පවුලේ වෛද්‍යවරයා සංකල්පය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාව නිදහස් සෞඛ්‍ය බිලිදෙන ව්‍යාපෘතියක් නොවිය යුතුයි.. - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව.
රෝහල්වල බාහිර රෝගී අංශවල තදබදය අඩු කිරීම සඳහා "පවුලේ වෛද්‍යවරයා" සංකල්පය හඳුන්වා දීම ප්‍රශස්ත පියවරක් වුවද, එය නිදහස් සෞඛ්‍යයට හානි වන හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසිවලට යටවන ව්‍යාපෘතියක් බවට පත් නොකර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
පවතින සෞඛ්‍ය පද්ධතිය තුළ ප්‍රතිපාදන අවභාවිතය, නිලධාරීවාදය, ඖෂධ හා උපකරණ හිඟය සහ නිසි ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම වැනි ගැටලු රැසක් පවතින බව පෙන්වා දෙන ඒ මහතා, මෙම නව සංකල්පය හදිසියේ ජනගත කිරීමට යාමෙන් පෞද්ගලික රෝහල් වෙත ජනතාව තල්ලු වී නැති-බැරි පරතරය තවත් වැඩි විය හැකි බවටද අනතුරු අඟවයි.
ඒ මහතා මේ සම්බන්ධයෙන් නිකුත්කළ නිවේදනය පහලින්..
---++++----+++----+++---
පවුලේ වෛද්‍යවරයා සංකල්පය ලංකාවේ රෝහල් පද්ධතියට හඳුන්වා දෙන්න ඕන.. ලංකාවේ ප්‍රධාන පෙළේ රෝහල්වල බාහිර රෝග අංශයේ අධික තදබදය අඩු කිරීම සඳහා මූලික නියාමන ක්‍රමවේදයක් ලෙස මෙම සංකල්පය හඳුන්වා දිය හැකි බව ඉතා පැහැදිලියි.. පවුලේ වෛද්‍යවරයා සංකල්පය හඳුන්වා දෙන්න එවකට පැවති රජයන් සෘජුව බිය වෙන්න හේතු උනේ එක ජනප්‍රිය දේශපාලන සටන් පාඨයක් නොවීම.. ඒ වගේම තමයි සෞඛ්‍ය සේවය වෘත්තිය සමැතිවලින් මතුවන අධික ප්‍රතිරෝධයත් ඒකට හේතුවක් වුණා.. මේ ප්‍රතිරෝධය හා ජනප්‍රිය ජන මතයන් ගැටීම තමන්ගේ මැතිවරණවලදී අහිතකර ලෙස බලපාන බව ඉතා පැහැදිලි නිසා බොහෝ දෙනෙක් මේකට අත තියන්න බිය වුණා...
2015 යහපාලන රජය මේ සංකල්පය ක්‍රියාත්මක කිරීමේ මූලික අදියර ආරම්භ කළා හැබැයි ඒක ප්‍රායෝගික තත්ත්වයට පත් කරන්න අසමත් වුණේ එවකට පැවැති සමාජ දේශපාලන වාතාවරණය.. දැන් මේ සංකල්පය ආරම්භ කරන්න වර්තමාන රජය දරණ උත්සාහය ප්‍රශස්ත උවත්, අප අමතක නොකළ යුතු මූලික පාදම ගණනාවක් මෙහිදී සමීප නීරීක්ෂණයට ලක් කළ යුතුයි..
1-අයවැයෙන් සෞඛ්‍යයට වෙන්කරන ප්‍රතිපාදන වලින් සියයට පනහක්වත් ප්‍රායෝගිකව මිනිසුන්ට ප්‍රතිඵල ලබා දෙන්න බැරි සෞඛ්‍ය පද්ධතියක්..
2-ලෝක බැංකුව ආසියානු සංවර්ධන පදනම යුනිසෙෆ් ආයතනය හා ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන ප්‍රතිපාදනවලින් තිහක්වත් ප්‍රායෝගිකව මිනිසුන්ට ප්‍රතිපාදන ලබා දෙන්න බැරි සෞඛ්‍ය පද්ධතියක්
3-එකිනෙකට සමාන හා සමාන්තර ව්‍යාපෘති ගණනාවක් වෙනුවෙන් වාර්ෂිකව ඩොලර් බිලියන ගානක් කාපාසිරියා කරන සෞඛ්‍ය පද්ධතියක් (පෝෂණය සඳහා පමණක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අංශ ගණනාවක් තියෙනවා)
4-ඩොලර් බිලියන ගානක් ව්‍යාපෘති ප්‍රතිපාදන වෙන් කරමින් ව්‍යාපෘති ආරම්භ කළත් ඒවා අධ්‍යනය සඳහා නිලධාරීන් විදෙස් සංචාරවල නිරතවීමෙන්ට අමතරව ඒවා මහපොළොව යථාර්ථයක් බවට පත් නොකරන සෞඛ්‍ය පද්ධතියක්..
5-කොළඹ ප්‍රධාන පෙළේ හෝටල්වල work shop විතරක් තියෙන , වව්චර් හදාගෙන මුදල් යටි මැටි ගහන නිලධාරීවාදය හැර. එතනින් එහාට ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක නොවන සෞඛ්‍ය පද්ධතියක්
6-සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොරිඩෝවල ඩොලර් බිලියන ගානක ප්‍රතිපත්ති ප්‍රකාශන මුද්‍රණය කොට ඇති කාවන් විසින් පමණක් ඒවා කියවන සෞඛ්‍ය පද්ධතියක්
7-රාජ්‍යන් සමඟ විවිධ ගිවිසුම් අත්සන් කළත් එම ලැබෙන ප්‍රතිපාදනවලින් වෛද්‍ය සැපයුම නිසි පරිදි පවත්වාගෙන යන්න බැරි ශල්‍ය උපකරණ සැපයීම නිසි පරිදි පවත්වාගෙන යන්න බැරි ටෙන්ඩර් මාසයාවට යට වෙච්ච නිලධාරීවාදය සහිත සෞඛ්‍ය පද්ධතියක්..(පිළිකා වෛද්‍ය ප්‍රතිකාර උපකරණ ගේන්න ගිවිසුම් අත්සන් කරපු වාර අනන්තයි අදටත් ප්‍රතිඵල බින්දුවයි)
8-විගණනය මගින් දිගින් දිගටම ඩොලර් බිලියන ගානක මුදල් අවභාවිතාව හෙළි කරනුත් විනය විගණනය සහ විමර්ශනය සිදු නොවන සෞඛ්‍ය පද්ධතියක්...
9-මෙරට සෞඛ්‍ය පද්ධතිය රාජ්‍ය අංශය විතරක් නෙමෙයි එයට පුද්ගලික අංශය බද්ධ වෙලා තිබෙනවා. මේ දෙක සමාන හා සමාන්තරව විශ්ලේෂණය කළ යුතු සෞඛ්‍ය පද්ධතියක්..
10-ප්‍රායෝගිකව
ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක්, ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්,
ජාතික ප්‍රතිජීවක ඹෘෂධ ප්‍රතිපත්තියක්,
ජාතික ප්‍රාදේශීය සෞඛ්‍ය ප්‍රතිපත්තියක්
පළාත් සභා සඳහා අනන්‍ය වෙත සෞඛ්‍ය ප්‍රතිපත්තියක්
සෞඛ්‍ය පද්ධතියේ මානව සම්පත් කළමනාකරණය සඳහා ජාතික ප්‍රතිපත්තියක්
සෞඛ්‍ය පද්ධතියෙන් මානව සම්පත සඳහා නිශ්චිත වැටුප් ප්‍රතිපත්තියක්
සෞඛ්‍ය පද්ධතියේ විශේෂඥ වෛද්‍යවරු වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීම සඳහා වන ජාතික ප්‍රතිපත්තියක්
විශේෂඥ වෛද්‍යයක් කුසලතා ඉහල නැංවීම සඳහා වන ජාතික ප්‍රතිපත්තියක්
නොමැති සෞඛ්‍ය පද්ධතියක්..
11-රෝග වැළැක්වීමට ඩොලර් මිලියන ගානක් වියදම් කරන මුත් , එම රෝග වළක්වා නොගැනීම නිසා දියවැඩියාව ඇතුළු රෝග රැසක් නිසා සැලකිය යුතු ප්‍රමාණයක් මිය යන, රෝග වළක්වා ගැනීමේ වැඩසටහන් සඳහා වියදම් කරන මුදල්වල කාර්යක්ෂමතාව සම්බන්ධ ප්‍රශ්න තියෙන සෞඛ්‍ය පද්ධතියක්..
12-එකම සංකල්පය නැවත නැවත විවිධ මුහුණුවර වලින් පැමිණ ඩොලර් බිලියන ගානක් නාස්ති කරන නමුත් මහජනතාවට ප්‍රතිඵල නොමැති සෞඛ්‍ය පද්ධතියක්..
13. ලෝකෙ අනිත් රටවල් දියුණු තාක්ෂණය සමඟ ඉදිරියට ගමන් කරද්දී අපි තවමත් දශක තුනක් තිස්සේ සාපේක්ෂව එක තැන පල් වන සෞඛ්‍ය පද්ධතියක්..
14. නිදහස් සෞඛ්‍ය ප්‍රතිලාභ උපරිම වශයෙන් මහජනතාවට ලබා දෙනවා වෙනුවට නිලධාරීන් කීපදෙනෙකුගේ පෞද්ගලික ධනය තරකර ගැනීම සඳහා පමණක් ක්‍රියාත්මක වන සෞඛ්‍ය පද්ධතියක්..
15. සෞඛ්‍ය අමාත්‍යාංශය රාජ්‍යා ඹෘෂධ සංස්ථාව , නියාමන අධිකාරිය,වෛද්‍ය සැපයුම් ඒකකය, හා පළාත් සෞඛ්‍ය එකිනෙකට වෙනස් නිසි නායකත්වයක් නොමැතිව විවිධ පාරවල ගමන් කරන සෞඛ්‍ය පද්ධතියක්...
16. සෞඛ්‍ය ආර්ථික විද්‍යාව , කාල කළමනාකරණය, සංචාරක සෞඛ්‍ය කර්මාන්තය ,තාක්ෂණික රෝහල් පද්ධති දියුණු කිරීම ඇතුළු නූතන කාලීන සංකල්ප සමග ජනගත නොවුණු, සෞඛ්‍ය පද්ධතියක්..
වෙනස් නොකොට..
කෙටියෙන්ම කියනවනම් සීතල කාමරවලින් බැහැල නිදහස් සෞඛ්‍ය සම්ප්‍රේෂණය කරන්න ඕන කියලා ආකල්ප නැති සෞඛ්‍ය පරිපාලකයන් අතලොස්සක් මගින් ඉතා දරුණු විදියට බුවල්ලෙකු විදියට විනාශ කරපු සෞඛ්‍ය පද්ධතියක් , නව අදහස්වලින් පෝෂණය කිරීමේ ප්‍රතිරෝධය, ක්‍රමිකව සම්ප්‍රේෂණය කළ යුතුයි.
විශේෂඥ වෛද්‍යවරු වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වැටුප ඉක්මවා ගිය දේව කාරියක් ලෙස සිදු කරන රාජකාරිය නිසා සැකිල්ලක් බවට පත් නොකොට ජාත්‍යන්තරය ඉහළින්ම පවතින සෞඛ්ය පද්ධතියක්, ඒ තත්ත්වය අඛණ්ඩවම පවත්වාගෙන යමින් පවුල් වෛද්‍යවරයා සංකල්පයට ක්‍රමිකව වෙනස් කිරීම පාර්ශ්වවල නිසි අවබෝධය හා සහයෝගය ඇති සිදු කිරීමේ වගකීම රජය සතු යි.. නැතිනම් නැවත ඇති නැති පරතරය හරහා ඇති මිනිසුන් පුද්ගලික රෝහල්ගතවීමත් නැති මිනිසුන්ට තවත් මාර්ග බාධකයක් නිර්මාණය වීමත් බවට පවුලේ වෛද්‍යවරයා පත් කර නොගැනීම හා ගෝඨාභයගේ කාබනික පොහොර ප්‍රතිපත්තිය ජනගත කිරීමේ හදිස්සිය අධ්‍යනය කළ යුතුයි..
හැම ලෙඩාටම ඇඳක් වෙනුවට, හැම ලෙඩාටම කොත්තමල්ලි කෝප්පයක් දෙන තරමට ලගු නොකළ යුතු, දේශපාලන සටන් පාට වලින් උත්ප්‍රේරණය කොට තවදුරටත් මුලාවට පත් කළ නොහැකි ජනතාවක් වෙත , නිදහස් සෞඛ්‍යයට අත නොතබා බලාපොරොත්තු වන සේවාව වඩා ප්‍රශස්ත ලෙස ලබාදෙන සෞඛ්‍ය පද්ධතියක් බවට පත්කළ යුතු වැඩපිළිවෙළක ආරම්භයක් ලෙස පමණක්ම භාවිතා විය යුතු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උගුලේ හිර නොවන, නිදහස් සෞඛ්‍යයේ මළගම නොලියවන පවුලේ වෛද්‍යවරයාට සුභපැතුම්..!.
2027/09/06 දින ආණ්ඩුවට අවුරුදු තුනයි- රටට...!!
ජන රැලි මාලාවේදී ප්‍රගතිය අහන තෙක්..
- වෛද්‍ය චමල් සංජීව.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..