ඉරාන යුද්ධයෙන් තාර හිඟයක්.. - ඉදිකිරීම් ක්ෂේත්‍රය අර්බුදයක..
ඉරානය සම්බන්ධයෙන් පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් ගල්ෆ් කලාපයෙන් තාර ගෙන ඒමට ඇතිවී තිබෙන බාධා, ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක මාර්ග සංවර්ධන ව්‍යාපෘති අඩාල කිරීමට හේතුවිය හැකි බවට දේශීය ඉදි කිරීම් ක්ෂේත්‍රය අනතුරු අඟවයි.
සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඉදි කිරීම් කර්මාන්ත මණ්ඩලයේ (CCI) ලේකම් ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු කර්නල් (විශ්‍රාමික) නිශ්ශංක එන්. විජේරත්න පෙන්වා දුන්නේ, 2026 අයවැය මගින් වෙන් කරන ලද ප්‍රාග්ධන වියදම්වලින් සැලකිය යුතු කොටසක් මාර්ග ව්‍යාපෘති සඳහා වෙන්කර ඇති බවයි.
කෙසේ වෙතත්, පවතින ගල්ෆ් අර්බුදය හමුවේ බිටුමින් ලබාගැනීමේදී මතුව ඇති දුෂ්කරතා හේතුවෙන්, දැනටමත් අර්බුදයට ලක්ව ඇති දේශීය ඉදි කිරීම් ක්ෂේත්‍රය නැවතත් දැඩි බලපෑමකට ලක්විය හැකි බවට ඔහු අවධාරණය කළේය.
මාර්ග ඉදි කිරීමේ ප්‍රධාන අමුද්‍රව්‍යය තාර වන අතර, බිටුමින් සපයා ගැනීමේ අපහසුතාව පිළිබඳව මාර්ග කොන්ත්‍රාත්කරුවන්ගෙන් දැනටමත් පැමිණිලි ලැබෙමින් පවතින බවයි විජේරත් සඳහන් කළේ.
"අපට අවශ්‍ය තාර වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ ගල්ෆ් කලාපයෙන්. ඉරාන යුදමය වාතාවරණය නිසා දැන් අපට තාර ගෙන්වා ගැනීමේදී විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුව තිබෙනවා. මාර්ග ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කර තිබුණත්, අපට බිටුමින් ලැබෙන්නේ කොහෙන්ද?" යනුවෙන් ඔහු ප්‍රශ්න කර සිටියේය.
තාර යනු ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදනයක් බැවින්, ශ්‍රී ලංකාවේ බිටුමින් ආනයනය සඳහා ගල්ෆ් කලාපය මත දැඩි ලෙස රඳා පවතින බවත්, එයින් වැඩි ප්‍රමාණයක් ඉරානයෙන්ම ලබාගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙම බිටුමින් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඉන්දුනීසියාව වැනි විකල්ප වෙළඳපොළක් දෙස බැලිය හැකි වුවද, ගල්ෆ් කලාපයෙන් බිටුමින් සැපයුම අඩාල වීම හේතුවෙන් වෙළඳපොළ තුළ විශාල හිඟයක් නිර්මාණය වී ඇති බවයි විජේරත්න පවසා සිටියේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..