ජූලි මාසයේ තේ, පොල් සහ ඇඟලුම් අපනයන ආදායම පහළට..
2026 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,233.4ක් ලෙස වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ජූලි මාසයට අදාළ බාහිර අංශ බුලටින් වාර්තාවට අනුව, එය 2025 ජූලි මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 1,302.2ට සාපේක්ෂව සියයට 5.3ක අඩුවීමකි.
එම මාසයේ කෘෂිකාර්මික අපනයන ආදායම ඩොලර් මිලියන 272.7ක් වූ අතර, 2025 ජූලි මාසයේදී එය ඩොලර් මිලියන 310.1ක් ලෙස වාර්තා වී තිබිණි.
ජූලි මාසයේ තේ අපනයන ආදායම ඩොලර් මිලියන 116.7ක් ලෙස වාර්තා වී ඇති අතර, එය පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව සියයට 17.2ක අඩුවීමකි.
පොල් අපනයන ආදායම ඩොලර් මිලියන 52.7ක් දක්වා පහළ ගොස් ඇති අතර, එය 2025 ජූලි මාසයට සාපේක්ෂව සියයට 10.9ක අඩුවීමකි.
මේ අතර, කාර්මික අපනයන ආදායමද 2025 ජූලි මාසයේ ඩොලර් මිලියන 984.6 සිට 2026 ජූලි මාසයේදී ඩොලර් මිලියන 958.2ක් දක්වා සියයට 2.7කින් පහළ ගොස් තිබේ.
එම මාසයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන කාණ්ඩයක් වන රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 439.3ක් ලෙස වාර්තා වී ඇති අතර, එය 2025 ජූලි මාසයට සාපේක්ෂව සියයට 8.7ක අඩුවීමකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..