නිමල් පෙරේරා ලංකාවෙන් පලා ගොස් වසර 13ක්.. නාමල් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු ලබාදුන් ප්‍රකාශයකින් පමණයි.. - සාගර කාරියවසම්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ 2013 වසරේ සිදුවූ බව කියන එයාර් බස් ගනුදෙනුවක් අදාල කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි. 2013 වසරේදී මහින්ද රාජපක්ෂ රජය විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනුවෙන් එයාර් බස් යාත්‍රා 8ක් මිලදී ගැනීමට ගිවිසුම් ගැසු බවත්, 2015 බලයට පත් යහපාලන රජය එම ගිවිසුම අවලංගු කිරීම නිසා රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 116ක (රුපියල් බිලියන 37කට අධික) දැවැන්ත පාඩුවක් සිදු වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම සිදුවීමට සම්බන්ධ බවට චෝදනා එල්ල වන නිමල් පෙරේරා මීට පෙර පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබුණේ අදාළ ගිණුම් සමඟ තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. නමුත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ඔහු ඕස්ට්‍රේලියාවේ සිට ලබා දුන් ප්‍රකාශයක් මත පමණක් පදනම්ව නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම බරපතළ ගැටලුවක් බව ලේකම්වරයා කියා සිටියේය.
එමෙන්ම, මීට පෙර මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා මිය යාමට පෙර අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙමින්, මහින්ද රාජපක්ෂ මහතාගේ නම පවසන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ට මරණීය තර්ජන එල්ල කර බලපෑම් කළ බව අනාවරණය කර තිබූ බව ද සාගර කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළේය.
කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් හෝ බැංකු වාර්තාවක් නොමැතිව, පූර්ණ දේශපාලන පළිගැනීමේ චේතනාවෙන් පමණක් වත්මන් රජය මෙම ක්‍රියාවලිය මෙහෙයවන බවත්, මෙය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..