත් ජේමිස් ගුරුන්නාන්සේ ප්‍රකාශ කරයි.
අනුර ජනාධිපතිතුමා මගෙන් විස්තර අහලා එතුමා මට “දීර්ඝායුෂ ලැබේවා!” කිව්වාම මම “ඔබතුමාටත් බුදු සරණයි!” කීවා යැයි ඔහු ප්‍රකාශ කරයි.
මූලාශ්‍රය - දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..