20ට අවශ්‍ය වූ ජනමත විචාරණය 22ට කැප නැත්තේ ඇයි?.. – සජිත් අසයි..
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට එදා විපක්ෂයේ සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ නම්, අද ඉදිරිපත් කර ඇති 22 වැනි සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන්නේ ඇයි දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි.
ඔහු මේ බව සඳහන් කළේ, සමගි වනිතා බලවේගයේ රත්තොට ආසන බල මණ්ඩලය පිහිටුවීමේ රැස්වීමට එක්වෙමින්.
එහිදී විපක්ෂ නායකවරයා සඳහන් කළේ, එදා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ අවස්ථාවේ ජනමත විචාරණයක් අවශ්‍ය බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළ බවයි.
එසේ නම්, අද 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ප්‍රකාශ සිදුකරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.
මේ අතර ජනාධිපතිවරයා මේ දිනවල රට පුරා යමින් සිදුකරන වැඩසටහන් "පච චාරිකා" බවට විපක්ෂ නායකවරයා චෝදනා කරයි.
ජනතාවගේ සැබෑ හදගැස්ම හඳුනා ගැනීමට අවශ්‍ය නම් එවැනි චාරිකා වෙනුවට පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසද ඔහු ජනාධිපතිවරයාට අභියෝග කළේය.
ජනාධිපතිවරයාගේ බේරුවල පැවැත්වෙන රැස්වීම හේතුවෙන් මුහුදු ගිය ධීවරයන්ට බේරුවල වරායට පැමිණීමට බාධා වන ආකාරයේ පොලිස් නිවේදනයක් නිකුත් කර ඇති බවටද ජනතාවට හිරිහැරයක් නොවන ආකාරයෙන් රැස්වීමක් පැවැත්වීමට පවා ජනාධිපතිවරයාට නොහැකි වී ඇති බවයි ඔහු කියා සිටියේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන මූලධර්මය කෘරත්වය, හිංසනය සහ ජනතා අයිතිවාසිකම් කප්පාදු කිරීම බවටද විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
ජනතාවගේ දුක නිවාලීම වෙනුවට එය තවදුරටත් වර්ධනය කරමින් සිටින බවත්, මේ හේතුවෙන් මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු රජයට අමතක වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
ආණ්ඩුවේ දෙවසර සැමරුම්වල ප්‍රධාන තේමාව "අවුරුදු දෙකයි – රටට සුබයි" වුවද, එය ජනතාවට සුබදායක වී නොමැති බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ ජනතාවට ලබාදෙන බවට පොරොන්දු වූ සහන තවමත් නොලැබුණු බවත්, වරායෙන් ගොඩබාන මිලට ඉන්ධන ලබාදීම සහ විදුලි බිල සියයට 32කින් අඩු කිරීම වැනි පොරොන්දු ද ඉටු කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..