නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම ගැන එජාපය හෙළා දකියි..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතික පක්ෂය දැඩිව හෙළා දැක තිබේ.
එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මේ මස 12 වනදා අනුරාධපුරයේදී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පැහැදිලි බවයි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට රට පුරා රැස්වීම් පැවැත්වීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නාමල් රාජපක්ෂටද හිමිවිය යුතු බව එජාපය අවධාරණය කරයි.
එම අයිතිය උදුරා ගැනීම නූතන ශිෂ්ට සම්පන්න සමාජය කිසිසේත් අනුමත නොකරන බවද එම නිවේදනයේ සඳහන්.
මාලිමාව ආණ්ඩුවේ මෙවැනි ක්‍රියා හමුවේ රජය දිනෙන් දින අසරණ වෙමින් පවතින බවත්, අත්අඩංගුවට ගැනීම් තුළින් ජනතා නායකයින්ට ඇති ජනතා ප්‍රසාදය නැති කළ නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..