News Category
From Date
To Date
Maximum Number of Result

පවුලේ වෛද්‍යවරයා සංකල්පය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාව නිදහස් සෞඛ්‍ය බිලිදෙන ව්‍යාපෘතියක් නොවිය යුතුයි.. - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව.

Sep 7, 2026 at 11:39 AM
|

රෝහල්වල බාහිර රෝගී අංශවල තදබදය අඩු කිරීම සඳහා "පවුලේ වෛද්‍යවරයා" සංකල්පය හඳුන්වා දීම ප්‍රශස්ත පියවරක් වුවද, එය නිදහස් සෞඛ්‍යයට හානි වන හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට යටවන ව්‍යාපෘතියක් බවට පත් නොකර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

පවතින සෞඛ්‍ය පද්ධතිය තුළ ප්‍රතිපාදන අවභාවිතය, නිලධාරීවාදය, ඖෂධ හා උපකරණ හිඟය සහ නිසි ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම වැනි ගැටලු රැසක් පවතින බව පෙන්වා දෙන ඒ මහතා, මෙම නව සංකල්පය හදිසියේ ජනගත කිරීමට යාමෙන් පෞද්ගලික රෝහල් වෙත ජනතාව තල්ලු වී නැති-බැරි පරතරය තවත් වැඩි විය හැකි බවටද අනතුරු අඟවයි.

ඒ මහතා මේ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනය පහලින්..

---++++----+++----+++---

පවුලේ වෛද්‍යවරයා සංකල්පය ලංකාවේ රෝහල් පද්ධතියට හඳුන්වා දෙන්න ඕන.. ලංකාවේ ප්‍රධාන පෙළේ රෝහල්වල බාහිර රෝග අංශයේ අධික තදබදය අඩු කිරීම සඳහා මූලික නියාමන ක්‍රමවේදයක් ලෙස මෙම සංකල්පය හඳුන්වා දිය හැකි බව ඉතා පැහැදිලියි.. පවුලේ වෛද්‍යවරයා සංකල්පය හඳුන්වා දෙන්න එවකට පැවති රජයන් සෘජුව බිය වෙන්න හේතු උනේ එක ජනප්‍රිය දේශපාලන සටන් පාඨයක් නොවීම.. ඒ වගේම තමයි සෞඛ්‍ය සේවය වෘත්තිය සමැතිවලින් මතුවන අධික ප්‍රතිරෝධයත් ඒකට හේතුවක් වුණා.. මේ ප්‍රතිරෝධය හා ජනප්‍රිය ජන මතයන් ගැටීම තමන්ගේ මැතිවරණවලදී අහිතකර ලෙස බලපාන බව ඉතා පැහැදිලි නිසා බොහෝ දෙනෙක් මේකට අත තියන්න බිය වුණා...

2015 යහපාලන රජය මේ සංකල්පය ක්‍රියාත්මක කිරීමේ මූලික අදියර ආරම්භ කළා හැබැයි ඒක ප්‍රායෝගික තත්ත්වයට පත් කරන්න අසමත් වුණේ එවකට පැවැති සමාජ දේශපාලන වාතාවරණය.. දැන් මේ සංකල්පය ආරම්භ කරන්න වර්තමාන රජය දරණ උත්සාහය ප්‍රශස්ත උවත්, අප අමතක නොකළ යුතු මූලික පාදම ගණනාවක් මෙහිදී සමීප නීරීක්ෂණයට ලක් කළ යුතුයි..

1-අයවැයෙන් සෞඛ්‍යයට වෙන්කරන ප්‍රතිපාදන වලින් සියයට පනහක්වත් ප්‍රායෝගිකව මිනිසුන්ට ප්‍රතිඵල ලබා දෙන්න බැරි සෞඛ්‍ය පද්ධතියක්..

2-ලෝක බැංකුව ආසියානු සංවර්ධන පදනම  යුනිසෙෆ් ආයතනය හා ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන ප්‍රතිපාදනවලින් තිහක්වත් ප්‍රායෝගිකව මිනිසුන්ට ප්‍රතිපාදන ලබා දෙන්න බැරි සෞඛ්‍ය පද්ධතියක් 

3-එකිනෙකට සමාන හා සමාන්තර  ව්‍යාපෘති ගණනාවක් වෙනුවෙන් වාර්ෂිකව ඩොලර් බිලියන ගානක් කාපාසිරියා කරන සෞඛ්‍ය පද්ධතියක් (පෝෂණය සඳහා පමණක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අංශ ගණනාවක් තියෙනවා) 

4-ඩොලර් බිලියන ගානක් ව්‍යාපෘති  ප්‍රතිපාදන වෙන් කරමින් ව්‍යාපෘති ආරම්භ කළත් ඒවා අධ්‍යනය සඳහා නිලධාරීන් විදෙස් සංචාරවල නිරතවීමෙන්ට අමතරව ඒවා මහපොළොව යථාර්ථයක් බවට පත් නොකරන සෞඛ්‍ය පද්ධතියක්..

5-කොළඹ ප්‍රධාන පෙළේ හෝටල්වල work shop විතරක් තියෙන , වව්චර් හදාගෙන මුදල් යටි මැටි ගහන නිලධාරීවාදය හැර. එතනින් එහාට ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක නොවන සෞඛ්‍ය පද්ධතියක්

6-සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොරිඩෝවල ඩොලර් බිලියන ගානක ප්‍රතිපත්ති ප්‍රකාශන මුද්‍රණය කොට ඇති කාවන් විසින් පමණක් ඒවා කියවන සෞඛ්‍ය පද්ධතියක් 

7-රාජ්‍යන් සමඟ විවිධ ගිවිසුම් අත්සන් කළත් එම ලැබෙන ප්‍රතිපාදනවලින් වෛද්‍ය සැපයුම නිසි පරිදි පවත්වාගෙන යන්න බැරි ශල්‍ය උපකරණ සැපයීම නිසි පරිදි පවත්වාගෙන යන්න බැරි ටෙන්ඩර් මාසයාවට යට වෙච්ච නිලධාරීවාදය සහිත සෞඛ්‍ය පද්ධතියක්..(පිළිකා වෛද්‍ය ප්‍රතිකාර උපකරණ ගේන්න ගිවිසුම් අත්සන් කරපු වාර අනන්තයි අදටත් ප්‍රතිඵල බින්දුවයි) 

8-විගණනය මගින් දිගින් දිගටම ඩොලර් බිලියන ගානක මුදල් අවභාවිතාව හෙළි කරනුත් විනය විගණනය සහ විමර්ශනය සිදු නොවන සෞඛ්‍ය පද්ධතියක්...

9-මෙරට සෞඛ්‍ය පද්ධතිය රාජ්‍ය අංශය විතරක් නෙමෙයි එයට පුද්ගලික අංශය බද්ධ වෙලා තිබෙනවා. මේ දෙක සමාන හා සමාන්තරව විශ්ලේෂණය කළ යුතු සෞඛ්‍ය පද්ධතියක්..

10-ප්‍රායෝගිකව

 ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක්, ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්, 

ජාතික ප්‍රතිජීවක ඹෘෂධ ප්‍රතිපත්තියක්,

ජාතික ප්‍රාදේශීය සෞඛ්‍ය ප්‍රතිපත්තියක් 

පළාත් සභා සඳහා අනන්‍ය වෙත සෞඛ්‍ය ප්‍රතිපත්තියක් 

සෞඛ්‍ය පද්ධතියේ මානව සම්පත් කළමනාකරණය සඳහා ජාතික ප්‍රතිපත්තියක් 

සෞඛ්‍ය පද්ධතියෙන් මානව සම්පත සඳහා නිශ්චිත වැටුප් ප්‍රතිපත්තියක් 

සෞඛ්‍ය පද්ධතියේ විශේෂඥ වෛද්‍යවරු වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීම සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් 

විශේෂඥ වෛද්‍යයක් කුසලතා ඉහල නැංවීම සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් 

නොමැති සෞඛ්‍ය පද්ධතියක්..

11-රෝග වැළැක්වීමට ඩොලර් මිලියන ගානක් වියදම් කරන මුත් , එම රෝග වළක්වා නොගැනීම නිසා දියවැඩියාව ඇතුළු රෝග රැසක් නිසා  සැලකිය යුතු ප්‍රමාණයක් මිය යන, රෝග වළක්වා ගැනීමේ වැඩසටහන් සඳහා වියදම් කරන මුදල්වල කාර්යක්ෂමතාව සම්බන්ධ ප්‍රශ්න තියෙන සෞඛ්‍ය පද්ධතියක්..

12-එකම සංකල්පය නැවත නැවත විවිධ මුහුණුවර වලින් පැමිණ ඩොලර් බිලියන ගානක් නාස්ති කරන නමුත් මහජනතාවට ප්‍රතිඵල නොමැති සෞඛ්‍ය පද්ධතියක්..

13. ලෝකෙ අනිත් රටවල් දියුණු තාක්ෂණය සමඟ ඉදිරියට ගමන් කරද්දී අපි තවමත් දශක තුනක් තිස්සේ සාපේක්ෂව එක තැන පල් වන සෞඛ්‍ය පද්ධතියක්..

14. නිදහස් සෞඛ්‍ය ප්‍රතිලාභ උපරිම වශයෙන් මහජනතාවට ලබා දෙනවා වෙනුවට නිලධාරීන් කීපදෙනෙකුගේ පෞද්ගලික ධනය තරකර ගැනීම සඳහා පමණක් ක්‍රියාත්මක වන සෞඛ්‍ය පද්ධතියක්..

15. සෞඛ්‍ය අමාත්‍යාංශය රාජ්‍යා ඹෘෂධ  සංස්ථාව , නියාමන අධිකාරිය,වෛද්‍ය සැපයුම් ඒකකය, හා පළාත් සෞඛ්‍ය එකිනෙකට වෙනස් නිසි නායකත්වයක් නොමැතිව විවිධ පාරවල ගමන් කරන සෞඛ්‍ය පද්ධතියක්...

16. සෞඛ්‍ය ආර්ථික විද්‍යාව , කාල කළමනාකරණය, සංචාරක සෞඛ්‍ය කර්මාන්තය ,තාක්ෂණික රෝහල් පද්ධති දියුණු කිරීම ඇතුළු නූතන කාලීන සංකල්ප සමග ජනගත නොවුණු,  සෞඛ්‍ය පද්ධතියක්..

වෙනස් නොකොට..

කෙටියෙන්ම කියනවනම් සීතල කාමරවලින් බැහැල නිදහස් සෞඛ්‍ය සම්ප්‍රේෂණය කරන්න ඕන කියලා ආකල්ප නැති සෞඛ්‍ය පරිපාලකයන් අතලොස්සක් මගින් ඉතා දරුණු විදියට බුවල්ලෙකු විදියට විනාශ කරපු සෞඛ්‍ය පද්ධතියක් , නව අදහස්වලින් පෝෂණය කිරීමේ ප්‍රතිරෝධය, ක්‍රමිකව සම්ප්‍රේෂණය කළ යුතුයි. 

විශේෂඥ වෛද්‍යවරු වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වැටුප ඉක්මවා ගිය දේව කාරියක් ලෙස සිදු කරන රාජකාරිය නිසා සැකිල්ලක් බවට පත් නොකොට ජාත්‍යන්තරය ඉහළින්ම පවතින සෞඛ්ය පද්ධතියක්, ඒ තත්ත්වය අඛණ්ඩවම පවත්වාගෙන යමින් පවුල් වෛද්‍යවරයා සංකල්පයට ක්‍රමිකව වෙනස් කිරීම පාර්ශ්වවල නිසි අවබෝධය හා සහයෝගය ඇති සිදු කිරීමේ වගකීම රජය සතු යි.. නැතිනම් නැවත ඇති නැති පරතරය හරහා ඇති මිනිසුන් පුද්ගලික රෝහල්ගතවීමත් නැති මිනිසුන්ට තවත්  මාර්ග බාධකයක් නිර්මාණය වීමත් බවට පවු‍ලේ වෛද්‍යවරයා පත් කර නොගැනීම හා ගෝඨාභයගේ කාබනික පොහොර ප්‍රතිපත්තිය ජනගත කිරීමේ හදිස්සිය අධ්‍යනය කළ යුතුයි..

හැම ලෙඩාටම ඇඳක් වෙනුවට, හැම ලෙඩාටම කොත්තමල්ලි කෝප්පයක් දෙන තරමට ලගු නොකළ යුතු, දේශපාලන සටන් පාට වලින් උත්ප්‍රේරණය කොට තවදුරටත් මුලාවට පත් කළ නොහැකි ජනතාවක් වෙත , නිදහස් සෞඛ්‍යයට අත නොතබා බලාපොරොත්තු වන සේවාව වඩා ප්‍රශස්ත ලෙස ලබාදෙන සෞඛ්‍ය පද්ධතියක් බවට පත්කළ යුතු වැඩපිළිවෙළක ආරම්භයක් ලෙස පමණක්ම භාවිතා විය යුතු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උගුලේ හිර නොවන, නිදහස් සෞඛ්‍යයේ මළගම නොලියවන  පවුලේ වෛද්‍යවරයාට සුභපැතුම්..!.

2027/09/06 දින ආණ්ඩුවට අවුරුදු තුනයි- රටට...!!

ජන රැලි මාලාවේදී ප්‍රගතිය අහන තෙක්..

- වෛද්‍ය චමල් සංජීව.

සම්බන්ධිත පුවත් | Related News

කිසිදු භාණ්ඩයක් මෙරටට නොගෙන්වා, ව්‍යාජ ආනයන ගෙවීම් ලෙස අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස රටින් බැහැරට යවා ඇති බවට ශ්‍රී ලංකා රජය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එරට බලධාරීන් සමඟ මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළ බව Daily Mirror පුවත්පත වාර්තා කරයි.
ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් නැවතත් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට පළවන වාර්තාත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
සෞදි අරාබියේ දමාම් සහ රියාද් දක්වා ක්‍රියාත්මක සියලු ගුවන්ගමන් අත්හිටුවීම නොවැම්බර් පළමු වනදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේමැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට සිර දඬුවම් නියම වීමෙන් පසුව පූජ්‍ය ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් යළි නොවැම්බර් 18 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (22) නියම කළේය.
උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.
පවතින වැසි අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් වාන් මට්ටමට පැමිණ තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැටි රුවක් සකසා මහසෝන් යක්ෂයා ආරූඪ කරමින් සහ හිස සත්කඩකට පැළී මියයන ලෙස ශාප කරමින් සිදුකරන මන්ත්‍ර හා යාතුකර්ම පිටුපස ඇත්තේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමේ සෘජු කුමන්ත්‍රණකාරී චේතනාවක් බවත්, ඒ පිළිබඳව ආරක්ෂක අංශ වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ‘ජන බලය සාමූහිකය’ සංවිධානය අවධාරණය කරයි.
අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.