එන්නත් 160,000ක් තිබියදීත් ඒවා පිළිකා රෝගීන්ට දෙන්නේ නෑ.. - රවි කුමුදේශ්ගෙන් චෝදනා..
පිළිකා රෝගීන්ගේ කිමෝ තෙරපි (Chemotherapy) ප්‍රතිකාරවලදී අත්‍යවශ්‍ය වන ‘ෆිල්ගැස්ටිම්’ එන්නත් මාත්‍රා 160,000ක් මෙරට පවතිද්දීත්, එම එන්නත් තොගය රෝගීන්ට ලබා නොදීම දැඩි කනගාටුදායක තත්ත්වයක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරයි.
ආනයනය කර ඇති එන්නත්වල ලේබල් නොමැති බව පවසමින් මෙලෙස භාවිතයට නොගෙන තබා ගැනීම බරපතළ ප්‍රශ්නයක් බවත්, පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා දිනකට ෆිල්ගැස්ටිම් එන්නත් මාත්‍රා 900ක් පමණ අවශ්‍ය වන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.
මෙම එන්නත කිමෝ තෙරපි ප්‍රතිකාරවලින් පසුව රෝගීන්ගේ ශරීරයේ සුදු රුධිරාණු මට්ටම පහත වැටීම නිසා ඇතිවිය හැකි ආසාදන වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය එකකි. මෙරට පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා මාසයකට එන්නත් මාත්‍රා 27,500ක් අවශ්‍ය වන අතර, මහරගම අපේක්ෂා රෝහලට පමණක් මසකට මාත්‍රා 9,000ක් අවශ්‍ය වේ.
පවතින මෙම තත්ත්වය හමුවේ අදාළ එන්නත් තොගය ඉක්මනින් රෝගීන්ට ලබාදීමට හැකි වන පරිදි ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) වහාම සුදුසු තීරණයක් ගත යුතු බව ද ඒ මහතා පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..