නිමල් පෙරේරා ලංකාවෙන් පලා ගොස් වසර 13ක්.. නාමල් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු ලබාදුන් ප්‍රකාශයකින් පමණයි.. - සාගර කාරියවසම්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ 2013 වසරේ සිදුවූ බව කියන එයාර් බස් ගනුදෙනුවක් අදාල කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි. 2013 වසරේදී මහින්ද රාජපක්ෂ රජය විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනුවෙන් එයාර් බස් යාත්‍රා 8ක් මිලදී ගැනීමට ගිවිසුම් ගැසු බවත්, 2015 බලයට පත් යහපාලන රජය එම ගිවිසුම අවලංගු කිරීම නිසා රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 116ක (රුපියල් බිලියන 37කට අධික) දැවැන්ත පාඩුවක් සිදු වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම සිදුවීමට සම්බන්ධ බවට චෝදනා එල්ල වන නිමල් පෙරේරා මීට පෙර පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබුණේ අදාළ ගිණුම් සමඟ තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. නමුත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ඔහු ඕස්ට්‍රේලියාවේ සිට ලබා දුන් ප්‍රකාශයක් මත පමණක් පදනම්ව නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම බරපතළ ගැටලුවක් බව ලේකම්වරයා කියා සිටියේය.
එමෙන්ම, මීට පෙර මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා මිය යාමට පෙර අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙමින්, මහින්ද රාජපක්ෂ මහතාගේ නම පවසන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ට මරණීය තර්ජන එල්ල කර බලපෑම් කළ බව අනාවරණය කර තිබූ බව ද සාගර කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළේය.
කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් හෝ බැංකු වාර්තාවක් නොමැතිව, පූර්ණ දේශපාලන පළිගැනීමේ චේතනාවෙන් පමණක් වත්මන් රජය මෙම ක්‍රියාවලිය මෙහෙයවන බවත්, මෙය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..