නාමල් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්.. ජන රැළිය නවත්වන්නේ නෑ.. - පොහොට්ටුවෙන් මාධ්‍ය නිවේදනයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම, ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එල්ල කළ දැඩි ප්‍රහාරයක් සහ දේශපාලන පළිගැනීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
පක්ෂයේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් යුතුව අද (05) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් ඔවුන් සඳහන් කරන්නේ, එළඹෙන සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුර නගරයේ පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබූ දැවැන්ත ජන රැළිය නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් සංවිධානය වෙමින් තිබූ බවත්, එම ජන රැළියට ලැබෙමින් පැවති ඉහළ ජනප්‍රසාදය හමුවේ බියට පත් ආණ්ඩුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.
අත්අඩංගුවට ගැනීමට පදනම් වී ඇත්තේ මීට පෙර අවස්ථා කිහිපයකදී පොලිසියට සහ අධිකරණයට පරස්පර ප්‍රකාශ ලබාදුන්, අපරාධ චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකුගෙන් ඕස්ට්‍රේලියාවේදී ලබාගත් විශ්වාසනීයත්වයකින් තොර ප්‍රකාශයක් බව සඳහන් කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, නාමල් රාජපක්ෂට එරෙහි සියලු චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරයි.
තමන් බලයේ සිටියදී දූෂණ විරෝධී නීති සම්මත කළේ දූෂණය පිටුදැකීමට මිස, රාජ්‍ය ආයතන අවභාවිත කරමින් දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය කිරීමට නොවන බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
කෙසේ වෙතත්, නායකයෙකු සිරගත කළද ඔහුගේ දර්ශනය සහ ජනතා බලවේගය මර්දනය කළ නොහැකි බව පවසන පොදුජන පෙරමුණ, සැප්තැම්බර් 12 වැනිදා පැවැත්වීමට නියමිත අනුරාධපුර මහ ජන රැළිය සැලසුම් කළ පරිදිම වඩාත් ශක්තිමත්ව පවත්වන බවත්, එබැවින් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකලාපයට එරෙහිව සාමකාමීව හඬ නැගීම සඳහා සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයට රැස්වන ලෙසත් එම නිවේදනය මගින් සඳහන් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..