ජූලි මාසයේ තේ, පොල් සහ ඇඟලුම් අපනයන ආදායම පහළට..
2026 ජූලි මාසයේදී ශ්රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,233.4ක් ලෙස වාර්තා වී තිබේ.
ශ්රී ලංකා මහ බැංකුවේ ජූලි මාසයට අදාළ බාහිර අංශ බුලටින් වාර්තාවට අනුව, එය 2025 ජූලි මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 1,302.2ට සාපේක්ෂව සියයට 5.3ක අඩුවීමකි.
එම මාසයේ කෘෂිකාර්මික අපනයන ආදායම ඩොලර් මිලියන 272.7ක් වූ අතර, 2025 ජූලි මාසයේදී එය ඩොලර් මිලියන 310.1ක් ලෙස වාර්තා වී තිබිණි.
ජූලි මාසයේ තේ අපනයන ආදායම ඩොලර් මිලියන 116.7ක් ලෙස වාර්තා වී ඇති අතර, එය පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව සියයට 17.2ක අඩුවීමකි.
පොල් අපනයන ආදායම ඩොලර් මිලියන 52.7ක් දක්වා පහළ ගොස් ඇති අතර, එය 2025 ජූලි මාසයට සාපේක්ෂව සියයට 10.9ක අඩුවීමකි.
මේ අතර, කාර්මික අපනයන ආදායමද 2025 ජූලි මාසයේ ඩොලර් මිලියන 984.6 සිට 2026 ජූලි මාසයේදී ඩොලර් මිලියන 958.2ක් දක්වා සියයට 2.7කින් පහළ ගොස් තිබේ.
එම මාසයේ ශ්රී ලංකාවේ ප්රධාන අපනයන කාණ්ඩයක් වන රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 439.3ක් ලෙස වාර්තා වී ඇති අතර, එය 2025 ජූලි මාසයට සාපේක්ෂව සියයට 8.7ක අඩුවීමකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..